ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, March 30, 2014

බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වුනා.... ඔයා පාස් ද?

පසුගිය සතියේ අපි පැවසු බුද්ධි පරීක්ෂණය ඊයේ(29/03/2014) පැවැත්වුනා. අද ප්‍රතිඵල නිකුත් වුනා. ලියපු අය කවුරුත් සතුටු ඇති නේ ද? ඇයි මොන විදියකින් හරි සෑහිමකට පත්වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් නේ ආවේ!

දෙපාර්තමේන්තුවට අනුව සමස්ථය ගත්තාම 55% ක් විතර සමත් ලු. 45% විතර අසමත් ලු... ඇත්තටම සමත් මොන පිරිසද කියලා අපි කාටත් ඉස්සරහට අත්දැකීමෙන් ම තේරුම් ගන්න පුළුවන් වෙයි.

හරි...

අපි බුද්ධි පරීක්ෂණය කිය කියා මේ දොඩවන්නෙ දකුණු හා බස්නාහිර පලාත් මැතිවරණය පිලිබඳව බව ඔයා දන්නවා නේ?

දැන් අපි ප්‍රතිඵල ගැන සරල විශ්ලේෂණයක් කරමු...(අපි දේශපාලන විද්‍යා පොරවල් නෙවි. නිකං ඡන්ද දායකයො විතරයි)

සියල්ල බැළුවාම ආණ්ඩුවේ ඡන්ද පදනමේ දෙදරායාමක් ඕන කෙනෙකුට පේනවා නේ(ඇමතිලා හි‍තේ දුකට මොනවා කිව්වත්)ඒ වගේම එ.ජා.පෙත් සතුටු දායක මට්ටමක නෑ නේ(ඒක කොහොමත් උපන්නට වැනෙන එකක් නෙව) මේ සැරේ දිනුමක් ලබපු පිරිස ලෙස සතුටු වෙන්න පුළුවන් කම ඇත්තටම තියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට පමණයි.

විශේෂයෙන්ම ජ.වි.පෙ. නව නායකත්වය වටා විශාල තරුණ පරපුරක් එක්රැස්වෙන බව දේශපාලන අන්ධයෙකුට වුනත් පේනවා. ඒක ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් සංඥාවක් කියලා දැං වත් එහි පුටුව බදාගෙන සිටින ජාති අන්ධයට පෙනුනොත් ලබන සැරේවත් ගොඩ යාමක් තියේවි.(ආහ්! අපිට අමතක වුනා,එයාලට ඇත්තටම ගොඩයන්න ඕන නෑ නෙ.)

රජය තමන් යන ගමන ගැන නැවත නැවත සිතා බැලීම ඔවුන් ගේ අනාගත සුබ සිද්ධියට වැඩදායී වෙයි කියලා අපිට හිතෙනවා.මොකද ජනතාව සීඝ්‍රලෙස විකල්ප සොයනවා! විශේෂයෙන්ම අතිගරු ජනපතිඳුන් ඇතුළු ඇමතිවරු රැසක් නියෝජනය කරන දකුණේ ජනතාව ආණ්ඩුවෙන් ඈත්වෙමින් විකල්ප වෙත යොමුවීම සහ සංවර්ධන ක්‍රියාදාමය කේන්ද්‍රවීම ඔවුන් දකින ආකාර පිලිබිඹු කරනවා විය නොහැකි ද? සංවර්ධනය සහ ජනතාවගේ ජීවන වියදම ඇතුළු සමාජ ආර්ථික පසුබිම පිලිබඳ රජයේ සංවේදීතාව ප්‍රශ්නගත වී ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානය මැතිවරණය අති විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත.අපි ඔවුන්ට සුබ පතමු!

බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල පිලිතුරු ලියු අයගෙන් බහුතරයකට විශේෂයෙන්ම "ගොටුකොළ කැඳ" කෝප්පය බැගින් උදේට උදේට පානයට නිර්දේශ කල හැක්කේ එය බුද්ධි වර්ධනයට හේතුවන බවට ජන මතයක් පවතින නිසයි.

ඉතින් නිර්වින්දනයට ලක්ව තිබු රජයේ මධ්‍ය ස්නායු පද්ධතියට විද්‍යුත් දාරාවක් යවා වෙව්ලවා හැරීමට සමත්වු මේ මැතිවරණය කාට කාටත් මහත් වැඩදායි එකක් වු බව සහ එම කාර්යයට අපේ ලිපි යම් පමණකට හේතු වූවා නම් එය අපට සතුටකි.

කුමණ පක්ෂයකට හෝ තම කැමැත්ත පළකල ඡන්ද දායක සැමට අපේ සුබ පැතුම්!

(ප්‍රති මත සඳහා ද ඉඩ ඇත)

Saturday, March 22, 2014

බුද්ධි පරීක්ෂණය ලබන සතියේ!!

බස්නාහිර සහ දකුණේ ජීවත්වන ලාංකිකයන්ට රජය විසින් ලබන සතියේ බුද්ධී පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.විභාග දෙපාර්තමේන්තුව වෙනුවට මේ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව යොදාගැනීමට නියමිතය. මේ වන විට සියළු විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශපත් නිකුත් කර හමාරය.තව ද මේ විභාගය සඳහා යාමේදී ජාතික හැඳුනුම්පත හො වෙනත් අනන්‍යතා පතක් රැගෙන යාම අවශ්‍ය ලු.

විභාගය 29 දා පෙ.ව.7 සිට ප.ව.4 දක්වා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත් වේ ලු.

ඉතින් අපි හිතුවා මේ විභාගයට යන ඔයාලා වෙනුවෙන් අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න. ඔයාල මේ ප්‍රශ්න වලට පිලිතුරු ලියලා යටි සිතට යොමු කරලා හරි වැරදි බලාගන්න... එක් ප්‍රශන්යකට ලකුණු 10 ගානේ දාගෙන අවම වශයෙන් 40% ක් වත් ගන්න බලන්න. එහෙම උනොත් විභාගෙ ගොඩ! රටත් ගොඩ!

ප්‍රශ්න අංක 01
ඔබ වෙසෙන පළාත් සභාවෙන් ඔබට අවංක ප්‍රතිලාභයක් ලැබුනා ද?(ඔව් නම් ඔවුන්ම පත්කරන්න.පහත ප්‍රශ්න වලට පිලිතුරු දීම අනවශ්‍යයි.)

ප්‍රශ්න අංක 02
ජිනීවා ඔබේ පළාතට අයත් ද?

ප්‍රශ්න අංක 03
LLRC යෝජනා ගෙනාවේ කවුද?

ප්‍රශ්න අංක 04
පිල්ලේ ට "එව බලව" කිව්වේ කවුද?

ප්‍රශ්න අංක 05
පළාත් සභාව සහ විදුලි පුටු අතර සම්බන්ධයක් තිබේ ද?

ප්‍රශ්න අංක 06
අධිවේගී මග පළාත් සභාවට අයත් ද?

ප්‍රශ්න අංක 07
එක් පාර්ශ්වයකට අධි බලයක් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර ද?

ප්‍රශ්න අංක 08
මධ්‍යම පාලනයට හානියක් නොකර ඊට සංවේදනයන් ඇති කිරීමට අවශ්‍ය ද?

ප්‍රශ්න අංක 09
වංචා,දූෂණ,මැර බලය ආදී යහපාලනයට හානිකර දේ පිළිබඳ ඔබේ සංවේදිතාව කොපමණ ද?

ප්‍රශ්න අංක 10
සිංහල අවුරුද්දට බඩු ගන්න පසුම්බියේ මුදල් ප්‍රමාණවත් වේ ද?

යටි සිතේ ඇති සැබෑ පිලිතුරු පත්‍රය ඔබට සහය වනු ඇත.කුමණ ලකුණු ප්‍රමාණයක් ලැබුනත් 29 දා විභාගයට යන්න. ඒ ඔබේ එකම අයිතිවාසිකමයි.විශේෂයෙන් අපේ දකුණේ බුද්ධිමත් පිරිසට මේ ප්‍රශ්න පත්‍රය කිරි කජු වගේ ඇති.! පුද්ගල වාදයෙන් මිදී හෙට ගැන සිතමු... දන්න කියන අයටත් මේක දෙන්න.මීට පරස්පර ප්‍රශ්නාවලියක් ඔබ සතු නම් එකතු කරන්න.... අපි එයට ද ගරුකරමු.

අපි කුමක් කීවත් තීරකයා ඔබයි. නිදහසේ සිතන්න.
















Wednesday, March 5, 2014

අපෘෂ්ඨවංශී, ජනහිත කාවී,රට උලා කාපී සම්මානය දෙමුදෝ කාට?

අයි.ටි.එන් නිවුස් නැරඹීමෙන් පසු රෑ දහයට පමණ මා ඇඳට වැටුනේ සුවසේ නිදා ගැනීමේ අරමුණිනුයි.
කෙතරම් සුන්දර රටක අපි ජීවත් වන්නෙමු ද?සියල්ලට ම වඩා රට ගැන සිතන කාසිවාසි දෙස හොරැහිනවත් නොබලන උත්තමයින් නිරතුරු අපි රකිති.ඉතින් අපි කුමට බිය වෙමු ද?

කසඩ විපක්ෂ බලවේග රටට එරෙහි වීමට විටින් විට බලති(ඡන්ද කාලවල) උන් පට්ට පතුරු ගැසිය යතුය. ඒත් ඒ අමනයින් පක්ෂයට ආ කල, අහෝ! නැත.. උන් එසේ එන විට දුෂ්ඨ හැව විපක්ෂයේම දමා එන නිසා මල් තියා වැඳ පිළිගත යුතුය. මහින්ද අ‍(බේ)සුන්දර මහත්තයා මේ සියල්ල මනා ලෙස පැහැදිලි කර දෙන නිසා ගොනාට උනත් තේරෙන්නේය. ඒ පිනෙන්ම ඔහු අවීචිමහා දිව්‍යලෝකයට යනු ඇත.
(ලංකාව=ආශ්චර්යය,අවීචිය=දිව්‍යලෝකය)

එසේ සිතමින් නිදාගත්තෙමි.

බූ...හහ් හා....

Saturday, March 1, 2014

ඔබ මට තරුවකි-41(අවසාන කොටස)


පණිවිඩය ලද සැනින් දේවිකාත් වීරසූරියත් රෝහලට පැමිණියා. මංගලාත් දිසානායකත් රෝහල් කොරිඩෝවේ ඔබ මොබ ඇවිදිමින් සිටිනු ඔවුන් දුටුවා.

“කොහොමද මංගලා දුවට?” දේවිකා අවිනිශ්චිත ස්වරයෙන් විමසුවා.

පිවිසෙන්න... "නව කථාව" පිටුවට

(කමෙන්ට් එකක් දැම්මොත් වඩාත් හොඳයි.)