ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, January 29, 2013

බලන්න වටින ඇඩ්...

අපිට පරණ කාලෙ දැන්වීම් දෙකක් දකින්න ලැබුනා. ඉතින් අපි හිතුවා ඔයාලටත් පෙන්නුවොත් හොදයි කියලා. බලන්න කොච්චර සරළ ද කියලා.මාතර දැන්වීමකුත් තිබුන නිසා අපිට ගොඩක් විශේෂයි කියලා හිතුනා.

                                                            කොච්චර ලා‍භ ද, නේ?

      මාතර අය කවදත් අන් අයට සිනාවෙන්න අතදෙන්න කැමතියි නේ...(අනුන්ට සිනාවෙන්න නෙමෙයි)

Sunday, January 27, 2013

ඔබ මට තරුවකි 32


අනේ දුවේ...! දේවිකා වහාම පැන දිනිතිව ඔසවා ඇදමත හරියාකාරව සැතපුවා. ඇගේ කම්මුල් වලට සෙමෙන් ගැසුවා.කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ.

අනේ කවුරුත් නැද්දෝ...!

"නව කථාව" බලන්න...

Sunday, January 13, 2013

කුක්කු කූ..කූ..........

ඔන්න යාළුවනේ මේ අවුරුද්දේ හාහා පුරා කියලා ගණිත ගැටළුවක් දෙන්නයි මේ හදන්නේ.බොහෝ දෙනෙක් මේ වැඩේට උනන්දු නිසා අපි ඒ උනන්දුව අඩුවෙන්න කලින් ඔයාලට මේක දෙන්න හිතුවා.මේ ගැටළුව නම් කලින් ඒවාට වඩා ගොඩක් පහසු වේවි.

ඔන්න ඉතින් එක ගෙදරක කුකුල්ලු තුන් දෙනනෙක්(03) හිටිය ලු.

Tuesday, January 8, 2013

අපිට 1 යි අපි 1ටයි...


රුහුණේ සාරය-කිරි පැණි! 

ඒ අපේ තේමාව බව අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා කවුරුත් දන්නවා නේ.ඉතින් රසවතුනි,මේ තේමාව අනුව ඔබට විවිධ විශේෂාංග ඉදිරිපත් කරමින් වඩාත් අර්ථවත් බ්ලොග් කලාවක් ඇතිකිරීමට අපි උත්සාහ කළා. ඔව්.. ඒ උත්සාහය අරඹා අදට හරියටම වසරයි.

මේ කෙටි කාලයතුල අපි පෝස්ට්(ලිපි) හැටක් හැත්තෑවක් පමණ ඉදිරිපත් කළා(නව කථාවේ යාවත්කාලීන දැන්විම් ද ඇතුළුව).මෙම ලිපිය කියවන ඔබ ද ඇතුළුව ගෞරවනීය ප්‍රෙක්ෂකයින් පිවිසුම් වාර හය දහස් පන්සියය (6500) ඉක්මවා අපවෙත පැමිණියා. ස්තූතියි!!!

අපි ඔබත් සමග බොහෝ දේ කතා කළා.ප්‍රහසනය,තර්කනය,බුද්ධි වර්ධනය යන අංශයන් ඔස්සේ අපි මේ නිදහස් අන්තර්ජාල අවකාශය ප්‍රයොජනවත් ලෙස පරිහරනය කරන්න ‍වැරවෑයම් කළා.එහි සාර්ථකත්වය කෙතරම් ද කියා අපි නොදන්නාමුත් ඔබ දන්නවා විය හැකියි.

මිත්‍යාවන්ට එරෙහිව අපි පුංචි ගිණි පුළිගුවක් බිහිකළා.(ජ්‍යෝතිෂ්‍ය නම් වූ තිරස්චීන මිත්‍යාව)එයින් වේදනාවට පත්වු ඇතමුන් අපිට තර්ජනාත්මක අවවාද දුන්නා.ඒ ඔවුන් කීයක් හෝ උපයා ගන්නේ මිනිසුන්ට මෙම කසිකබල් මිත්‍යාව අලෙවි කිරීමෙන් වන නිසා විනා අවම වශයෙන් හෝ ඔවුන්වත් මෙයට ගරුකරන නිසා නම් නොවේ.මේ ලැබු නව වසරේ වත් මෙම උවදුරෙන් ගැලවි උට්ඨානවීර්ය පළමු තැන තබා,ඔබට හැකියාව ඇති මොහොතේම සුභ කටයුතු අරඹන ලෙස බුද්ධිමත් ඔබගෙන් ඉල්ලා සීටීමු. එය අපගේ මේ වසරේ ද ඉල්ලීමයි. ඔබ ඔබ ගැන විශ්වාස තබන්න.

කාලීන සිදුවිම් තීරුලිපි ආකෘතියෙන් ඔබට සමීපකරිම සදහා අපි දැරූ උත්සාහය තමයි “කිරි ආතාගේ කතා”.මේ මගින් යම් යම් කාලීන සිදුවීම් උපහාසාත්මකව(අපහාසනොවේ) සාකච්ජාවට බදුන්කිරීමට අපි අදහස් කළා.එය සාර්ථක කරමින් බොහෝදෙනා එම ලිපි රසවිද තිබුනා.

“ඔබ මට තරුවකි” අපේ නව කථාව වසරකට ආසන්න කාලයක් ඔබට ඉදිරිපත්කරන්න අපිට පුළුවන් වුනා.දැන් එය අවසානයට ලගාවෙමින් තිබෙනවා.බොහෝ දෙනෙක් එහි යාවජිව රසවතුන් බව අපි දන්නවා. 

තවත් විශේෂ ස්තූතියක් තියනවා... ඒ අපේවගේ සිංහල බ්ලොග් අඩවි ඒකරාශි කරන සින්ඩි පවත්වාගෙනයන පිරිස.විශේෂයෙන්ම “සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය” සහ "අපි අපිට" බ්ලොග් සින්ඩි නම් කරන්න පුළුවන්.ඔබ සියළුදෙනාටම ස්තූතියි!!

                                                        

Tuesday, January 1, 2013

"2013" සුභ නව වසරක් වේවා!!

අදින් ආරම්භවු මේ නව වසරේ ඔබේ සියළුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවායි අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමු. අපේ පළමු සංවත්සරයට ද තව දින අටක් පමණක් ඇති බව ඔබට සතුටින් දන්වා සිටිමු.