ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, August 28, 2014

විප්‍රයෝගය (නව ගී සංකල්පනා)

සිය කුළුදුල් ප්‍රේමය අහිමිව ගිය සිත්තරා සන්තාපයෙන් සිටිද්දී, ඇය ඔහු අබිමුව සිටියාය. තැවුනු හද අස්වැසුම් පතන්නට විය....
මහමෙරක් බලාපොරොත්තු ඈ සමගින් සිත්තර හද තුලට ඇතුළු වූයේ නිරායාසයෙනි....

ඔහු ඇගෙන් පැතුවේ එකම එක දෙයකි. ඒ අහිමිව ගිය ආදරයයි.

ඒත්....

ඇය ද ඔහු පැතූ දේම නොදී නික්ම ගියේ.... එම අකුරු හතර තවත් එක් වචනයක් පමණක් බව මිස හැඟුමක් ලෙසින් නොදැනුන නිසා ද?

මේ ඒ ප්‍රේමණීය සිත්තරා ඇගේ විප්‍රයෝගයෙන් පසු සිය හදවත සමඟ කල පිලිසඳරක් වේමය...

කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා
සිතුවම් කල ඔබෙ රූප සොබා
වියළෙන්නට පෙර තුඩග පවා
ගිය හැටි පුදුමයි හද නවතා


සිත තුල සිර කර ආලනුරා
පවසනු නොහැකිය ලොව සපුරා
අස්වසමින් මා මනස සරා
සොයනෙමි ඔබගේ රුව පැහැරා


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....



නික්ම ගියත් ඔබ මා හැරදා
තුටින් සිටී නම් සිනාසිලා
අඳුරු මතක සිඳබිඳ දාලා
හිනැහෙන්නම් ඔබ දෙස බලලා


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....



සසර සරන්නට ඔබ සමගින්
පැතුවත් පැතුමන් සිතේ අගින්
ඉටුනොවනා බව දැනේ සැනින්
ඒත් මගේ හිත මැවේ විමන්


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....

ගී සංකල්පනාව: සම්පත් වීරතුංග ආරච්චි
(විමසීම්:udan.sampath@gmail.com)

Saturday, August 16, 2014

ජයවැඩූ මිනිසකුගේ ටෙස්ට් ඉනිමක නිමාව

මහේල ජයවර්ධන.
...................................................................

කවුද නොදන්නෙ?   

තවත් විස්තර කරන්න දෙයක් නෑ.


Thursday, August 7, 2014

අනේ දරුවනේ නාඩං කියූ ඇමතිලා!

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද(07/08/2014) පාර්ලිමේන්තුවේ දී දරු ප්‍රශ්නයක් නැගුවේය. අපේ අහිංසක මැති ඇමතිවරුන්,ප්‍රභූවරුන් සිය දාරක ප්‍රේමය වාවනු බැරිව තම කිරිකැටියන්ට ලබා දී අැති තනතුරු,වරදාන මෙහිදී හෙළිකෙරිනි.

පව් අප්පා...!

අපි විස්තර කරන්නෙ මොකටද? ඔයාලම බලන්නකෝ.(විලි ලැජ්ජාව වැඩි සංවේදී අය බැලීමෙන් වලකින්න.. ඔබේ හයහතර නොදත් අහිංසක දරුවන් මෙය දැකීමෙන් ඔබෙන් ද මෙම වරදාන ඉල්ලීමට හැකි බැවින් ඒ බව කියා දෙන්න.)

උපුටාගැනීම- සිරස"නිව්ස් ෆර්ස්ට්" වෙබ් අඩවියෙනි.

වීඩියෝව දර්ශණය නොවේ නම් මෙම අතුරු පිවිසුම භාවිතා කරන්න...  https://www.youtube.com/watch?v=0KKzHQkh_BU&feature=player_detailpageවීඩියෝව බලන්න පිවිසෙන්න

Wednesday, August 6, 2014

තාත්තා...

පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී...

ඔබටත් එසේ සිතුනු අවස්ථා තියනවා නේ ද? එසේනම් ඒ අඩුව පුරවන්න උත්සාහයක් හෝ ගනිමු!

ඔයාගෙ අදහස කුමක් ද? ලස්සන තනුවක් දාලා, සුන්දර හඬකින් ගීතවත් කලොත්...?