ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, December 30, 2012

ඔබ මට තරුවකි 31


මිනිස් සම්බන්ධතා ඔහොම තමයි.
ගොඩනැගෙනවා...බිදවැටෙනවා....ආයේ ගොඩනැගෙනවා. ලෝකෙ ඉන්නේ එකම විදියට හිතන අයනම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ.දෙමාපියෝ දරුවො දිහා බලන්නේ එක විදියකට.දරුවෝ දෙමාපියෝ දිහා බලන්නෙ තවත් විදියකට.දෙගොල්ලොම වෙලාවකට ආත්මාර්ථකාමී වෙනවා.වැඩියෙන් ආත්මාර්ථකාමී වුනු අය දිනනවා.ඒත් ඒ අය දන්නේ නෑ පැරදුනු අය පැරදුනේ දිනපු අය ගැන හිතපු නිසා කියලා.ඒක තේරෙන කොට මුලින් දිනපු අයත් විදවන්න පටන් අරන් ඉවරයි.”

පිවිසෙන්න.... "නවකථාව" පිටුවට

Monday, December 24, 2012

සුභ නත්තලක්!!!

කිතු බැතිමත් රසවතුනි ඔබට සුභම සුභ නත්තලක්!!!



Thursday, December 6, 2012

කිරි ආතා‍ ගේ කතා

ඕන්න ගොඩකාලෙකට පස්සේ කිරි ආතා ඊයේ රැ මට හීනෙන් පෙනුනා.ඉතිං එයායි මායි පුංචි චැට් එකක් දැම්මා.මේ පෝස්ට් එකේ තියන්නේ මට උදේ අවදිවෙද්දි මතක තිබුනු කොටස විතරයි.ඕං කියවලා බලන්නකෝ....

ආතා: හහ් හහ් හා.........!!!
මං: ග්හෑ.... මේ මොකෙක් ද?

Wednesday, November 14, 2012

කැවුම් කීයද?

කලකට පසුව ඔයාලා හමු‍‍‍වෙන්න ආ‍වෙ රසම රස ගණිත ගැටළුවකුත් අර‍‍ගෙනයි.රසයි කීවෙ ‍කැවුම් ගැන තියන නිසා.
‍‍මේකයි සිද්ධිය:

ඔන්න යාළු‍‍වො ති‍‍‍දෙ‍නෙක් ගමනක් යන්න පිටත්වුනා ලු. A,B,C කියලා හිතමු‍කෝ. හැබැයි ගි‍‍යේ හිස් අතින් ‍නෙ‍වෙයි, කැවුම් මල්ලකුත් අර‍‍ගෙනයි.

Monday, November 12, 2012

සාදර ඇරයුමයි!!

පසු ගිය කාලය තුල  අපිට මෙම අඩවිය යාවත්කාලීන කිරීමට බැරිවුනා. ඒකට සමාවෙන්න. දැන් හරි... ඔන්න අපි ආයෙත් ආවා.ගණිතගැටළු,කාලීන සාකජ්ජා,"ඔබ මට තරුවකි-නවකතාව" ආදි ඔබ රස විදි සියළු රසාංග සමගින් අපි ඉදිරියේදි ඔබ හමුවෙන්න සූදානම්.

ඉතින් එන්න ආපේ මිතුදම් යදම් කරන්නට....

Sunday, October 7, 2012

Again we apologize from you,because we have problem with updating this site.we try to solve this problems as soon as possible.Sorry for inconvenience.... Stay with us!!!!

APAGE MEMA ADAWIYA YAWATHKALINA KIRIME DHOSHA ATHIWIMAK HETHUWEN
OBA HA SAMAGA NEWATHA MUNAGESIMA THARAMAK PAMA WIYA HEKI BAWA KARUNAWEN SALAKANNA. DIGATAMA APA SAMAGA RENDHI SITINNA.!!!

Friday, September 28, 2012

වතුර ලීටර් හතරක් මැනලා දෙන්න පුළුවන් ද?

අපිට තවත් ගණිත ගැටළුවක් ලැබුනා.මේක දුන්නෙත් නිමේෂ් කියලා අපේ හිතවතෙක්. බොහෝ දෙනා මේවගේ සීන්වලට එන්ටර් වෙන්න කැමති නිසා අපි හිතුවා ඔයාලත් එක්ක මේ ගැටළුව විසදන්න... එහෙම හොදයි නේ?(අනික ‍හෙට පෝය නිසා ලංකාවෙ අයට නිවාඩුනේ.)මේකයි සීන් එක:

ඔන්න දිය උල්පතක් තිබුනළු, එතන ලීටර් පහේ (05) භාජනයකුයි

Saturday, September 22, 2012

ඔබ මට තරුවකි 27

“හරි හරි අන්කල් දැන් ඒවා ඉවරයි.. දිනිතිට මොකුත් කියන්න එපා.මාත් ටිකක් ලේට්වුනා නේ.”විකුම් දිනිති දෙස බලනගමන් කිව්වා.

“බලන්න මේ දරුවා කොච්චර ඔයා ගැන හිතනවද? වැරැද්ද කලේ ඔයා වෙලත් එයා ඒක බාරගන්න හදනවා.” දේවිකා දිනිති දෙස බලා කීවා.

“ඒකත් මෙයාගේ කපටිකමක් කියලා අම්මලාට තේරෙන්නේ නැති හැටි.”දිනිති සිතුවා.

රසවිදින්න... පිවිසෙන්න... "නව කථාව" පිටුවට

Saturday, September 8, 2012

මෙන්න තව එකක්...!

ඔයාලා ගණිත ගැටළුවලට ගොඩක් කැමතියි වගේ දැනුනු නිසා අපි තවත් පුංචි ගැටළුවක් දෙන්න කල්පනා කළා.මේක මල් ප්‍රශ්නයක්!

ඕං එක ලග පන්සල් 03ක් තිබුනළු. ඒ පන්සල් තුනේම පොකුණු 03ක් තිබුනළු. හරිය?

ඉතින් මේ පොකුණුවල මැජික් වතුරළු තිබුනෙ.(පිස්සු කථා නේ) දවසක් මිනිහෙක් ආව ලු මල් දෝතක් අරගෙන පන්සලට.පොකුණෙන් මල් දෝවනය කළා ලු.බොලේ!! මල් ටික ඩබල් වුනාලු.

Thursday, September 6, 2012

පුංචි ගණිත ගැටළුවක්... ලිහලා බලමුද?

මේක අපේ යාළුවෙක් තමා කිව්වේ.ඔයාලත් මේවගේ වැඩවලට කැමති නිසා කියන්න හිතුවා.මේකයි සීන් එක:

ඔන්න එක ගහක අතු දෙකක් තිබුනළු,(ගහටම තිබුනේ අතු දෙක ද කියලා අහන්න එපා.) එයින් උඩ අත්තේ කුරුල්ලො යම් ප්‍රමාණයක් සිටියළු.පහළ අත්තෙත් යම් ප්‍රමාණයක් කුරුල්ලෝ සිටියළු.ඉතින් උඩ අත්තෙන් කුරුල්ලකේ ඇවිත් යට අත්තේ වැහුවොත් අතු දෙකේ සිටින කුරුල්ලන් ගණන සම සම වෙනවාළු, යට එකෙන් කුරුල්ලෙක් උඩ අත්තට ගියොත් යට අත්තේ සිටින කුරුල්ලන් ගණන වගේ දෙගුණයක් උඩ අත්තෙ ඉන්නවා ළු.(මේ අවස්ථාවන් වෙන වෙනම සිදුවේ යයි සිතන්න.)

හරි නේ...

එහෙනම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න අතු වල සිටි කුරුල්ලන් ගණන වෙන වෙනම?

අපැහැදිලි නම් ඒකත් කියන්න ‍හරි ද?

ආ තව දෙයක් කියන්න ඕන අපේ නව කථාව කොහොම හරි ලබන ඉරිදා යාවත්කාලීන කරනවා.අපි ඒ කතාව කියවන අයව අපහසුතාවයට පත්කරනවා නෙවි.කාර්ය්‍ය බහුලතාව නිසා නරවුල් මනසින් ඒක ලියන්න වෙන්නෙ නෑ. ඒ නිසා අනන්මනන් ලියලා සහෘදයින් අමාරුවේ දාන්නත් බෑ නේ...අපි කෙසේවත් කථාව අතර මග නවත්වන්නෙ නම් නෑ.අනිවා!!! දිගටම අපිත් සමග රැදීසිටින්න... ස්තූතියි.

Monday, July 30, 2012

ඕං ඒ පුරස්නෙත් විසදුවා...

සී ලංකාවේ පුරස්න විසදන පහසු ක්‍රම. කිරි පැණි කාටූනය...


Saturday, July 21, 2012

මහ නාහිමිවරුනි, කාලෝ අයන්තේ...

පසුගිය සති කීපය තුළ මහත් කථාබහට ලක්වු මාතෘකාවක් වූයේ පූජ්‍ය පක්ෂයට මැතිවරණ සදහා තරග කිරිම වැළැක්වීමට විපක්ෂ මන්ත්‍රීවරයකු ගෙනා පෞද්ගලික යෝජනාවකි.සැබවින්ම එය කාළෝචිතයයි අපි ද සිතමු.(එය අපේ මතය පමණි.රටේ මතය නොවිය හැක.)එහෙත් ධර්මරාජ්‍යයක් සැදීමට පෙරට ආ පිරිසක් එම යෝජනාව නිසා විය යුතු ලෙසටම කුළප්පු විය.මේ ගැන රූපවාහිනි නාලිකා හරහා සාකජ්ජා ද පැවැත් වීය. එහිදී ධර්මරාජ්‍යවාදීන් ගෙනා තර්කයක් වුයේ භික්ෂුණ්ට නීති පැනවීමට ගිහියන්ට අයිතියක් නැති බවත්,මහනාහිමිවරුන් හරහා යෝජනාව ආවානම් පිලිගැනීමට තිබූ බවත් ය. 

Saturday, June 9, 2012

නිහඩ බව බිදිමු...!

මේ පෝස්ට් එක දාන්නේ අපි අපේ මිතුරුමිතුරියන් වෙත ඉක්මනින්ම නැවත එනවා කියන්නයි. ඔබේ සුහදකම තවදුරටත් අප සමග තබාගන්න...

කියන්න, ලියන්න බොහෝ දේ තියනවා. ඉතින්, තව ටික දිනක් ඉවසන්න... සියල්ල සූදානම්


Tuesday, May 29, 2012

මදක් නිහඩ වෙමු!

මිතුරු/මිතුරියනි,

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරිම තවත් සති දෙකක් පමණ ගතවනතුරු නොහැකිවන බව හිතවත් ඔබට මෙසේ දැනුම්දී සිටිමු.
"නව කතාව' සහ අනෙක් විශේෂාංග රස විදි ඔබට යම් අපහසුවක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධව කණගාටුව පළකර සිටිමු.
හැකි ඉක්මනින් හමුවීමට බලාපොරොත්තුවන අතර දිගටම අපසමග බැදි මිතුදම රැකගනු ඇතැයි අපි සිතමු.

ඔබට ස්තුතියි!!!

Monday, May 21, 2012

SF නිදහස්....!


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද දින නිදහස් කරනු ලැබ තිබේ.මේ උතුම් මිනිසා සියළු ශ්‍රී ලාංකිකයන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකසා දිමට එනම් කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගාදමන්නට අභීත නායකත්වයක් ලබාදුන් පුද්ගලයකු බව මුළු රටම එක සිතින් පිලිගන්නා කරුනකි.

ජනපතිගේ සේනාධිනායකත්වයත් ආරක්ෂක ලේකම්තුමාගේ අභීත මගපෙන්වීමත් ආශිර්වාද කරගත් මෙතුමා සියළු යුධ සේනාංක ජයග්‍රාහී මාවතට ගෙනගියේය.

අවාසනාවට ජනපතිවරණයෙන් පරාජයවීමත් සමග අත්අඩංගුවට පත් මෙතුමා‍ විවිධ චෝදනා මත හා විධිමත් අධිකරණ තීන්දු ඔස්සේ සිරගත කොට තබන ලදී.

කෙසේ වෙතත් අවසානයේ අපට නිදහස දී නිදහස නැතිවු මේ උතුම් මිනිසාට නිදහස ලැබී තිබේ.ඒ නිදහස ලබාදීමට දායකවු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා සියළු දෙනාට ජනතාවගේ ස්තුතිය හිමිවිය යුතුය.

දැන් සරත් ෆොන්සේකා මහතාගෙන් ජනතාව යමක් බලාපොරොත්තු වේ.එය නිසි ලෙස තේරුම් ගෙන එක් එක් පක්ෂවල අමනයින් ගේ කීම් වලට නොරැවටි,ජනතා සිතුම් ඉටුකළ යුතුවේ.එය ඔහුට හදවතින්ම ආශිර්වාද කරන මිනිසුන් වෙනුවෙන් කළයුතු යතුකමකි.එය ගග ගලන අතටම පාවීයාමක් නොවිය යුතුය.


Tuesday, May 15, 2012

කිරි ආතා ගේ කතා

එලොව ගිය අපේ කිරි ආතා ඉදහිට මට හීනෙන් පෙනෙන්නේය. එසේ පෙනීසිටින ඔහු මනස්ගාත දොඩවන්නේය. අදසිට ඒ බහුභුත ටිකක් ඔබටත් කියන්නට මට හිතුනේය.කිරිආතා කී දේ ලියනවා මිස මා හිතා ලියන මගුලක් මෙහි නැත. ඒ නිසා මේ ලියන දෙවල්වල වගකීම ඔහු බාරගතයුතුය. ගැටළුවක් ඇත්නම් මළඋන් ගෙන්වන තැනකට ගොස් අපේ කිරි ආතා සිහිකරගෙන සිට ඔහු ගෙන්වා ප්‍රශ්න කරත්වා!


සිහින අංක 01

ආතා:
භූ හහ් හහ් හා.... පොඩි මුණුපුරෝ උඹ නිදිද?.... ෂැහ් ඇහුවෙම ගොං ප්‍රශ්නයක් නෙව.නිදි නැත්නං හිනෙට කනෙක්ට් උනේ කොහොමද?

Sunday, May 6, 2012

“අම්මෙ... මේ.... පොඩි දෙයක් තියනවා කියන්නත්.” නිශා මුට්ටිය දැම්මා.
“මොකක්ද දරුවෝ”
“මේ.... දිනිතිගේ පොඩි සම්බන්ධයක් තියනවා මේ.... එයා ඉස්කොලෙක සර් කෙනෙක්. හරි හොදකෙනෙක්”

සම්පුර්ණයෙන් කියවීමට කරුණාකර නව කථාව පිටුව බලන්න...

Saturday, May 5, 2012

මෙත් සිත් පිබිදෙන සුභ වෙසක් දිනයක් වේවා!!

සිදුහත් බෝසත් උපත , බෝසතාණන්වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පැමිණීම , බුදුරජුන් ගේ මහා පරිණිර්වාණය යන තෙමගුල සිදුවු වෙසක් පොහොය දිනයකි අද. ඔබ සහ මම බුදුමග යන පිරිසක් ලෙස උන්වහන්සේට ගෞරව දැක්විම සදහා ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජා ද සිදුකිරීම අතිශය වැදගත් වේ.අපට කල හැකි පහසුම පූජාව නම් පංච දුෂ්චරිතයෙන් වැළකි පන්සිල් සුරකිමින් ජීවත් වීමයි.ඒ සදහා අද පමණක් නොව සෑම විටම උත්සාහ කලයුතුය.

            " සබ්භ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
              සචිත්තපරි යෝදපණං   - ඒතං බුද්ධානුසාසනං" 

                                                                           

Sunday, April 22, 2012

වචන දහසක් = එක් සිතුවමක්

සිතුවමක රේඛා, වර්ණ ඔබේත් මගේ සිතුවිලි අකුරුවලට වඩා මැනවින් විග්‍රහකර දක්වනු ඇත.හෙට උපදින දරුවා වෙනුවෙන් අදම පැළයක් සිටුවාතබන්න...!



Saturday, April 21, 2012

ඔබ මට තරුවකි 16

මිතුරන් ගියපසු අපේ පෙම් යුවල මන්දාලෝකයේ කතාබහ ඇරඹුවා. ඒත් නිහඩව.

“ඔයාට මොකක්ද අර කියන්න තියනවා කිව්වේ.” අවිශ්ක විමසුවා.
“නෑ පොඩි දෙයක්, මම පස්සේ කියන්නම්.”

“ඇයි ඒ... දැන් කියන්න.”
“මේ... මම ඔයාට පොඩි තෑග්ගක් ගත්තා.

"නව කථාව" බලන්න...

Tuesday, April 17, 2012

නියම පොලිස්!!!


ඔන්න එක්තරා විශේෂ පුහුණුවක් සදහා ආසියා රටවල් කීපයක පොලිස් රාළහාමිලා 02 බැගින් ඇමරිකන් පුහුණු කදවුරකට කැදෙව්වා ලු. ඉතින් අපේ රට ඇතුලුව ඉන්දියාව, පාකිස්ථානය,බංග්ලාදේශය යන රටවලින් දෙන්නා බැගින් ගියාලු. මාස 03 පුහුණුවකට තමා කැදවලා තිබුනේ.

ඔන්න ඉතින් පණ යන පුහුණුවක් දීලා ෆයිනල් ‍අසයින්මන්ට් එක විදියට කට්ටියම හිම කන්දක් ලගට අරන් ගියාලු.අළුයම පට්ට සීතලේ සෙට් එකම සීරුවෙන් තියපු ලොක්කා කිව්වලු:

Tuesday, April 10, 2012

සිතුවිලි පවුර: මල් කැකුළකට ජීවය...

මෙය "සිතුවිලි පවුර" බ්ලොග් අඩවියෙන් උපුටා ගැනීමකි-සංවේදී ඔබ වෙනුවෙන් අප මෙය පළකරන්නේ මුල් ලිපිය මගහැරුනි නම් නැවත කියවා තීරණයක් ගැනීම සදහාය.සම්පූර්ණ ලිපිය සිතිවිලි පවු‍ර අඩවියේ ඇත.එයට පිවිසෙන්න....(http://sithuwili-pawra.blogspot.com/     දිනය:10/04/2012)

"මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර.

Wednesday, April 4, 2012

අතීත අවුරුද්දේ අවතාරය

චාර්ල්ස් ඩිකන්ස් ගේ "ක්‍රිස්මස් කැරෝල්"කතාව කියවපු අය දන්නවා නේ අර නපුරු මිනිහට හොද නරක කියාදෙන්න ආපු අවතාර තුන ගැන. එයින් පළමු කෙනා නේ අතීත නත්තලේ භුතාත්මය. ඉතින් අපි හිතුවා අපි කුඩාකල අවුරුදු සමරපු ආකාරය ඒ අයුරින් සිහිපත් කරන්න.ඔන්න පාසල් නිවාඩු දීපු ගමන් ගමේ සිට පුංචිඅම්මා කෙනෙක් හරි මාමා කෙනෙක් හරි අපේ නිවසට එනවා.

Friday, March 30, 2012

අහසින් වැටුනා

ගොඩදෙනෙක් පාසල් සිදුවීම් ලියන නිසා අපිත් හිතුවා පොඩි සීන් එකක් දාන්න. මේක සිදුවුනේ අපේ සගයකුට හා ඔහුගේ යාළුවෙක්ට. 13 වසරේ ඉන්නකොට ගොඩක් අය අන්තිම මාස කීපයේ පාසල් යන්නේ නෑ නේ.ඒත් මේ කියන දවසේ අපේ සගයයි යාළුවෝ 03කුයි පාසල් ගිහින් තිබුනා.එදා පන්තියටම ඉදලාතියන්නේ මේ 04 විතරයි.ඉතින් ඔහොම ඉන්නකොට ඉන්ටර්වල් එකෙන් පස්සේ පට්ට කම්මැලි කමක් දැනිලා.අන්තිම පීරියඩ් කරන ටීචර්නුත් නැතිලු. ඔහොම ඉන්නගමන් එක්කෙනෙක් කිව්වලු "ගෙදර යමන්" කියලා.

Saturday, March 24, 2012

සර්පයින් ලගතබාගෙන සිටි හිමිවරු දෙදෙනෙක් ඝාතනය කෙරෙති!

පසුගියදා හද සසල කරවන පුවතක් අසන්නට ලැබිනි.රෑ 9ට පමණ පැමිනි දෙදෙනෙකු විසින් කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබීම ඒ පුවතයි.පසුව වාර්තාවූයේ එම පාහර ඝාතකයින් දෙදෙනා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වු බවයි.පොලිස් නිළ සුනඛයින් ගේ සහායද ඊට ලැබීතිබුනි. ඒ සියල්ලටම වඩා

Wednesday, March 21, 2012

මීලගට..... සංගණන මැජික්!!

දැනට විකාශය වන "බේරගනියෝ ජිනීවා ආවෝ" නාට්‍ය අවසන්වු පසු "සංගණන මැජික්" වැඩසටහන විකාශය වීමට තිබේ. ඔබේ නිවසටත් සංගණන නිළධාරීන් පැමිණ අඩුමකුඩුම අරං ගියා නේද? මෙහෙත් ආවා. දැං හරි. ඊලග සංදර්ශනයට සියල්ල සූදානම්.

Saturday, March 17, 2012

කෝ ඒ රුපියල.(බස් හුටපටයක් නෙවි)

හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියලු.ඒත් අපිට හමුඋනා උත්තරයක් නැති ප්‍රශ්නයක්??? මේක ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. දන්නා අය ඇති.ඒත් හරි උත්තරයක් දන්න අය ඉන්නවාද දන්නෙ නෑ.අපි උත්තරේ දන්නෙත් නෑ හරිය!
මෙන්න මේකයි පුරස්නෙ.

Thursday, March 15, 2012

අභියෝගය???

අපි 2012/03/13 දින දක්වා ක්‍රියාත්මක කල අභියෝගය බාර ගන්න කිසිම ජෝතිෂ්‍යවේදියෙක් ඉදිරිපත් උනේ නෑ.තමන් හම්බකරන් කන දේට අභියෝගයක් එල්ල උනාම ඒ වෙනුවෙන් පෙනීසිටින්නවත් මේ අයට කො ... දක් නැද්ද? සමහර විට අභියෝගයට සූදානම් වෙන්නත් හොද නැකතක් බැලුවද දන්නේ නෑ. එතකොට කල් පැනලා.හිහ්!!

Sunday, March 11, 2012

අභියෝගය තාම විවෘතයි.. ජෝතීර් වේදින් කෝ? රාහු ගිලලා ද?

අපි මීට පෙර පෝස්ට් එකෙන් ("උදාන වාක්‍යත් සුරේට...") මේ රටේ ජෝතීර්වේදීන්ට පුංචි අභියෝගයක් කළා.ඒත් තාම කවුරුවත් වැඩේ භාර ගෙන නෑ.අන්තර්ජාලයේ පවා ජෝතිෂ්‍ය කටයුතු කරන දස්ස අය ඉන්නවා නේ? සමහර විට මේක දකින්න නැතුව ඇති(මේවගේ ඒවා පේනවා අඩුයි).2012 /03/13 උදේ 10 වෙනකල් විවෘතයි. මෙන්න නැවත....

Friday, March 9, 2012

උදාන වාක්‍යත් සුරේට දාන්න ලු

අපිට පත්තර කොළ කෑල්ලක් හමුඋනා. හැබැයි ඒක ටිකක් පරණයි. 2010 සැප්.17 එකක්. දිවයින පත්තරේට එන අතිරේකයක්. නම නැකත.ජ්‍යෝතිෂ්‍ය පත්තරයක්.(අපි ගෙවල්වලට වැද්දගන්නේ නැති අතිරේකයක්.කඩේක බඩු ඔතලා දිපු එකක්.) ඒකේ එක ජ්‍යෝතිෂ්‍යකරුවෙක් අමුතු වැඩක් දාලා තිබුනා.

Tuesday, March 6, 2012

සිරිස දම්සර

හෙට මැදින් පුන් පෝය දිනය නේ.හෙට බොහොමයක් රූපවාහිනි නාලිකා සිල් ගන්නවා.ඒ ව‍ගේම එක්තරා සිංහල නාලිකාවක් හැර අනෙක් ගුවන්විදුලි නාලිකාත් එහෙමයි.(කාටත් ඉහලින්ම පායනවා කියන්නේ).ඉතින් හෙට නිවාඩු තියන නිසා ගෙදර ඉන්නවා නම් (පන්සල් ගිහින් සිල් සමාදන් නොවෙන අය)ගෙදර සිට මේ නාලිකාවල විකාශය කරන වටිනා දහම් වැඩසටහන් නරඹා ඒ තුලින් පහන් සිත් ඇතිකරගන්න පුලුවන්.

Friday, March 2, 2012

ඔයා හොල්මන් විශ්වාස කරනවා ද?

හොල්මන් කියලා දෙයක් මේ ලොකෙ නෑ කියන අයත් හිතයටින් ඒක විශ්වාස කරනවා වෙන්න පුලුවන්.ඒ කියන්නේ කුතුහලය වගේ වචන මේ සදහා භාවිතා කරන්නත් පුලුවන්.කොහෙම උනත් පහත අපි පලකරලා තියන්නේ විදෙස් රටක සෝපානයක CCTV කැමරාවක සටහන්ව තිබූ දර්ශනයක්. කැමති අය බලන්න.ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? ඇත්තක් වෙන්න පුලුවන් ද?





Thursday, March 1, 2012

බූරු ප්‍රශ්නයක්?

අලුත් මාසයක් ආරම්භ උනා නේද? ඉතින් මා‍සෙ මුලම බුරු මාතෘකාවක් දැම්මා කියලා හිතන්න එපා.මේ මාතෘකාව බූරු උනාට මේක පොඩි ගණිත ගැටලුවක්. අපි කල්පනා කරා බ්ලොග් එකකින් රසවින්දනය වගේම මොළ වින්දනයටත් යමක් දෙන්න ඕන කියලා.රටේ ප්‍රශ්න,කවි,නවකතා,මැජික් ආදි අපි කලින් කතා කල දේවල් ටිකක් එහා මෙහා කරලා මේ ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා ඔයාට අපි ආරාධනා කරනවා!

මේක මේ නස්රුදීන් ගේ කාලේ අවුලක්.

Tuesday, February 28, 2012

මාතර රෝහලේ X-Ray කොළ නෑ ලු!!!!

අද අපේ හිතවතෙක් ගියා මාතර මහ ‍රෝහලට.රෝගය පරීක්ෂා කළ වෛද්‍යවරයා වැඩිදුර විමර්ෂණ සදහා එක්ස් කිරණ වාර්ථාවක් ලබාගෙන එන්න යයි පැවසුවා.

ඉතින් මොකද කරන්නේ, පිටින් ගත්තොත් ඕකට 400ක් 500ක් යනවා.දැන් කාලේ වියදමේ හැටියට ඒක ලොකු මුදලක්(දේහ ප්‍රේමීන්ට හැර).ගියා එක්ස් රේ කාමරයට.

Saturday, February 25, 2012

මදුරු කරදරේ ඉවරයි!

අපි මේ බ්ලොග් ලියන තැන පුදුම මදුරුවසංගතයක් තිබුනා.පෝස්ට් එකක් ඉවරවෙනකොට ලේ පයින්ට් එකක් ඉවරවෙන තරං කරදරේ දරුණු උනා.කොයිල් වටේම තිව්වත් කොහේ බේරෙන්නද? ඔයාටත් මේ වදේ තියද? අපිට නම් එළකිරි විසදුමක් ලැබුනා.සොෆ්ට්වෙයා එකක්(සමහරු දන්නවා ඇති). මේකෙන් වෙන්නේ මදුරුවන්ට අහිතකර සංඛ්‍යාතයක් තියන ශබ්ද තරංග නිකුත් කිරීම.ඒක කෙරෙන්නේ පරිගණකය තුල තියන ස්පීකරය හරහා.

අපේ ශරීරයට කොපමණ හිතකරද දන්නේ නම් නෑ.හැබැයි මදුරු කොයිල් තරම් විස නැතුව ඇති.දන්න අය ඉන්නවානම් ඒ ගැන අපිට කියන්න.

ඔන්න අපි සොෆ්ට්වෙයා එක බාගත්තා.නොමිලේමයි!!
ඒ මෙන්න මේ ලින්ක් එකෙන්-http://www.allmosquitos.com/anti-mosquito-software/kp-anti-mosquitoes.html

මේකට ගියාම මේ පිලිබද වැඩිවිස්තර සමග බාගන්න ලින්ක් එකකුත් තියනවා. බොහෝවිට බෑවෙන්නේ rar ෆයිල් එකක් විදියට.ඔයාට තියන්නේ එක එක්ස්ට්‍රෑක්ට් කරගන්න.ඒ සදහා වින්සිප් Winzip යුටිලිටිය පාවිච්චි කරන්න පලුවන්.

කැමති අය කරලා බලන්න.අපේ නම් ඒ කරදරේ ඉවරවුනා.ඔයාලගේ අදහසත් අපි දැනගන්න කැමතියි.

ආ...හ්!! දැන් ඉතින් නිදහසේ නවකතාව ලියන්නත් පුලුවන්. හෙට අලුත්ම කොටස දාන්නම්.දැන් තියන කරදරේ තමයි ලයිට් බිල නග්ගපු එක.

Tuesday, February 21, 2012

මැජික් එක පටාං ගමු

කලිං පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!
ඔන්න පොරොන්දුව ඉටුකරන්න යන්නේ... කට්ටිය අවශ්‍ය දේවල් සූදානම් කරගත්තා නේද?(පොඩ්ඩෝ මේවා නොකරත් කමක් නෑ)

වැඩිය නෑ ගිණිපෙට්ටියයි විදුලි එළියයි නේ ඕන.

හරි, දැන් ඔය ගිණිපෙට්ටියේ වෙඩි බෙහෙත් පටිය සීරුවට ගලවා ගන්න.

Friday, February 17, 2012

සේයාරුවට කවියක්...

                                                                           හිමි අහිමි
               
                                             අහෝ! මා නිශා               සැරි
                                    මවෙතින් කළා පිය          සැරි
                                    විඩා වීද? මග                   සැරි
                                    නැසුවා ඔබ විදුලි             සැරි !

 ඔබගේ නිර්මාණාත්මක සිතුවිලි අපවෙත යොමු කරන්න.(මේ සේයාරුව සම්බන්ධව පමණක් නොවේ.) ඔබ ඉංග්‍රීසි බසින් සකසා එවන නිර්මාණ අපේ වෙබ් අඩවියේ ද සිංහල නිර්මාණ මෙම බ්ලොග් අඩවියේ ද පලකිරීමට අපි සූදානම්.

ඔබේ නිර්මාණ myart@matarawistara.com ලිපිනයට ඔබේ විස්තර ද සමග යොමු කරන්න.

Tuesday, February 14, 2012

කතා සළාදේ

මාතෘකා කීපයක් කැටිකරලා කතාවක් දමන්නයි මේ හදන්නේ.සමාවෙන්න එක එක ගැන වෙන වෙනම කතා කරන්න ඕන තමයි... ඒත් වෙලාව මදි.


  1. දිරිය කොල්ලෙකුගේ සිංහ නාදය!
   ඊයේ(12/02/2012) සිරස ලක්ෂපති වැඩසටහන බැලුවද? තුසිත වීරසිංහ කියලා අපි වගේම කෙනෙක් ඊයේ තරග වැදුනා. මගදි ඉවත්වෙන්න සිදුවුනත් ඔහු ඒ සුලු කාලය තුල සියල්ලන්ට වටිනා ආදර්ශ ටිකක් දුන්නා.
ඔහු පරිගනක ඉංජිනේරුවරයෙක් වෙනතෙක් ආපු ගමන රටටම කියාසිටියේ අසා සිටින්නන්ට සිනමාපටයක දර්ශන සිහිගන්වමින්.

Monday, February 13, 2012

කතා බහ 02

මාතෘකාව: කුරුසය = ධර්ම චක්‍රය ද?



ක්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් කුරුස සළකුණ පෙන්ඩන්ට් එකක් ලෙස පැලද සිටිනු අප දැක ඇත.එහි කිසිදු වරදක් අපි නොදකිමු.ඒ ඔවුන් ගේ භක්තියයි. අනුකරණවාදි බෞද්ධයා ඊට යස අණුකාරකයක් හදුන්වාදි ඇත.ඒ ධර්මචක්‍රයයි.නලු නිළියන්,ක්‍රීඩකයන් එය ගොලෙහි බැද සමාජයේ පෙනී සිටී.මාර්කටින් ද?

Tuesday, January 31, 2012

කතා බහ

මාතෘකාව- කුස, පබා සහ අපේ හාමුදුරුවෝ

හා හා පුරා කියලා කතාබහක් පටන් ගන්නයි හදන්නේ.හැබැයි ඒක පටන් ගන්න උනේ අකමැති මාතෘකාවකින්.අපේ රටේ දක්ෂ නිර්මාණකරුවන් රැසක් එක්වෙලා චිත්තරපටියක් හදලා කුස පබා කියලා.වැඩේ හොදයි. අපි ඊයේ ටී.වී එකේ දැක්කා අපේ රටේ ප්‍රසිද්ධ හාමුදුරුවරු රැසක් ආයෙත් සිනමාහලට වැඩලා ඉන්නවා.(ආයෙත් කිව්වෙ කලිනුත් අබා බලන්න වැඩිය නොවැ.) සාදු සාදු!!
 "නච්ච ගීත වාදිත විසූකදස්සන...." සිල්පදය අට සිල්වල තිබුනට, උපසපන් භික්ෂූන්ට අදාල නැතුව ඇති මයි හිතේ...

Sunday, January 8, 2012

එන්න අපිත් එක්ක ගමනක් යන්න...

මාතර විස්තර වෙබි එක බලන සිංහල අපේ අය වෙනුවෙන් අලුතින්ම ආරමිභ කරපු වැඩෙ තමයි මෙ. අපි මෙ බිලොග් එකන් අමුතු සහ වැදගත්  කියල හිතෙන වැඩ ටිකක් කරන්න හිතන් ඉන්නවා...

රටෙ ලෝකෙ සිද්දවෙන ඔබට සහ මට ඒ කියන්නෙ අපිට වැදගත් දේවල් අපේ විදියට කථාකරන්න අපි සූදානමි.ඊට අමතරව කොටස් වශයෙන් පළවෙන බිලොග් කථාවක්(නව කථාවක්) ආරමිභ කරන්නත් හිතන් ඉන්නවා.

මේ ඇරඹුම විතරයි...තව බොහො දේ අපි බෙදාගමු....

www.matarawistara.com වෙබ් අඩවියට පිවිසෙන ඔබ සදහා මිතුරු පිටුවක් (Fan page)දැන් ‍ෆේස් බුක්(Facebook) ඔස්සේ සූදානම් කර ඇති බව සතුටින් දන්වා සිටිනු ලැබේ.

මේ උත්සාහය ගැන මොනවහරි කියන්න තියනව නමි ‍කමෙන්ටි එකක් දාන්න.
සුභ දවසක්!!!