ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, February 14, 2012

කතා සළාදේ

මාතෘකා කීපයක් කැටිකරලා කතාවක් දමන්නයි මේ හදන්නේ.සමාවෙන්න එක එක ගැන වෙන වෙනම කතා කරන්න ඕන තමයි... ඒත් වෙලාව මදි.


  1. දිරිය කොල්ලෙකුගේ සිංහ නාදය!
   ඊයේ(12/02/2012) සිරස ලක්ෂපති වැඩසටහන බැලුවද? තුසිත වීරසිංහ කියලා අපි වගේම කෙනෙක් ඊයේ තරග වැදුනා. මගදි ඉවත්වෙන්න සිදුවුනත් ඔහු ඒ සුලු කාලය තුල සියල්ලන්ට වටිනා ආදර්ශ ටිකක් දුන්නා.
ඔහු පරිගනක ඉංජිනේරුවරයෙක් වෙනතෙක් ආපු ගමන රටටම කියාසිටියේ අසා සිටින්නන්ට සිනමාපටයක දර්ශන සිහිගන්වමින්.


තම මව තමාත් තම ආබාධිත මල්ලියාත් හදාගත් හැටි විස්තර කළේ හදවත් කම්පනය කරමින්.තමා ශිෂ්‍යත්වය සමත්වු අයුරු සහ ඉන්පසු සමාජයේ සිටින ඉරිසියාකාර හැතිකරය(ඔහු ඒ වචනය නොකිව්වත්,අපි කියන්නෙමු.) තම අතුපැල ගිනිබත් කළ හැටි,තමාට එදා පිහිටට ආ මිතුරාගේ පියා ආදීන් සිහි කළේ මව ගේ ද දෙනෙත් කදුලු අතරින් ආඩම්බරය කරා ගෙනයමිනුයි.වනසිව්පාවුන් අතර සිටි ඒ උතුම් පියතුමාට අපගේ ද උත්තමාචාරය!!!

අනේක විධ දුක් දොම්නස් මැද ඉදිරියට ගිය තුසිතට තවත් සාරු සාර අනාගතයක් උදාවේවායි මුලු හදවතින්ම පතමු!

    2.තෙල් නැග්ගේය, බස් නැත්තේ ය.

  අද පාරට බැස්සාට බස් නැත.තෙල් මිල ප්ලස් නිසාය.ඇත්තය මේ මිලට තෙල් ගසා පරණ මිලට ධාවනය කළනොහැකිය. ඒත් එක දවසක් හො ඉවසන්න තිබුනාය. චික් ය!!!
සහන දෙන බව රජය කියයි. විශ්වාස නැතැයි ගැමුණු කියයි(දුටු නොව බස්) .ඒකත් ඇත්තය කියන තරමට වැඩ කෙරෙනවා අඩුය.
ආණ්ඩුව කියන්නේ බස්වලට බෝට්ටුවලට සහන දෙන බවය.දුප්පත් ගම්වලට(එහෙම ඒවා තිය ද?) භුමිතෙල් සහන දෙන බවය.සහන කුමට ද ? කෙළින්ම වාහන ලැයිස්තුවක් ඉදිරිපත්කර ඒවාට පමණක් මිල වැඩි කරානම් ඉවරය.(වෑන්,කාර්...)

පහුගිය කාලයේ ලෝක වෙළදපොලේ අපේ ප්ලග් එක පැන්නුවා වාගේ මතකය.මහ පුදුම රටකි මේක.කොහේ හෝ සිටි අසමජ්ජාති දේශ ද්‍රෝහියෙක් කාටත්හොරා නැවත එය සවිකරන්නට ඇතිය.දැන් ඉතින් අර විදුලි කාර්මිකයා නැවත අපට පිහිටවනු ඇත. ඔහු දෙවියොම රකිත්වා!

No comments:

Post a Comment