ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

නව කථාව

41කොටස ඇතුලත් කර ඇත.

මෙහි එන සිදුවීම් කිසිවක් සත්‍ය සිදුවීම් නොවේ. නම්ගම්,,තනතුරු නාම ආදී සියල්ල මන:කල්පිතයි.සියළුම හිමිකම් කර්තෘ සහ "කිරිපැණි" බ්ලොග් අඩවිය සතුය.අනවසරයෙන් උපුටාගැනීම හා කිසිදු ලෙසකින්
පළකිරීම(මුද්‍රිත හෝ විද්‍යුත්)සපුරා තහනම්. සියළු විමසීම් kiripenimw@gmail.com සහ udan.sampath@gmail.com වෙතින් සිදුකරන්න.

මෙතෙක් කතාව: අවිශ්ක කියන්නේ කථන ආබාධිත(ගොලු) කඩවසම් තරුණයෙක්.උපතින්ම සිදුවු ආබාධයක් නොවේ.එය ඉදිරියේදි දැනගන්න පුලුවන්.රැකියාව සංඥා භාෂා ගුරු වෘතිය.පදිංචිය මාතර.දිනිති අහිංසක ලස්සන තරුණියක්.රැකියාව:මාතර දිස්ත්‍රික් ලෙකම් කාර්යාලයේ කලමනාකරණ සහායක.පදිංච්ය හම්බන්තොට,මාතර සිය මිතුරිය වන නිශා සමග බෝඩ් වෙලා ඉන්නේ. දිනක් ඔවුන්ට රාජකාරියක් පැවරුනා විශේෂ අධ්‍යාපන පාසල් සම්බන්ධ ව්‍යාපෘතියක.එහිදී ඔවුන් දෙදෙනා පළමු වරට මුණ ගැහුණා.නෙත්වලින් කතා කළා.දැන් දෙදෙනාටම ඔවුන් නොදැක බැරි ගානයි....කාලයත් සමග ඔවුන් මුනගැසී ආදරය සැබෑවක් වුනා.ඒත් මතුවට කුමක් සිදුවේද?

 
40 කොටස (22/02/2014)


දෙපැත්තෙම වැඩිහිටියන් පුංචියට නමුත් ගාම්භීර මංගලෝත්සවයකට සූදානම් වුනා. දිනිතිත් අවිශ්කත් ඇදුම් පැළදුම් ගන්න කඩපිල්  පීරද්දි දෙමව්පියන් උත්සවශාලා හිමියන් සමග මිලගන්න පිලිබද හෙට්ටු වුනා.විවාහ ලියාපදිංචියත් එකම දිනක සිදු කරන නිසා එදින වඩාත් කාර්ය්‍යබහුල වන බව පේන්න තිබුනා.



දිනිතිත් අවිශ්කත් විකුම්ගේ වෙළද සැලට ගොස් මංගලාරධනාව කලා.ගෙදරට නොගියේ නැන්දාගේ සුවපත්වන තුවාලය පෑරීමට අකමැති වු නිසයි. විකුම් සුහද ව ආරාධනාව පිලිගත්තා. මේ අතර විකුම් තව පුංචි රහසකුත් කිව්වා. “මම එදාට තනියම නෙවි එන්නේ”

“ආ... හොදයි නේ.... කවුද අනිත් කෙනා...?” දිනිති දගකාරලෙස විමසුවා.

“මේ ගමේම කෙනෙක්.... නම නදී. ටීචර් කෙනෙක්,ටිකක් දුප්පත් ඒත්.... එයා මං ගැන සේරම දැනගෙනත් කැමති වුනා... අපි දෙන්නා හොදට ගැලපෙනවා කියලා අපිට තේරුනා. එයාගෙ අම්මත් නෑ..ඇත්ටම අපි අපිට ආදරෙයි.... ඒකනේ වැදගත්ම දේ.”

“අනේ හොදයි විකුම් අයියේ..... අන්තිමට ඔයාගෙ නියම හිමිකාරි ලැබුනා.... කොච්චර හොදයි ද?”

**************
මංගල දිනය උදාවුනා.

මලිත්ට සිය මගුල් දා වගේම,ඇතැම්විට ඊටත් වඩා මහත් සතුටක් දැනුනා.දෙපාර්ෂවයේම ඉතාම හිතවත් පිරිසක් ආරාධනා ලැබ සිටියා.දිනිතිගෙ කාර්යාල මිතුරන් විශේෂයෙන්ම කටකාරයා, දම්මික මෙන්ම ධර්මෙ මහත්තයත් ආරාධනා ලැබු අය අතර වුනා. අවිශ්ක‍ගේ පාසලේ හිතමිතුරන් පැමිණ සිටියේ පාසලේ දක්ෂ සිසුවියන් කිහිප දෙනෙකු ද සමගයි.ඒ ජයමංගල ගාථා සජ්ජායනා කරන්නත් එක්කයි.එම කුඩා දැරියන් ලගන්නා ස්වරයෙන් ජයමංගල ගාථා සජ්ජායනාකරනු ලැබුවා.

මහත් අභිමානයෙන් පෝරුවේ චාරිත්‍ර ඉටුකෙරුනා.අෂ්ඨක කියැවුනා...

නිශා දිනිතිව පසෙකට කැදවාගෙන ගොස් මොන මොනව දෝ කණට කොදුරා සිනා වුනා... මනාලිගේ මුහුණ රතුපාට වුනේ හිනාවට ද සතුටට ද ලැජ්ජාවට ද දන්නේ ඒ දෙදෙනා පමණයි....

දිවා භෝජනයෙන් පසු රසවත් ගී පෙලක් වාදනය වුනා... මතින් තොරවු ඒ මංගල සාදයේ මත නැතුවත් නටන්න පුළුවන් ‍නර්තනකාමී කොල්ලො කෙල්ලො පිරිසක් මනරම් නර්තනයක යෙදුනා. මලිතුත් සිංදුවක් කිව්වා.

බොහෝ වටිනා උපදෙස් දීම් කීපයකට පසු යුවල නික්මයාමට කාලය එලැඹුනා.දේවිකාට සිය මාණිඛ්‍ය,දිනිති තම සෙවනැල්ලෙන් ඈතට යන්න යන බව සිහිවෙද්දි දරාගැනීමට අපහසු වුනා. දිනිතිටත් එසේමයි. දෙදෙනා බදාගෙන හඩන්නට වුනා.මද වෙලාවක් දුක පහවනතුරු දෙදෙනාට එසේ සිටින්නට දුන් වීරසූරිය සෙමින් දිනිතිව දේවිකාගෙන් මෑත් කොට අවිශ්ක වෙත යොමු කලා.

මිතුරන්ගේ ප්‍රීතිඝෝෂා මැද යුවල සිය මංගල රථය වෙත දිව ගියා.ඒ සිය මංගල රාත්‍රිය සුවසේ ගතකරන්නයි.... ඒ මංගල මධුසමයයි.....

ඉතින් රසවතුනි, මෙතෙක් කලක් ඔබ ආදරෙන් රස විදි මේ නව කතාව ඔබට අවැසි නම් මෙතනින් අවසන් කල හැකිය.... එහෙත් කතාවේ සැබෑ අවසානය මෙය නොවේ... එය විමසා බැලීමට අවැසි නම් මීලඟ කොටස තෙක් මඳක් ඉවසන්න....



41 කොටස (01/03/2014)

මංගලරාත්‍රිය සුන්දරව ගතකළ යුවල අවිශ්කගේ නිවසට පැමිණියා.අවිශ්කගේ ආදරණිය දෙමාපියන් මේ යුවලත් දිනිතිගේ පවුලේ හිතවතුනුත් සාදරයෙන් පිලිගත්තා.දිනිතිටත් අවිශ්කටත් නව දිවිය සුවසේ ගෙවන්නට ඉඩ දී වීරසුරිය යුවල ඇතුළු පිරිස සංග්‍රහ විඳ නික්ම ගියා.

මංගලා සිය දියණියකට මෙන් දිනිතිට සැලකුවා. දිසානායකත් කිසි වෙනසක් කළේ නෑ.අළුත් කුරුළු ‍ජෝඩුව මේ උණුසුම් ආදර කැදැල්ලේ සුවසේ කාලය ගත කළා.මේ විදියට වසරක් පමණ ගෙවෙද්දි දිනිති මවක් වන ලකුණු පහලවුනා. මුලින්ම මේ ගැන දැනගනිද්දි අවිශ්ක විශ්මයෙන් දිනිති දෙස බලාසිටියේ තම සතුට වචනයෙන් පවසන්න නොහැකි වීම ගැන නැවත නැවතත් තැවෙමිනුයි.

දස මසකට ආසන්න කාලයක් ගතවුනා...

දිනිති දරුවා බිහිවීමේ වේදනාවන් ඇතිවුනා. අවිශ්ක වහාම මලිත්ගේ මෝටර් රථයෙන් දිනිතිව රෝහල කරා රැගෙන ගියා.රෝහල් වෛද්‍යවරුන් වහාම ඇය පරීක්ෂාකර එසැනින් ප්‍රසූතාගාරයට ගෙනගියා.

පණිවිඩය ලද සැනින් දේවිකාත් වීරසූරියත් රෝහලට පැමිණියා. මංගලාත් දිසානායකත් රෝහල් කොරිඩෝවේ ඔබ මොබ ඇවිදිමින් සිටිනු ඔවුන් දුටුවා.

“කොහොමද මංගලා දුවට?” දේවිකා අවිනිශ්චිත ස්වරයෙන් විමසුවා.

“එක සැරේ අමාරු වුනා. දැන් ලේබර් රූම් ගත්තා”

“අපේ ඩොක්ටර් හිටියද?” වීරසූරිය දිසානායකගෙන් විමසුවා.”

“එද්දි හිටියෙ නෑ.. ඒත් දැන් ආවා.”

“මංගලා අපි බෝධියට බාරයක් වෙමුද?”

“‍මමයි දිසායි ගිහින් උදේ බාර වෙලා ආවේ... අපි ටිකක් බලමු.”

“කෝ අවිශ්ක පුතා..?” විරසූරිය විමසුවා.

“අන්න ලේබර් රූම් එකේ දොර ලඟ ඉන්නවා... එතන ඉන්න දෙන්නෙ නෑ.. කෝ කියන දෙයක් අහනව යැ. මමත් කතා කළා, වීරෙ ගිහින් පුළුවන්නං එක්කං එන්න..” දිසානායක එසේ කියමින් පුටුවක හිඳගත්තා.

කව්රුන් කතා කලත් අවිශ්ක දොර ලඟින් මෑත් කරන්නට කිසිවෙකුට බැරි වුනා. පැය හතරකට පමණ පසු දොර විවර කරමින් වෛද්‍යවරයා පිටතට පැමිණියා.

“කන්ග්රැඩයුලේෂන්ස් මිස්ටර් අවිශ්ක, පුතෙක් ලැබුනේ... දෙන්නම හොදින් ඉන්නවා... තව ටිකකින් වෝඩ් එකට දාවි. එතකොට ගිහින් බලන්න.” එසේ පවසා ඔහු නික්මගියා.

කුමනවිදියේ ප්‍රතිචාරයක් දැක්විය යුතුද? අවිශ්කට හිතාගන්න බැරි වුනා. “පුතෙක්..... මට.... මම තාත්තා කෙනෙක්!” ඔහු සිතින් මිමිනුවා.

ඔහු සිය පියා වෙත දිවගියා.... නෑ ඉබේම ගමන් කෙරුනා....

ඒත්... කෙසේ කියන්න ද?

ඔහු පියා ඉදිරියේ නැවත විපිලිසර වුනා. පියා ද නවත අසරණ වුනා. පසුව සංඥා බසින් තමා පුතෙකු උපන් බව පැවසුවේ සතුටු කඳුළු පිරි දෙනෙතින් යුතුවයි.

වීරසූරිය පැමිණ අවිශ්කගේ පිටත තට්ටු කර සුභ පැතුවා. දෙමව්වරුන්ට සතුට නිම්හිම් නැතිව දෙඅත් අල්ලාගෙන එකිනෙකා දෙස බලාගත්තා.

*********  

දරුවාත් මවත් වාට්ටුවට අතුළු කලා.අවිශ්ක දරුවා මල්පොහොට්ටුවක් මෙන් දෝතටගත්තා. දිනිතිගේ හිස පිරි මැද්දා.

“අවිශ්ක, බබාගෙ රෙදි දාන බේසම ගේන්න බැරිවුනා නේ?” දිනිති අපහසුවෙන් එසවෙමින් පැවසුවා.

“ඉන්න මම ගේන්නං” දරුවා දිනිති අසලින් තබා එසේ පැවසු අවිශ්ක ඉක්මණින් යතුරු පැදියවෙත දිවගියා.

යතුර දමා ස්වයං පණගැන්වුම(සෙල්ෆ් ස්ටාර්ට්) සිදුකලත් එය පණගැන්වුනේ නෑ..පසුව දෙතුන් වරක් පාදයෙන් පණගැන්වුම සිදුකල පසු ක්‍රියාත්මකවු එය අවිශ්ක රැගෙන මාවතට පිවිසුනා.මාතර බෝධිය පසු වුනා... සාන්ත තෝමස් විදුහල පසු වුනා... නූපේ මංසන්ධිය අසලට පැමණියා. දරුපැටියා පිළිබද සුන්දර සිහින මවමින් පැමිණි අවිශ්ක නොදැනුවත්වම එකවර මාර්ගය මැදට පිවිසුනා..... කොළඔ බලා වේගයෙන් ධාවනයවු බස් රථය මහ හඬ නංවමින් තිරිංග තදකරමින් ඇදී යනු මග දෙපස සිටියවුන් හිස් බමමින් බලා සිටියා.

අවිශ්ක පැදවු යතුරුපැදිය බස්රථය යට සිරවී පාරේ මද දුරක් ඇදි ගොස් තිබුනා. අවිශ්ක... ඔව්... අපේ හිතවතා... සුන්දර පෙම්වතා....කුළුඳුල් පියා.....යතුරුපැදියෙන් විසිවිගොස් පාරේ පදිකවේදිකාවක හිස වැදී නිහඬව නිසලව වැතිර සිටියා.

දිනිති පුතු පැටියා තුරුළුකරගෙන අවිශ්ක එනතුරු බලා සිටියා...

ඔයා මේ කියවන අද දිනය වන විට මේ සිදුවීම සිදුවෙලා සිව්වසරක් පමන වෙලා කියලා සිතන්න.අදත් දිනිති සිය පුතු පැටියා ආදරෙන් රැකබලාගනිමින් අවිශ්කගේ අනාගත පැතුම් ඉටුකරන්නට තනිවම වෙර දරනවා.පුංචි පුතා පියා ගැන විමසද්දි දිනිති සිතෙන් හඬන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. ඒත් ඇ ඒ බව පුතාට දැනෙන්න හරින්නෙ නෑ.ඈ සෑම විටම අවිශ්ක තමා සමග සිටින බව විශ්වාස කරනවා.තමාට මගපෙන්වන බව විශ්වාස කරනවා.

ඔයාටත් සමාජයේ දී දිනිතිවගේ දිරිය මව්වරු මුණ ගැසේවි. එවන් අය දෙස ‍ගෞරවයෙන් නැතිනම් සොයුරු පෙමින් බලන්න... ඔවුන් ට අවශ්‍ය එවන් ආරක්ෂාවක් පමණි.

පසු සටහන: මේ සිද්දි සියල්ල මලිත්ගේ දින සටහන් අසුරින් පසුව සැකසූ සිද්දි පෙලක් ලෙස ඔයාගේ සිතට දැනුනා නම් ඔයා හරියටම මේ කතාව කියවලා තියනවා.මම මුලින් චරිත හදුන්වාදීමේ ලිපියේ ප්‍රධාන චරිත අතරට මලිත් නොදැම්මේ ඒක නොගැලපෙන නිසයි.

 
ඔයාගෙ කමෙන්ට්ස් අපිට ගොඩක් වටිනවා. ස්තූතියි!
                                
මම WAUS.(සම්පත් වීරතුංග ආරච්චි)

video



සමාප්තයි.


අපේ ජීවිත වලට සම්බන්ධ බොහෝ සිදුවිම් වලට අදාලව ගීතයක් තිබීම පුදුම දෙයක් නේ ද?
ඉතින් ඒ ගීතවලට දායක වුනු අපේ ගායක,ගායිකා පිරිසට වගේම ගී රචකයින්,තනු නිර්මාණ ශිල්පීන් ආදී හැමෝම අපි ‍‍ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන.
                                                 
kiripenimw@gmail.com

11 comments:

  1. අලුත් වැඩක්. කතාව ෙහාදයි,ෙකාටස් ඉක්මනින් අප්ෙලා්ඩ් කරන්න.

    ReplyDelete
  2. ඇයි මුල් කොටස් ඉවත් කරන්නේ? එක ලොකු අසාදාරනයක්. ඉතින් කතාව කියවන්න එපා වෙනවානේ. මුල දන්නේ නැතුව/

    ReplyDelete
    Replies
    1. වර්ණා, අපි ඒවා ඉවත් කළේ මේ පිටුව දිගට දිගට තියනකොට එපා වෙයි කියලා.‍අපි මේ බ්ලොග් කලාවට අලුත්.කොහොමද පරණ කොටස් වෙනම පිටුවක දැම්මොත්.ඒක හරියයි ද? නැතිනම් ක්‍රමයක් කියන්න අපි කරන්නම්.

      Delete
    2. ලේබල් තියාගන්න. කතාවේ නම දාලා ලේබලයක් සාදාගන්න. කතාවේ කොටසක් ලියුවට පස්සේ එක ඒ ලේබලේට ඇතුළු කරන්න. එතකොට ඒ ලේබලයේ තියෙන්නේ නවකතාවේ කොටස් ටික විතරයි. එතකොට අලුතින් බලන අයට ලේසියි. උදාහරණ ඕනානම් මගේ බ්ලොග් එකේ ලේබල කියලා තියෙන විජේට්ටුව බලන්න.

      Delete
  3. පරණ කතා ටිකත් දාන්න. පේජ් එකක් දාන්න එපා මේකට. නව කතාව Label එකක් යටතේ පබ්ලිෂ් කරන්න. ඊට පස්සේ ඒ ලේබල් එකට පේජ් එකක් හදන්න. එතකොට හරි. හැබැයි ලේබල් එක‍ට පේජ් එක හදන්න theme එකේ xml එඩිට් කරන්න වෙනවා.

    ReplyDelete
  4. ආනේ සහෝ ඔය හුටපට වැඩ තාම අපිට තේරුමක් නෑ.HTML නං මොකක් හරි කරතහැකි xml තමා වැඩේ!!.එතකං වෙන මොකක් හරි ක්‍රමයක් බලන්නං.ඔයාගේ අදහසට ස්තූතියි!

    ReplyDelete
  5. Kathawa lassanai,, eth comments dana vidiya patalila neda? Ada kathawa ta comments watena vidiyata hadanna,, man waradida manda?!!!!!

    Kathawa ikmanata digata danna,,,

    ReplyDelete
  6. niyama wadak.. lassana kathawa...

    ReplyDelete
  7. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete