ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, March 5, 2014

අපෘෂ්ඨවංශී, ජනහිත කාවී,රට උලා කාපී සම්මානය දෙමුදෝ කාට?

අයි.ටි.එන් නිවුස් නැරඹීමෙන් පසු රෑ දහයට පමණ මා ඇඳට වැටුනේ සුවසේ නිදා ගැනීමේ අරමුණිනුයි.
කෙතරම් සුන්දර රටක අපි ජීවත් වන්නෙමු ද?සියල්ලට ම වඩා රට ගැන සිතන කාසිවාසි දෙස හොරැහිනවත් නොබලන උත්තමයින් නිරතුරු අපි රකිති.ඉතින් අපි කුමට බිය වෙමු ද?

කසඩ විපක්ෂ බලවේග රටට එරෙහි වීමට විටින් විට බලති(ඡන්ද කාලවල) උන් පට්ට පතුරු ගැසිය යතුය. ඒත් ඒ අමනයින් පක්ෂයට ආ කල, අහෝ! නැත.. උන් එසේ එන විට දුෂ්ඨ හැව විපක්ෂයේම දමා එන නිසා මල් තියා වැඳ පිළිගත යුතුය. මහින්ද අ‍(බේ)සුන්දර මහත්තයා මේ සියල්ල මනා ලෙස පැහැදිලි කර දෙන නිසා ගොනාට උනත් තේරෙන්නේය. ඒ පිනෙන්ම ඔහු අවීචිමහා දිව්‍යලෝකයට යනු ඇත.
(ලංකාව=ආශ්චර්යය,අවීචිය=දිව්‍යලෝකය)

එසේ සිතමින් නිදාගත්තෙමි.

බූ...හහ් හා....



ආ! කොල්ලෝ

මොන නින්දක් ද? එකපාරම ආතා ආපි!

මොකෝ ආතෙ? මං හිතුවා කාලෙකින් නාපු නිසා චුතවෙලා කියලා.

"මොන නෑමක් ද බං.... මම මේ වතුර පොදක් නැතුව ඉන්නෙ"

"නාපු" කිව්වෙ "නොආපු" කියන එක.... මල වදේ.... ඉතිං මොකෝ මේ!?

"ආහ් ඒක මිසක්... මම මේ ආවෙ බොගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න."

ඔව් ඉතින් ආවොත් එන්නෙ එහෙම දේකටම නෙව.... ඉස්සරත් එහෙමයි නේ. මොකක්ද උදව්ව?

"මේකයි... දැන් බොලාගෙ ලෝකෙ හැම එකාටම ගහුරව නාම දෙනවළු නේ?"

 ඔව්... ඔය දේශප්‍රේමයෝ කියන කොට්ටාසෙකට මොන මොනවද රට බයිල වගයක් ලියපු සුරුන්ඩු කොල බෙදනව නම් දැක්ක තමයි."

නෑ නෑ.. ‍එහෙම නෙවි රෙදි හොරුන්ටත් එව්වා දීලා තියනවයි කියන්නේ!

බොරු..බොරු.. එහෙම වෙන්න බෑ... අපේ හාන්දුරුවරු ඕවා දෙන්නෙ හොඳට හොයලා බලලා. ඒවා ගන්න නං  මාරාන්තික උපවාස කරලා,ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන්ට(චීන අධිරාජ්‍යවාදයට හැර)පස්පඩංගුවේ බැණලා කොලිෆයිඩ් වෙන්න ඕන."

අනේ උඹ දන්න මගුල අර හිච්චි කෙල්ලෙකුට දීලා තියෙන්නේ "ජනී ජන රෙදි හොරාගනී" ද මොකක්ද කියල එකක්.

හරි... දැං මොකක් ද වෙන්න ඕන?

"අනේ කොල්ලො මගේ සොහොනෙ ගහන්න මොකක් හරි ගහුරව කෑල්ලක් අරං දියංකො"

අනේ අනේ.... මැරිලත් තණ්හාව.. හා හා බලමුකෝ... හැබැයි මේ දෙන විදියට තව වචන කෑළි තියනවද මන්දා?

ට්‍රීං.....

ඔන්න ඉතිං උදේ වුනා.මං අවදි වුනා...


No comments:

Post a Comment