ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, November 5, 2016

සුභාවිත ගීතයේ අමරණීය සළකුණ- පණ්ඩිත් අමරදේව




කර්ණරසායන මධුර මනෝහර හඩින් රසික හදවත් සුකම්පිත කල, මහා ගාන්ධර්වයාණෝ අද දැයෙන් සමුගනිති.යුග යුග ජන සිත් වශීකෘත කල මේ මහා මිනිසා වෙනුවෙන් කම්පා නොවන සිහල හදවතක් ඇත්නම් එය ස්පන්ධනය නොවන මට්ටමක පවතින එකක් යයි අපට උපකල්පනය කල හැක. ඒ තරම් මේ හඩ අප ජන සන්තානයේ පත්ලේ තැන්පත්ව තිබේ.

අප ගුණවැයුම් කොපමන කලත් දැන් පලක් නැත....

දැන් අපි එතුමන්ට පිං දිය යුතුය!

බින්දු බින්දු රන් පද වැල් කොළොම් තොටට සීමා නොකර හන්තානේ කදුමුදුන් හරහා රැගෙන ගොස් තණ්හා ආශා ඔලගු කරේලා සංසාර ගමන යන මිනිසුන්ට විඩා නිවන ඔසුවක් කර පෙවු පින ඔබේ නිවන් මගට පාරමිතා බලයක් ම වේවා...!!!