ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, September 6, 2012

පුංචි ගණිත ගැටළුවක්... ලිහලා බලමුද?

මේක අපේ යාළුවෙක් තමා කිව්වේ.ඔයාලත් මේවගේ වැඩවලට කැමති නිසා කියන්න හිතුවා.මේකයි සීන් එක:

ඔන්න එක ගහක අතු දෙකක් තිබුනළු,(ගහටම තිබුනේ අතු දෙක ද කියලා අහන්න එපා.) එයින් උඩ අත්තේ කුරුල්ලො යම් ප්‍රමාණයක් සිටියළු.පහළ අත්තෙත් යම් ප්‍රමාණයක් කුරුල්ලෝ සිටියළු.ඉතින් උඩ අත්තෙන් කුරුල්ලකේ ඇවිත් යට අත්තේ වැහුවොත් අතු දෙකේ සිටින කුරුල්ලන් ගණන සම සම වෙනවාළු, යට එකෙන් කුරුල්ලෙක් උඩ අත්තට ගියොත් යට අත්තේ සිටින කුරුල්ලන් ගණන වගේ දෙගුණයක් උඩ අත්තෙ ඉන්නවා ළු.(මේ අවස්ථාවන් වෙන වෙනම සිදුවේ යයි සිතන්න.)

හරි නේ...

එහෙනම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න අතු වල සිටි කුරුල්ලන් ගණන වෙන වෙනම?

අපැහැදිලි නම් ඒකත් කියන්න ‍හරි ද?

ආ තව දෙයක් කියන්න ඕන අපේ නව කථාව කොහොම හරි ලබන ඉරිදා යාවත්කාලීන කරනවා.අපි ඒ කතාව කියවන අයව අපහසුතාවයට පත්කරනවා නෙවි.කාර්ය්‍ය බහුලතාව නිසා නරවුල් මනසින් ඒක ලියන්න වෙන්නෙ නෑ. ඒ නිසා අනන්මනන් ලියලා සහෘදයින් අමාරුවේ දාන්නත් බෑ නේ...අපි කෙසේවත් කථාව අතර මග නවත්වන්නෙ නම් නෑ.අනිවා!!! දිගටම අපිත් සමග රැදීසිටින්න... ස්තූතියි.

6 comments:

  1. සිම්පල් නේ; උඩ අත්තේ 7යි යට අත්තේ 5යි

    ReplyDelete
  2. 7යි. 5යි.
    අපරාදේ,,,,මම ගාන හදල කමෙන්ට් බැලුවේ..

    ReplyDelete
  3. මමත් ගාන හදලා ඉවර වෙලා කොමන්ට් බැලුවේ ශික්.
    :D

    ReplyDelete
  4. සෑම දෙනාටම ස්තූතියි!!

    ReplyDelete