ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Monday, February 13, 2012

කතා බහ 02

මාතෘකාව: කුරුසය = ධර්ම චක්‍රය ද?



ක්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් කුරුස සළකුණ පෙන්ඩන්ට් එකක් ලෙස පැලද සිටිනු අප දැක ඇත.එහි කිසිදු වරදක් අපි නොදකිමු.ඒ ඔවුන් ගේ භක්තියයි. අනුකරණවාදි බෞද්ධයා ඊට යස අණුකාරකයක් හදුන්වාදි ඇත.ඒ ධර්මචක්‍රයයි.නලු නිළියන්,ක්‍රීඩකයන් එය ගොලෙහි බැද සමාජයේ පෙනී සිටී.මාර්කටින් ද?


මෙසේ කරන අයගෙන් ඇසුවහොත් කියන්නේ ආරස්සාවට බැන්දා කියාය.ඔබ නියම බෞද්ධයෙකු නම් කිසිවකට බිය විය යුතු නැත.බියක්,තැතිගැන්මක් ඇතිවුනි නම් තෙරුවන් ගුණ සිහිකරන්න.එය බුදුන් වහන්සේ විසින්ම ධජග්ග සුත්‍රයේ දි අනුමත කර ඇතැයි දැනගන්නට ඇත.

ඔබ බොහොවිට ගෙලේ බදින්නේ නිවැරදි ආකෘතිය ද නොවේ.අනික ධර්මචක්‍රය යනු එදා ඉසිපතනේ මිගදායේ පස්වග මහණුන් ඉදිරියේ මිහිපිට කිසිවකුට නැවත හැරවිය නොහැකි සේ බුදුන් වහන්සේ විසින් ප්‍රවර්ථනය කල නෛර්යානික සද්ධර්ම දේශනයේ සංකේත ස්වරුපයයි.

ඉතින් ඔබ එය ගෙලේ බැද ගෙන බොරුවක් කීවත් එහි අපහාසය කොයිබට ද? පව් දෙකයි! දෙතිස් කුණපයෙන් පිරි සිරුරේ තැවරෙන්නේ සදහම් සළකුණ නොවේ ද? දැන් මෙය කියවා ගෙලබැදි ධර්මචක්‍රය ඉවතලන්නවත් උණුකර වෙන හැඩයක් හදවන්නවත් යන්න එපා.එය නිසි ගෞරවනීය ස්ථානයක තබන්න.

බුදු සසුන රකින පාලන අධිකාරීන් මේවා නිපදවීම වලක්වනේ නැත්තේ ඇයි.ඔවුන් ට සියල්ල පැමිණිලි ලෙස කව්රුන්හෝ ඉදිරිපත් කළ යුතු ද? ජනතා මුදලින් යැපෙමින් තම රාජකාරිය කැපවීමෙන් නොකරන බහිරවයින් සිටින තුරු මේවා නැවැත්විය නොහැක.

ඔබේ අදහස කුමක් ද?

No comments:

Post a Comment