ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, February 25, 2012

මදුරු කරදරේ ඉවරයි!

අපි මේ බ්ලොග් ලියන තැන පුදුම මදුරුවසංගතයක් තිබුනා.පෝස්ට් එකක් ඉවරවෙනකොට ලේ පයින්ට් එකක් ඉවරවෙන තරං කරදරේ දරුණු උනා.කොයිල් වටේම තිව්වත් කොහේ බේරෙන්නද? ඔයාටත් මේ වදේ තියද? අපිට නම් එළකිරි විසදුමක් ලැබුනා.සොෆ්ට්වෙයා එකක්(සමහරු දන්නවා ඇති). මේකෙන් වෙන්නේ මදුරුවන්ට අහිතකර සංඛ්‍යාතයක් තියන ශබ්ද තරංග නිකුත් කිරීම.ඒක කෙරෙන්නේ පරිගණකය තුල තියන ස්පීකරය හරහා.

අපේ ශරීරයට කොපමණ හිතකරද දන්නේ නම් නෑ.හැබැයි මදුරු කොයිල් තරම් විස නැතුව ඇති.දන්න අය ඉන්නවානම් ඒ ගැන අපිට කියන්න.

ඔන්න අපි සොෆ්ට්වෙයා එක බාගත්තා.නොමිලේමයි!!
ඒ මෙන්න මේ ලින්ක් එකෙන්-http://www.allmosquitos.com/anti-mosquito-software/kp-anti-mosquitoes.html

මේකට ගියාම මේ පිලිබද වැඩිවිස්තර සමග බාගන්න ලින්ක් එකකුත් තියනවා. බොහෝවිට බෑවෙන්නේ rar ෆයිල් එකක් විදියට.ඔයාට තියන්නේ එක එක්ස්ට්‍රෑක්ට් කරගන්න.ඒ සදහා වින්සිප් Winzip යුටිලිටිය පාවිච්චි කරන්න පලුවන්.

කැමති අය කරලා බලන්න.අපේ නම් ඒ කරදරේ ඉවරවුනා.ඔයාලගේ අදහසත් අපි දැනගන්න කැමතියි.

ආ...හ්!! දැන් ඉතින් නිදහසේ නවකතාව ලියන්නත් පුලුවන්. හෙට අලුත්ම කොටස දාන්නම්.දැන් තියන කරදරේ තමයි ලයිට් බිල නග්ගපු එක.

6 comments:

  1. මොළයට යම් කිසි බලපෑමක් වෙන්නත් පුළුවන්. ඔලුවේ කැක්කුමක් එහෙමත් නැත්නම් යම් කිසි අපහසුතාවක් දැනුනොත් භාවිතයෙන් ඉවත් කරන එක ඇඟට ගුණයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා! ඇත්ත වෙන්න පුලුවන් ඒ කතාව.මොකද මේ නිකුත් වෙන්නෙත් සංඛ්‍යාතයක් නේ.මිනිස් කණ සංවේදි නොව්නට මොළේ සෛල කම්පනය වෙනවද කියලා කවුද දන්නේ.අපි සුලුවේලාවයි පාවිච්චි කරන්නේ.

      Delete
  2. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සස්රු! අපි බ්ලොග් සංසදයේ නීතිරීති හා මෙම ක්‍රියාවලියේ ගැලපීම සොයාබලා ඔබ සමග ඉක්මනින්ම එකතුවෙන්නම්.බොහොම වටින වැඩක්.මේ සම්බන්ධ පෝස්ට් එකකුත් අපි පළකළා.අපේ වෙබ් අඩවිය මේ සමග සම්බන්ධ කල හැකියි.නමුත් එය English එකක්.English සයිට් වලටත් ඔබේ සේවය ලබාගත හැකි ද? www.matarawistara.com

      Delete
  3. ලයිට් බිල අඩුකරන සොෆ්ට් වෙයාර් එකකුත් නැද්ද ?

    ReplyDelete