ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, May 15, 2012

කිරි ආතා ගේ කතා

එලොව ගිය අපේ කිරි ආතා ඉදහිට මට හීනෙන් පෙනෙන්නේය. එසේ පෙනීසිටින ඔහු මනස්ගාත දොඩවන්නේය. අදසිට ඒ බහුභුත ටිකක් ඔබටත් කියන්නට මට හිතුනේය.කිරිආතා කී දේ ලියනවා මිස මා හිතා ලියන මගුලක් මෙහි නැත. ඒ නිසා මේ ලියන දෙවල්වල වගකීම ඔහු බාරගතයුතුය. ගැටළුවක් ඇත්නම් මළඋන් ගෙන්වන තැනකට ගොස් අපේ කිරි ආතා සිහිකරගෙන සිට ඔහු ගෙන්වා ප්‍රශ්න කරත්වා!


සිහින අංක 01

ආතා:
භූ හහ් හහ් හා.... පොඩි මුණුපුරෝ උඹ නිදිද?.... ෂැහ් ඇහුවෙම ගොං ප්‍රශ්නයක් නෙව.නිදි නැත්නං හිනෙට කනෙක්ට් උනේ කොහොමද?



මං: ආතේ අවුලක් නෑ බං උඹ ඉතින් අපේම ආතනේ! මොකෝ කේස් එක, අද මේ පැත්තෙ ආවේ?.

ආතා: බලහං බං අපේ භුත අදියාපන ඇමති මහ විකාර වැඩක් කොරල නෙව.

මං: ඒ මොකක්ද? භූත ඉස්කෝල ප්‍රයිවටයිස් කරන්න යනවද?

ආතා: නෑ බං ඒක නං ඉතින් ගානක් නෑ දැනුත් ඒ වගේ තමයි.කීයක් නං ගාස්තු ජාති ගෙවනවද අපි.ඒක නෙවි අ.පො.ස. ශා/පෙ ඉහළිං පාස් උනත් දැං ඉතින් මම ඉන්න භුත ජාතික පාසලෙන් වෙන හොද එකකට යන්න බෑ.! ඉහි ඉහි.

මං: අනේ අනේ අඩන්න එපා ආතෙ. උඹ තාම එහෙත් ඉස්කෝලෙ යනවද?මැරිලත් දැං අවුරුදු 20ක් විතර වෙනවා නේ?

ආතා:නොදකිං නොසංඩාලයා, උඹ අපේ පවුලෙ එකෙක් නං නෙවි.උඹ දන්නෙ නැද්ද අපේ පරංපරාවම එක විබාගෙ දෙතුංපාර ලියන බව.

මං: සොරි සොරි.ඉතිං ඔය නීතියෙං ආතේ උඹට නං අවුලක් වෙන්නේ නෑ.ඇයි ඉතින් උඹ ඉහලිං පාස් වෙන්නෙ නෑ නෙ... දිගටම ඕකෙම ඉදිත හැකි.

ආතා: තූ: විතරක්... බූරුවා! මම මේපාර පට්ට යන්න පාඩං කොරල මේ විබාගෙ ලියන්න දගලනවා, මට අල්ලපු ටවුමෙ ඉස්කෝලෙට පැනගන්න. මු මාව නෝන්ඩි කරනවා... චි..චී. උඹනං ඉතිං.....

මං: ඇයි ආතේ.උඹ ඉන්න ඉස්කෝලෙ ඔය පහසුකං එහෙම මදිද?

ආතා: ඇයි උඹ ඇවිත් දෙන්නද? මැට්ටා

මං:දැංම නං එන්න වෙන එකක් නෑ...

ආතා: හාපෝ උඹ එනකං නං මම ඉන්නෙත් නෑ

මං: ඇයි ඉතින් ඔච්චරම අනිත් ඉස්කෝලෙට යන්න දගලන්නේ. පහසුකම් හොදනං ඕකෙම ඉන්න එකනේ ඇත්තේ.

ආතා: ඉන්න... ඉන්න නෙවි මැරෙන්න වෙලා තියන්නෙ. අන්න බොලයි කිරි ආච්චි ගිය සැරේ පාස් වෙලා ඒ ඉස්කෝලෙට ගියා.දැනටමත් මක්වෙලාද දන්නෙ නෑ.... මං යනවා බං යන්න... බොට මේවා කියනවට වඩා හොදයි. භූත රොටියක් කාලා නිදාගන්න එක.

ආතා නොපෙනී ගියා. මම කල්පනා කලේ අපේ අදියාපන ලොක්කන්ට නං ඉතින් මේවා හිතෙන්නෙ නැති එක කොච්චර හොදද කියලා.... එහෙම හිතෙන්නෙම නෑ නේ!!! හරි ස්විට්..

                                                                           මම- කිරි බබා.

2 comments:

  1. :) දේශපාලන හීනයක්නේ

    ReplyDelete
  2. දැන් කාලේ හීනෙන් පේන්නෙත් මහ ජරා ජාතියේ ඒවා(දේශපාලන) තමයි.

    ReplyDelete