ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, February 28, 2012

මාතර රෝහලේ X-Ray කොළ නෑ ලු!!!!

අද අපේ හිතවතෙක් ගියා මාතර මහ ‍රෝහලට.රෝගය පරීක්ෂා කළ වෛද්‍යවරයා වැඩිදුර විමර්ෂණ සදහා එක්ස් කිරණ වාර්ථාවක් ලබාගෙන එන්න යයි පැවසුවා.

ඉතින් මොකද කරන්නේ, පිටින් ගත්තොත් ඕකට 400ක් 500ක් යනවා.දැන් කාලේ වියදමේ හැටියට ඒක ලොකු මුදලක්(දේහ ප්‍රේමීන්ට හැර).ගියා එක්ස් රේ කාමරයට.


"එක්ස් රේ කොළ ඉවරයි! අයේ කවද ලැ‍බෙයිද දන්නේ නෑ" ඔන්න ලැබුනු රිපෝර්ට් එක.

මේක මේ රජයේ වැරැද්දක් ද රෝහල් පාලනයේ වැරැද්දක්ද මන්දන්නේ නෑ.නමුත් වැරදෙන්නේ අහිංසක රෝගීන්ට.මේවට පෙළපාලි යන්න ලෙඩ්ඩුන්ට බැ‍රිනිසා(ඒවට කවුද බත් ගොටු දෙන්නේ) අමාරුවෙන් ඉතුරුකරපු තුට්ටුදෙක පුද්ගලික රෝහලට පුදලා රිපෝර්ට් ගන්නවා.බෙහෙත් වට්ටෝරුවටත් ඒ සෙතේමයි.

එ උනාට කතාව කොහොමද? "බලන්න මිත්‍රවරුනි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයක් තියනවා,නිදහස් අධ්‍යාපනයක් තියනවා,අපි ඒවාට කෝටිගනන් මුදල් වෙන් කරනවා"

මේ කිව්වේ එක සිදුවීමක් විතරයි.නිදහස් සෞඛ්‍ය සේවාව ලබාගන්න ගියපු කෙනෙක්නම් ඔබ,ඔබටත් මීටවඩා ලොකු අද්දැකීම් ඇති.සමහර රෝහල් පාලකයින් අවශ්‍ය දේවල් ප්‍රමාණාත්මකව ඇනවුම් නොකරන බවත් ඇතැම්විට අහන්න ලැබෙනවා.ඒකට රජයට බැනලා වැඩකුත් නෑ.කිව්වට එවන්නේ නැ කියලත් කියනවා.කවුද ඇත්ත කියන්නේ?බොලේ එහාට දායි මෙහාට දායි,ලෙඩ්ඩු මැරෙයි. අඩුම ගානේ ජන්ද දායකයොන් ද මේ අඩුවෙන්නේ කියලා වත් හිතන්න බැරිද? අපේ එකෙක් ද කවුද දන්නේ.. නේද?

මේ පෝස්ට් එක රාජ්‍ය විරෝධි දේශ ද්‍රෝහී එකක් කියල සමහරු හිතාවි,විපක්ෂෙට හිතවත් අයට පොඩි චූන් එකකුත් යාවි.ඒත් ඔය දැන් බෝධ්සත්වයෝ වගේ ඉන්න විපක්ෂයට මේ රට ගියත් ඔච්චරම තමයි.ඇයි මේ රටට මෙහෙම උනේ!! කුවේණිගේ ශාපය නිසා ද? (මේ බෝලේ ඒ මැරිච්ච ගෑණිටවත් දාමු)

දැන් අවශ්‍ය රටට වගේම මේ අහිංසක මිනිස්සුන්ටත් ඇත්තටම ආදරය කරන පාලනයක් නේ ද? එහෙම එකක් දැනටමත් තිබේ ද? නැතිනම් එවැන්නක් අපට මේ කපේ දි ලැබෙයි ද?

8 comments:

  1. monada do me anthimata liyapu eka buruwa.

    ReplyDelete
    Replies
    1. ආතක්පාතක් නැත අයෙකු උවත්(Anonymous)ඔබේ අදහස් දැක්වීම අපි අගයකරමු.ඒ ඔබේ නිදහස් මතයයි.එසේම ඔබ ඔබේ බුද්ධි ප්‍රමාණයේ හැටියටම වචන භාවිතාකර තිබීමද අගයකළ යුතුය.ඔබ වැනි අදහස් ඇති පුද්ගලයින් ද මේ රට මේ මට්ටමට සාර්ථකව ගෙනයාමට දායකවී අති හෙයින් ඒ ගෞරවයද ඔබට හිමිවිය යුතුය.

      Delete
  2. මොනා කරන්නද.. කරුමේ තමයි මිනිස්සුන්ගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණා! කරුමේ... තමයි අහිංසකයින්ට උරුම වචනේ.

      Delete
  3. X ray කොළ නැති නම් ඒ ගැන රෝහලේ පාලනාධිකාරියට පැමිණිලි කරන්න . ඔහොමට හරි නිදහස් සෞඛ්‍ය සේවයක් තිබ්බෙ නැත්තන් Doctor's Charges , Hospital Charges , Channeling ඔය ඔක්කොටම සල්ලි අතින් තමයි දෙන්න වෙන්නෙ , ඒ නිසා තියෙන එකේ වැරදි හදාගෙන ඉස්සරහටත් පවත්වාගමු නේද , නැත්තම් දුප්පත් මනුස්සයට තව ටිකක් කෙළවෙන එක විතරයි වෙන්නෙ , අවාසනාවකට මේ ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය සේවයේ , නිදහස් අධ්‍යාපනයේ වටිනාකම ගැන මළ පොතේ අකුරක් දන්නෙ නැහැ , තම්න්ට ඡන්දෙ දීපු බහුතරයක් අහිංසක මිනිස්සුන්ගේ ඔළුව අත ගගා ටොකු අනිනවා

    ReplyDelete
  4. ඔබ කියන දේත් හරි මිත්‍රයා.ඒත් පොඩ්ඩක් හිතන්න උදේ 3ට පෝලිමේ ඉදලා අංකයක් අරගෙන,දොස්තර එනකන් තැපලා එතුමා දෙන බෙහෙත් ටික ගන්න පොලිමේ ගිහින් එතන බෙහෙත් නෑ කිව්වොත්?!! නැතිනම් රොග විනිෂ්චයට අත්‍යාවශ්‍ය වාර්තාවක් ගන්න යන කෙනාට අදාල යන්ත්‍රය ත් සේවකයත් සිටියත් රසායනිකයක් හෝ එක්ස් පටලයක් නැති නිසා ඒක කරගන්න බැරි උනොත්.ඒ නිසාම දොස්තරට බෙහෙත් දෙන්න බැරි උනොත්.මොකද ඒ මනුස්සයා කරන්නේ?දවස් කුළි කරන කෙනෙක් නම් දවසම නිකන් ඉවරයි! ඇරත් ඔය එන අයට රොහල් පාලකයින්ට ඕව කියන්න දැනුමක් තියද? ලිඛිතව ඉල්ලුවොත්??(මේ රට එහෙම නේ)මෙවන් හේතු නිසා කීදෙනෙක් නම් නිසි ප්‍රතිකාරයක් නැතුව නිවෙස් බලා යනවාද කියා රොහලකට ගොඩවී පැයක් හමාරක් සිටිනවිට ඕනැම අයෙකුට දැකිය හැක. අනික ඔබ ඉහත කී ගාස්තු අප නි‍රෝගීව නිවසේ සිටියත් බොන වතුර වීදුරුවෙන් පවා ගෙවන බව අමතක නොකරන්න.ඔබේ වටිනා අදහස් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි!

    ReplyDelete
  5. ඔන්න අපිත් ආව මේ පැත්තෙ...රෝහල් විස්තර කතා කරල වැඩක් නෑ බං....කරාපිටියෙ පිළිකා රෝහලේ මනුස්සයෙක් මැරුණ ඔය වගේම සිද්ධියක් නිසා.

    ReplyDelete
  6. මොකක් හරි සේවයක් ඉස්සරහට 'නිදහස්' කියන වචනේ දැම්මනම් එකට බඩුම තමා.මොනවා කොරන්නද යාළුවා.(කරන්න දේවල් නම් තියනවා මෙතන කියන්න හරි නෑ)

    ReplyDelete