ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, July 5, 2014

වතුසුදු

ටිකකාලෙකින් මොකුත් ලියන්න බැරිවුනා.ලියන්න බොහෝ දේ රටේ නම් සිදුවුනා.ඒත් ඒ දේවල් පිළිබඳ කතාකිරීමත් බොහොම අප්‍රසන්න නිසා අපි අපේ අත්වලට අපිම විලංගු දාගත්තා.

අපි ප්‍රසන්න ‍දෙයක් කතා කරමු!

"මල්"

මල් කිව්වහම ඉතින් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මූණු මල් වගේ පිරිලා ඉහේ මලක් පිපිච්ච ගානට එනව නේ.
ඒත් අපි කියන්නෙ ෆෝන් එකෙන් කඩන ඒ මල් ගැන නෙවෙයි.ගස්වල හැදෙන සුවඳ හමන සැබෑ මල් ගැන.

ඇත්තටම මල් හැදෙන්නෙ මොකටද?

5 වසරෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි නේ?!

මල් තමයි සපුෂ්ප ශාඛවල අනාගත පැවැත්ම තීරණය කරන්නෙ,නේද? ඒකියන්නෙ මල්පරාගණය වෙලා හැදෙන ඵල තමයි ඒ ඒ ශාඛවල මීලඟ පරම්පරාව බිහි කරන්නෙ. ඒක තමයි සරළව ගත්තොත් මලකින් ගසකට ඇති ප්‍රයෝජනය.

ඒත්...

එම ප්‍රයෝජනය නොදෙන මල් ද ගස් විසින් ලොවට තිළිණ කරනවා. කවුරුත් දන්න "වතුසුදු" මල් කිසිම දිනක ඵල දරණව ද? එසේනම් ගසට ඉන් ඇති ප්‍රයෝජනය කුමක් ද? සුවඳක් ද නැති මේ මල කුමණ කරුණක් උදෙසා පිපෙන්නේ ද? බෞද්ධයා බුදු පුදට ගැනීම වෙනුවෙන් යොදා නොගන්නට මේ මලින් ගසේ ප්‍රචාරණයට සෙතක් වේ ද? බෞද්ධයින් නැති ලොවක ගසේ පැවැත්ම තහවුරු කරන්නෝ කවුරුන් ද?

නමුත් වතුසුදු ගස ලොවට එක් ආදර්ශයක් දෙයි, එනම් තමාට පලක් නොවුන ද මිනිස් පිරිසකට විපුල ඵල ද කෘමි සතුන්ට අහර ද සපයන දෙයක් තව දුරටත් සිය ශක්තිය වැය කරමින් දරා සිටීමයි. වතුසුදු ඇත්තටම පින්වත් ශාඛයකි.

ඔබේ අදහස කුමක් ද?

No comments:

Post a Comment