ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, August 28, 2014

විප්‍රයෝගය (නව ගී සංකල්පනා)

සිය කුළුදුල් ප්‍රේමය අහිමිව ගිය සිත්තරා සන්තාපයෙන් සිටිද්දී, ඇය ඔහු අබිමුව සිටියාය. තැවුනු හද අස්වැසුම් පතන්නට විය....
මහමෙරක් බලාපොරොත්තු ඈ සමගින් සිත්තර හද තුලට ඇතුළු වූයේ නිරායාසයෙනි....

ඔහු ඇගෙන් පැතුවේ එකම එක දෙයකි. ඒ අහිමිව ගිය ආදරයයි.

ඒත්....

ඇය ද ඔහු පැතූ දේම නොදී නික්ම ගියේ.... එම අකුරු හතර තවත් එක් වචනයක් පමණක් බව මිස හැඟුමක් ලෙසින් නොදැනුන නිසා ද?

මේ ඒ ප්‍රේමණීය සිත්තරා ඇගේ විප්‍රයෝගයෙන් පසු සිය හදවත සමඟ කල පිලිසඳරක් වේමය...

කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා
සිතුවම් කල ඔබෙ රූප සොබා
වියළෙන්නට පෙර තුඩග පවා
ගිය හැටි පුදුමයි හද නවතා


සිත තුල සිර කර ආලනුරා
පවසනු නොහැකිය ලොව සපුරා
අස්වසමින් මා මනස සරා
සොයනෙමි ඔබගේ රුව පැහැරා


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....



නික්ම ගියත් ඔබ මා හැරදා
තුටින් සිටී නම් සිනාසිලා
අඳුරු මතක සිඳබිඳ දාලා
හිනැහෙන්නම් ඔබ දෙස බලලා


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....



සසර සරන්නට ඔබ සමගින්
පැතුවත් පැතුමන් සිතේ අගින්
ඉටුනොවනා බව දැනේ සැනින්
ඒත් මගේ හිත මැවේ විමන්


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....

ගී සංකල්පනාව: සම්පත් වීරතුංග ආරච්චි
(විමසීම්:udan.sampath@gmail.com)

1 comment: