ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, February 1, 2014

අනේ අනිච්චං! හෙට රට කොයිබට ද?

ඊයේ(31/01/2014) සිරස බැළුව ද? සිරස කිව්වේ ඔලුව බැළුව ද කියන එක නෙවි කියලා ඔලුව තියන අයට කියන්න ඕන නෑ නේ.ඒත් අපේ රටේ හොදම ඔලු ටික ඊයේ "සිරස ලක්ෂපති" වැඩසටහනට කැදවලා තිබුනා.ඉතාම අගේ කලයුතු දෙයක්!

ඒත්....

වැඩසටහන යද්දි අපිට අපේ ඔලු පරීක්ෂා කරගන්න හිතුනා. ඒ මේ රටේ හෙට දවසේ ජීවත් වෙන එකේ තේරුමක් තියේවි ද කියලා.

ඇයි? ඒ.... ඔබට එහෙම විමසන්න සිතුනා නේ ද?

සිරස ලක්ෂපති වැඩසටහනට ඊයේ කැදවා තිබුනේ පසුගිය වර අ.පො.ස. උ/පෙළ ලංකාවෙන්ම 1 සහ 2 වුනු දක්ෂ කොල්ලො කෙල්ලො ටිකක්.විවිධ විෂයපත ඔස්සේ රට දිනු පිරිසක්.

මුලින්ම Hot Seat එකට අවේ ජීව විද්‍යා මල්ලියා. දැනුම හොදයි.. ඒත් ඒ දරුවා චිරප්‍රසිද්ධ "සුළං කුරුල්ලෝ" ගීතය අසාවත් නෑ ලු.කුමන රසඥතාවක් ද මේ!

පසුව පැමිණි  නංගියා තමා ගේ ප්‍රධාන ආහාරය සැකසෙන විධිය වත් නොදනී... වී ඇටය සහල් වන්නේ කුමන තැනක දී ද නොදනී. කුඹුර,කමත..... වංගෙඩිය යනාදි පිළිතුරු අතරින් එකක් තේරීමට නොහැකිව ප්‍රේක්ෂකාගාරයට බාරදෙයි! අඩුම තරමේ සිතන්නට වත් බැරි ද?

මෙවන් අය ද හෙට රට බාර ගන්නේ? ගොවියා දහදුක් විද සකසන වී ටික සහල් වී(දැන් නම් මෝලේ දී) මා පියන් දහ දුක් විද උපයන මුදලින් එය බත් වී තම ඉදිරියට ආවිට මොවුන් ගිලී වී.. එපමණකි.

මේ මොවුන් ගේ වරද නොව අධ්‍යාපන ක්‍රමයේ වරදකි.මෙවන් පිරිස් පාලනය කීරීම පහසු නිසා පාලකයින් ද මේ ක්‍රමය වෙනස් නොකරති.

සංවාදයට ගතයුතු කරුණක් ලෙස ඔයාට දැනුනා නම් අදහසක් පළකරන්න අමතක කරන්න එපා.


6 comments:

  1. අනේ අනිච්චං තමයි....
    මොන තරම් ඉගෙන ගත්තත් වැඩක් තියේවිද..ජීවිතේ ජීවත් වෙන්න ඉගෙන ගෙන නැත්නම්.නිර්මාණශීලි බවක්,ප්‍රායෝගික බවක් නොදත්තවුන් නව මාවත් විවර කරයිද,තරගකාරී අධ්‍යාපන රටාව ළමා කාලය,සොබාදහම,ජීවිතේ සැබෑ විදීම් ඒ සියල්ලක්ම අමතක කර දමලා...

    ReplyDelete
  2. උන් ඕව නොදනගත්තට උබල අපි නොදන්න මොනතරම් දේවල් දන්නවද.. හැමෝම දන්නා දේ නොදනගත්තට කමක් නෑ . නිව්ටන් , ඇල්බට් කාටත් ඔය වගේ දේවල් හරියට බෑ කියලා බොට අමුතුවෙන් පහදන්න දෙයක් නෑනේ .....

    ReplyDelete
  3. අම්මප බෞද්ධයෝ , එත් මේ වගේ උන් නම් කුඹුරේ හාන මී හරක්ටත් අන්තයි.

    ReplyDelete
  4. අදහස් සියල්ලට ස්තූතියි! නාදුනන්නා(anonymous) නොසැංගී කීවනම් නේ හොද.අනික මේ අවකාශයේ සංයමයත් ගොඩක් වටිනව නේද...?

    ReplyDelete
  5. උන් අපොස උසස් පෙළ ඉහලම උනේත් අපි නොවුනෙත් උන් අපිට වඩා ඇත්තටම දක්ෂ නිසාය.අද තියන අධයාපන, සමාජ හා සන්ස්කෘතික ක්‍රමය තුල විශෙෂයෙන්ම කොලඹ හා තදාසන්න ප්‍රදේශ වල ඉන්න ගොඩක් පොඩි උන්ට ඔය වගේ අත්දැකීම් ලබෙන්නෙම නැති තරම්ය.කුඹුරකට නොබැහැපු එකෙක් ඒක ගැන දන්නේ කොහොමද බං?
    ඩෑන් බ්‍රවුන් ගේ පොත් මහ ඉහලින් කියවන, කිස් එෆ් එම්,වයි එෆ් එම් අහන්න පුරුදුවෙච්ච කොල්ලො කෙල්ලො සෙට් එකකින් අපිට අපේ පරණ පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ දැනීමක් බලාපොරොත්තු වෙන්න නම් බැරිය.
    ඇත්තටම වැරැද්ද ඔය පොඩි උන්ගේ නොව..උන්ගේ ඔලුවට හරිදේවල් නොදාන මහ එවුන්ගේය..ඔබ මතුකල ප්‍රශ්නය හරියටම හරිය,නමුත් ඇඟිල්ල දික්කල තැන වැරදිය...
    නෝ ඔෆෙන්ස් ! :)

    ReplyDelete
  6. මමත් හිතන්නෙ මේක අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. දැන් ඉන්න ලමයින්ගේ thinking capacity එක හරිම අඩුයි. කැමිපස් වලින් පිට වන උන් දිහා බලන්න. 95% ක් ම හිතල වැබක් කරන්න දන්න අය නෙවේ. කොමන් සෙන්ස් බින්දුවයි. (සමහරු කියයි මම ඉරිසියාවට කියනවා කියලා. මමත් උපාධිධාරියෙක්) මේ ලඟදි මම තරුණ තරුණියන් පිරිසක් Interview කලා රැකියාවකට. මට හිතුනෙත් "අනේ අනිච්චං! හෙට රට කොයිබට ද?" කියලමයි

    ReplyDelete