ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, February 22, 2014

ඔබ මට තරුවකි 40 (අවසන් පූර්ව කොටස)

ඉතින් රසවතුනි, මෙතෙක් කලක් ඔබ ආදරෙන් රස විදි මේ නව කතාව ඔබට අවැසි නම් මෙතනින් අවසන් කල හැකිය.... එහෙත් කතාවේ සැබෑ අවසානය මෙය නොවේ... එය විමසා බැලීමට අවැසි නම් මීලඟ කොටස තෙක් මඳක් ඉවසන්න....

"නව කථාව"

Wednesday, February 5, 2014

ඔබ මට තරුවකි 39


“අපේ බූරුවට පිස්සුද? කසාද බැදපු එකියක්ව කැන්දන් එන්න...” අවිශ්කගේ පියාගේ දැඩි විරෝධය එසේ මතුවෙද්දී “අනික මහ අවාසනාවන්ත කෙල්ලක්” යනුවෙන් අවි අමෝරාගන්නට මව සූදානම් වුනා.

නිවෙන්නට ලං වන තරුවේ අවසන් කිරණ රැස....(පිවිසෙන්න,"නවකථාව" පිටුවට)

Tuesday, February 4, 2014

ණයකාරයාගේ නිදහස

ඇමරිකාවෙ මාමා ට
චීනෙ නැන්දා ට
ඉන්දියාවේ අයියා ට

තවත්

හුගදෙනෙකු ට

ණය දෙන්න ඇත මට

ඒත් නිදහස් ලු මං

ඇත්ත ද බං!?

Monday, February 3, 2014

ජීවන මේ ගමන සංසාරේ....

ඔයාලා කවුරුත් සෙවනැලි දැකලා ඇති නේ? ඒත් සෙවනැල්ලෙන් වැඩගන්න හිතලා තියද?
සෙවනැල්ල අස්පෘශ්‍ය වත්කමක් කරගත්තු අති දක්ෂ පිරිසක් කරපු අතිශය සංවේදී රූපාවලියක් දකින්න ඔබට කරන ආරාධනයයි මේ.

අපේ අළුත්ම ලේබලය වන "සංවේදී" යටතේ ඔයා සමග මිනිස්කම,උත්තුංග මානුෂීය වටිනාකම් ගැන සංවාදයක් කරන්න අපි කැමතියි.

මේ රූපරාමු පෙළ අවසන්වනතුරු බලන්න.උපුටා ගත්තෙ "Britain's got Talent" වැඩසටහනින්.හැබැයි මේ දක්ෂ කන්ඩායම බ්‍රිතාන්‍ය පිරිසක් නෙවෙයි.ඒත් ඔවුන්ගෙ දක්ෂකම ජාති බේද නොතකා ඔවුන්ට ඉදිරියට යන්න පාර සැකසුවා.

මේ ATTRACTION ‍සෙවනැලි සලරූ කන්ඩායමයි...


Saturday, February 1, 2014

අනේ අනිච්චං! හෙට රට කොයිබට ද?

ඊයේ(31/01/2014) සිරස බැළුව ද? සිරස කිව්වේ ඔලුව බැළුව ද කියන එක නෙවි කියලා ඔලුව තියන අයට කියන්න ඕන නෑ නේ.ඒත් අපේ රටේ හොදම ඔලු ටික ඊයේ "සිරස ලක්ෂපති" වැඩසටහනට කැදවලා තිබුනා.ඉතාම අගේ කලයුතු දෙයක්!

ඒත්....

වැඩසටහන යද්දි අපිට අපේ ඔලු පරීක්ෂා කරගන්න හිතුනා. ඒ මේ රටේ හෙට දවසේ ජීවත් වෙන එකේ තේරුමක් තියේවි ද කියලා.

ඇයි? ඒ.... ඔබට එහෙම විමසන්න සිතුනා නේ ද?

සිරස ලක්ෂපති වැඩසටහනට ඊයේ කැදවා තිබුනේ පසුගිය වර අ.පො.ස. උ/පෙළ ලංකාවෙන්ම 1 සහ 2 වුනු දක්ෂ කොල්ලො කෙල්ලො ටිකක්.විවිධ විෂයපත ඔස්සේ රට දිනු පිරිසක්.

මුලින්ම Hot Seat එකට අවේ ජීව විද්‍යා මල්ලියා. දැනුම හොදයි.. ඒත් ඒ දරුවා චිරප්‍රසිද්ධ "සුළං කුරුල්ලෝ" ගීතය අසාවත් නෑ ලු.කුමන රසඥතාවක් ද මේ!

පසුව පැමිණි  නංගියා තමා ගේ ප්‍රධාන ආහාරය සැකසෙන විධිය වත් නොදනී... වී ඇටය සහල් වන්නේ කුමන තැනක දී ද නොදනී. කුඹුර,කමත..... වංගෙඩිය යනාදි පිළිතුරු අතරින් එකක් තේරීමට නොහැකිව ප්‍රේක්ෂකාගාරයට බාරදෙයි! අඩුම තරමේ සිතන්නට වත් බැරි ද?

මෙවන් අය ද හෙට රට බාර ගන්නේ? ගොවියා දහදුක් විද සකසන වී ටික සහල් වී(දැන් නම් මෝලේ දී) මා පියන් දහ දුක් විද උපයන මුදලින් එය බත් වී තම ඉදිරියට ආවිට මොවුන් ගිලී වී.. එපමණකි.

මේ මොවුන් ගේ වරද නොව අධ්‍යාපන ක්‍රමයේ වරදකි.මෙවන් පිරිස් පාලනය කීරීම පහසු නිසා පාලකයින් ද මේ ක්‍රමය වෙනස් නොකරති.

සංවාදයට ගතයුතු කරුණක් ලෙස ඔයාට දැනුනා නම් අදහසක් පළකරන්න අමතක කරන්න එපා.