ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, January 19, 2014

ෆොන්සේකා ෆෝබියා!!!

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම සෙන්පතියා ලෙස කලක් මහ ඉහලින් වර්ණනාවන්ට පාත්‍ර වු හා පසුව එම වර්ණනාකරුවන්ට වණයක් වීම නිසාම මළකෑ ඇණයක් ලෙස ඉවතලු සරත් ෆොන්සේකා මහතා, විටින්විට මතුවෙමින් ලාංකීය දේශපාලන කරළිය පෙරළි කරමින් සිටී.පසුගිය පළාත් සභා මැතිවරණයේ දී සිය අභිනව පක්ෂය රටේ තෙවන බලවේගය බවට පත් කිරීමට ඒ පෞර්ෂයට හැකිවීම අරුමයක් ම නොවේ.

දැන් නැවතත් මැතිවරණ දෙකක් ඇරඹි තිබේ.ඊයේ(18/01/2014) ප්‍රවෘත්ති ප්‍රකාශ නැරඹීමේදි පෙනි ගියේ පොලිස් නිළධාරීන් විසින් ‍ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක කටයුතු ස්වේච්ජාවෙන් බාරගෙන ඇති බවකි.
ඉතා කුඩාවට පැවැත්වීමට ගිය රැස්වීමක් ජනමාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්කර ඒ ඔස්සේ ෆොන්සේකා මහතාගේ පක්ෂයට දැඩි ආරක්ෂිත ප්‍රචාරයක් ලබා දීමට පොලීසිය කටයුතු කර තිබිනි.

එතුමා රැස්වීමද පවත්වා ඇත.ප්‍රචාරයද ලැබී ඇත.ස්පීකර් හිරේ ඇත.!

ෆොන්සේකා මහතා සම්බන්ධව මෙරට නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. වෙනත් අයට නීතියේ කුඩා හො හිලකින් රිංගා යාමට අවස්ථා තිබිය හැක.

ඇත්තටම ෆොන්සේකා මහතා සම්බන්ධව ගොඩනැගි ඇති මෙම භීතිකාව(ෆෝබියා) රජයට එතරම් වාසි සහගත නොවන බව හුදී ජනයාගේ අදහසයි.ෆොන්සේකා මහතාට ද තම මුඛය පරිස්සම් කරගත හොත් වඩා සාර්ථක දේශපාලන ගමනක් යාමට හැකි බව ජොතිෂ්‍යකරුවන් නොවුවත් ඇස් කන් ඇති අපිට අනාවැකි පැවසිය හැක.ඒ සම්බන්ධව විශිෂ්ඨ රාජ්‍ය පාලන පරිචයන් පෙන්නුම් කල ආර්.ප්‍රේමදාස මහතා මෙන්ම වත්මන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්‍ ගෙන් ආදර්ශයන් ලබාගත යුතුවනු ඇත."ඉවසන දනා රුපු යුධයට ජයකොඩිය" යන කියමන තමාට නිතර පෙනෙන තැනක සවිකර ගන්නේ නම් මැනවි.

"දකුනේ ජනතාව විශිෂ්ඨය" යන්න සමාජ වෙබ් අඩවි ඔස්සේ ද පාරම්බාන කොල්ලන්ට කෙල්ලන්ට දකුණේ අය අඩුම වශයෙන් සවිඥානික බව වත් ඔප්පු කිරීමට මෙවර මැතිවරණයේදි හැකි වේවායි අපි පතමු. එසේ වුව හොත් දේශපාළුවන් අතින් සිදුවු ළමා අපචාර, දූෂණ,ගසාකෑම් නිසි ප්‍රතිචාර ලැබූ සිදුවීම් ලෙස අවසන්වනු ඇත.
එවන් සිදුවීම් අතීත සිද්දි පමනක් වනු ඇත.

මේ ලිපිය නිසා අපි "දිණමිණේ" සතුරන් විය හැක.අපේ අඩවිය කිසිදා පුවත්පතේ බ්ලොග් තීරුවට නොඑනු ඇත.කම් නැත,සැබෑවටම එය අනවශ්‍යය. ඒ පිටු අතර රැදීමේ අපේක්ෂාවක් අත්තටම අපිටනම් නැත.නමුත් ඔවුන්ගේ ප්‍රයාත්නය බ්ලොග්කරුවන්ට උද්දීපනයක් වූවානම් එයට අපිද ස්තුති කරමු.

අවසාන වශයෙන් සැමට සමාන නීතියක් ඇති රටක්(අඩුම ගනනේ "දකුණක්'') බිහිවේවායි අපි ප්‍රාර්ථනා කරමු!

5 comments:

  1. අමරසිරි දොඩංගොඩ “දකුණ - වමට“ යටතේ එ.ජා.ප ය සතුව තිබුණු පළාත් සභා පද්ධතිය නිදහස් පක්ෂයට හැරෙව්වා වගේ කවදහරි ආයෙත් දකුණෙන්ම තමයි මහා තාප්පවල පාදම බිඳෙන්නෙත්..තවමත් ජනතාව මේ රජය නැති කරගන්න සූදානමක් නෑ.අවශ්‍යවන්නේ රජයට පාඩමක් ඉගැන්වීම පමණයි..නමුත් ජනතාව එහෙම පාඩමක් උගන්වන්න තීරණ්‍ය කරලා එය ක්‍රියාත්මක කලහොත් එයම රජය පෙරලීමට හේතුවක් වේවි

    ReplyDelete
  2. මෙයට සම්මාදන් වූ පොලිස් නිළයන්ට ආචාරධර්ම ගැන වෙනමම පාඩමක් ඉගැන්විය යුතුය. රජයේ මැති ඇමති වරුන්ටත් මෙයින් උගත හැකි පාඩමක් තිබේ. එනම් කොකාට වාරයක් සේ තිත්තයාටද වාරයක් ලැබිය හැකි බවය. විය නොහැක්කක් නොමැත. බලා ඉඳිමු අපි.

    ReplyDelete
  3. ප්‍රතිචාර දැක්වු ඔබට තුති! අසාධාරණය සිදුවන්නේ ඔබට අපට නම් ඊට එරෙහි විය යුත්තේ ද ඔබ අපිම නොවේ ද? කාලය කිසිවක් ඉබේ නොවිසදයි. ඒ සදහා විභවයක් තිබිය යුතුය...

    ReplyDelete
  4. ජෙනරල් ෆොන්සේකාව තවම හරියට හඳුනා නොගත් ආණ්ඩුවේ අම්බරු රැළේ නැට්ට ගැලවෙන දවසට තේරෙයි ඉන්දියානු රෝ ඔත්තු සේවයේ පච බුද්ධි තොරතුරු වලට යටවී මේ වීර සෙන්පතියාට කල අපරාධයේ ඵල විපාක.

    ReplyDelete
    Replies
    1. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයාග වඳින්න වඳින්න ගහන් මිනිහත් මෝඩයා. ආන්ඩුවේ සිටින සමහරක් ලොක්කව ගෙනියන්නේ ඔය පාරේ. අපිට හෙටක් තියෙයිද?

      Delete