ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, January 8, 2014

දෙවසරක රස

සුබ දවසක්!
ඉතින් රසවතුනි,අද අපිට හරිම සතුටු දවසක්.අපි මේ බ්ලොග් අඩවිය ආරම්භ කරලා අදට හරියටම වසර දෙකක් ගතවෙලා.අපිට මේ පුංචි කාලය තුලදි ඔයා වගේ වටින මිනිස්සු රැසක් සමග වටිනා චින්තනමය ගනුදෙනු රාශියක් කරන්න අවස්තාව ලැබුනා.ඇත්තටම සතුටුයි!

වත්මන් සමාජයේ පවතින විවිධ ප්‍රස්තුත පිලිබද අපේ අදහස අපි ඔබට කීවා.ඔබ ඊට ප්‍රතිචාර දැක්වූවා. ඒ සැමට ස්තූතියි.
2013 වසරේ අපි බොහෝ හේතූන් නිසා මේ අඩවිය යාවත්කාලීන කලේ නෑ.ඒත් අපි නැවත ආ සැනින් ඔබ අපි වටා රොක්වුනා."ඔබ මට තරුවකි" නව කථාව මාස කීපයක්ම අළුත් කරන්න බැරිවුනා. ඒ හේතු‍වෙන් ඔබේ රසවින්දනයට බාධා වුනු බව අපි දන්නවා.. ඊට නැවතත් අපි සමාව ඉල්ලනවා. ඉතින් මිතුරණි,මේ වසරේ අපි මේ ආදරණීය බ්ලොග් වියමන  අවසන් කරන්න බලාපොරොත්තු වන නිසා දිගටම අපත් සමග රැදෙන්න කියලා ආරාධනා කර සිටිනවා.

අපේ අනෙක් විශේෂාංග දිගටම පවත්වාගෙන යන්නත් අපි  ඔබට පොරොන්දු වෙනවා.

ඔබේ මිතුරන්ටත් අපි ගැන කියන්න.


No comments:

Post a Comment