ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Friday, March 2, 2012

ඔයා හොල්මන් විශ්වාස කරනවා ද?

හොල්මන් කියලා දෙයක් මේ ලොකෙ නෑ කියන අයත් හිතයටින් ඒක විශ්වාස කරනවා වෙන්න පුලුවන්.ඒ කියන්නේ කුතුහලය වගේ වචන මේ සදහා භාවිතා කරන්නත් පුලුවන්.කොහෙම උනත් පහත අපි පලකරලා තියන්නේ විදෙස් රටක සෝපානයක CCTV කැමරාවක සටහන්ව තිබූ දර්ශනයක්. කැමති අය බලන්න.ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? ඇත්තක් වෙන්න පුලුවන් ද?





11 comments:

  1. අනේ මන්දා බොරුවට හදපු එකක් ද දන්නෑ.....

    ReplyDelete
  2. සජීවි දකිනකම් පිස්ස මෙවැන්නක් තරයේ ප්‍රතික්ෂේප කරමි.....!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා රන්ජන් රාමනායකගෙ චිත්තරපටියක් බලලම නැද්ද මලයා

      Delete
  3. හොල්මන් කියා දෙයක් මේ ලෝකයේ සත්තකින්ම තියෙනවා. මැලේසියානු ජාතික සුවන්නෝ මහා තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද "31 Planes of Existance " යන පොතේ භූමි 31 ක ජීවීඉන් උත්පත්තිය ලබන බව ඉතා ද්ක්ෂ අන්දමින් පහදල දී තිබෙනවා. අපේ දෘශ්ටි පථයට පෙනෙන්නේ එක්තරා ප්‍රමාණයක් පමණය්. ඉන් එහා ඇත් දේවල් මිනිස් ඇසට පේන්නෙ නැහැ. පේන්නෙ නැති වුනාම එහෙම දේවල් නැහැ කියන එක සාමාන්‍ය මනුශ්‍යයන්ගේ පුරුද්දක්. නමුත් ඒක වැරදියි. අපේ ඇස් වලට නොපෙනෙන දේ වලුත් තියෙනවා. අපේම මිය ගිය ඥාතීන් කොපමන සංඛ‍යාවක් අපේම ගෙවල් තුල හඬ හඬා උදව ඉල්ලා ඉන්න බව ඔබ දන්නෙ නැතිව ඇති. ඔවුන් කරදර කරන කොට පමණක් කට්ටඬි අල්ලගෙන ගුරුකම් කරන්න යනවා. නමුත් සිරිතක් වශයෙන් ඉදං වේ ඥාතිනං හෝතූ කියා ඔවුන්ට පින් දෙන්න. දානයක් පිරිතක් කිව්වොත් ඒ පින් ඔවුන්ට අනුමෝදන් කරවන්න. ඒ හොල්මන් වෙසින් එන්නේ අපේම ඥාතීන්. ඔවුන්ට අනුකම්පා කරන්න. ඒක මහඟු පිනක්. මිය ගිය ඥාතීන් අම්තක කරන්න එපා. ඔවුන් තරහ වුනොත් පලිගන්නවා. මේ ස්ටහන් කියවන්න www.mindfullness.wordpress.com

    ReplyDelete
  4. ඇහැට දකිනකම් නම් විස්වාස කල නොහැක....මේකේ කැම් එක හෙලවෙන විදිහට CCTV නෙමේ නිකන් free Hand cam එකක් වගේ...

    ReplyDelete
  5. බුදු දහම අනුව නම් අපට නොපෙනෙ මෙවන් තත්වයන්(දේව,භුත)තිබෙනවා කියලා පිලිගන්න පුලුවන් මොකද බුදු දහම කියන්නේ යතාර්ථවාදි දර්ශණයක් නිසා.

    ඒත් භෞතික වාදීන්ට(හිත හොද පිස්සා වගේ)ටිකක් පිලිගන්න අමාරුයි.ඒක හරි අපි අපේ දැක්ම සෘජුව තියා ගන්න ඕන.

    නිල් නේත්‍ර ට කැමරාව අවිශ්වාස උනාට භුතයා විශ්වාසයි වගේ... හිහ් හිහ්!!

    ඔබ නොදුටු ලොවේ සහෝ කියන්න වගේ හදපු එකක් වෙන්නත් පුලුවන්.එහෙම වැඩ දැන් බහුලයි නේ.

    ඒත් අපේ නම් අදහස ලාංකික විද්වතුන් අපේ වටිනාම වස්තුව වන බුදු දහමේ සදහන් කරුනුත් අදාල කරගෙන මේවා ගැන විධිමත් ගවේෂණයක් කළ යුතුයි කියන එකයි.

    ReplyDelete
  6. මේවට උත්තර දුන්නොත් වැඩේ සරලයි.....
    1..සෝපානයේ ආරක්ශක කැමරාව සෙලවෙන්නේ කෙසේද?.
    2..මල්ලිලා දෙන්නා නැග්ග ගමං කැමරාව ඒදෙන්නා වෙත මනාව හැරී නතරවේ ඇයි ඒ?
    3..මල්ලිලා දෙන්නාගේ ශරීර වල වැදී පරාවර්තනය වෙන ආකාරයටම හොල්මං සීයාගේ ශරීරයෙනුත් ආලෝකය පරාවර්තනය වෙන්නේ ඇයි?
    4..සෝපානයකට ආරක්ශක කැමරාවක් සවිකල හැකි අසාර්තකම කෝනයකින් කැමරාව සවිකර ඇත්තේ ඇයි?
    5..මල්ලිලා දෙන්න තරමක කෘතීම හැසිරීමක් පෙන්නන්නේ ඇයි?
    පැරනෝමල් ඇක්ටිවිටි බලල ඒක ඇත්ත එකක් කියල හිතුවනම් කමක් නැහැ ඒත් මේක
    (මේ මගෙ අදහසක් පමනයි )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාවණා! ඇත්තටම මේක බොරුවක් වෙන්න පුලුවන් මොකද මෙය අප කල ගවේෂණයක් නොවන නිසා,ඒ නිසා අපිට මෙහි නිරවද්‍යතාව තහවුරු කරන්න බෑ.නමුත් අපි මේ දර්ශණය පළ කළේ අපේ මිනිස්සුන්ට අපේ රටේ තියන මහගු දැනුම් සම්භාරය ඇසුරින් ලෝකයට අලුත් දෙයක් දායාද කරන්න උද්දීපනයක් ඇතිකරන්නයි.මේවා පිලිබද ලෝකය පුරා ඇති උනන්දුව ලංකාවේ නැති එක මහ අපරාදයක් නේද? අපිට නේ මේ ගැන හොදටම හොයන්න පුලුවන් දාර්ශණික මතයක් තියන්නේ.අපි හිතන්නේ මහ ලොකු තාක්ෂණික මෙවලම් මේවාට ඕන වෙන එකක් නෑ කියලා.

      Delete
  7. ඇත්තටම මේක බොරුවක්

    ReplyDelete
  8. හොල්මන්,අවතාර කියල දෙයක් ගැනනම් දන්නේ නෑ.ඒත් විද්‍යුත් චුම්භක තරංග විශේෂයකින් තැනුනු එක්තරා ජීවී කොට්ඨාසයක් ගැන නම් වෙනත් රටවල් වලින් පරීක්ෂණ කරල නිගමන වලට එළඹිල තියෙනවා....මිනිසුන් අතර භීතිය ඇතිකරන්න හිතාගෙන හදපු වීඩියෝ එකක් වෙන් ඇති.....

    ReplyDelete
  9. ඇත්තම කියනවනම් හොල්මන් ගැන විශ්වාසයක් නෑ,
    ඒ වූනාට බයක් තමා තියෙන්නෙ
    .
    http://BseTup.blogspot.com

    ReplyDelete