ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, January 25, 2015

ඇයි අපි ඔටුවො ද?

ලබන 29වන දා(29/01/2015) ගෙන එනු ලබනවා යයි කියන අතුරු අයවැයෙන් රජයේ සේවකයන් සඳහා රු5000ක පමණ වැටුප් වැඩිකිරීමක් සිදුවන බව අසන්නට ලැබේ. එය විශිෂ්ඨ ක්‍රියාවකි. අපි එය අගයමු.

ඒ අනුව 1200000කට ආසන්න රජයේ සේවකයන් 29 දාට පසු සිට රු 5000ක හයියක් ඇතුව කඩපිලට යනු ඇත.
 නව ජනපති හා නව රජය ඔය සිටිනා තැන තැබුවේ රාජ්‍ය සේවකයන් පමණ ද? 5000000කට අධික පෞද්ගලික සේවකයන් ඡන්දය දුන්නේ නැති ද? ඔවුන්ට කන්න බොන්න බඩුමුට්ටු ගැනීමට වෙනම තැනක් තිබේ ද? ඔවුන් ද ඒවා ගතයුත්තේ අනිකුත් අය ගන්නා මිලට,එම වෙළඳසැල් වලින්මය.

ඉතා අඩු වැටුප් යටතේ සිය රුධිරය දහදියට හරවමින් විටෙක රජයේ සේවකයාටත් වඩා සිය උපන් බිම වෙනුවෙන් සේවය කරනා පිරිසකි පෞද්ගලික අංශ සේවකයා. ජනපතිතුමනි,ඔවුන් ද ඔබේ රටවැසියන්ය.!

"රජයට පෞද්ගලික අංශයේ වැටුප් නියාමනයට බලපෑම් කල නොහැකිය-ඉල්ලීම් පමණක් කල හැකිය" මෙය පෙර රජයත් වත්මන් මුදල් ඇමතිත් කෙඳිරූ හා කොඳුරන අපබ්‍රංශයයි.


රටක්තුල පවතින එක්තරා ව්‍යුහයකට බලපෑම් කරන්නට ඒ රට කරවන්නට ඒ රට වැසියා බලයදුන් පිරිසටවත් නොහැකි නම් සැබෑ බලවතුන් කවුද?

මුදල් ඇමති ව්‍යාපාරිකයෙක් විය හැකිය.. ඒත් එය වෙනම කරුණකි.

අපි සියළු පෞද්ගලික අංශ සේවකයින්ට එක සමානව වැටුප් වැඩිකිරීමට නියෝග කරන්න යයි ඔබට නොකියමු.එය සුළු පරිමාණ ව්‍යාපාරවලට කල නොහැක. අපි කියන්නේ විශේෂයෙන් 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇති ආයතන පිලිබඳ අවදානය යෙමු කරන ලෙසයි.

එහි දී ද ආයතනයේ සත්‍ය පිරිවැටුම(Turnover) මත(එය අධීක්ෂණය කිරීමට මීට වඩා බලවත් නීති හා රෙගුලාසි අවැසිය)
එහි සේවක වැටුප් සේවක ශ්‍රේණි අනුව ප්‍රතිශතාත්මකව වැඩිකල යුතු ක්‍රමවේදයක් සකසන ලෙසයි.(ඉන්ධන මිල සූත්‍රය/විදුලි සූත්‍රය වැනි)එසේම පිරිවැටුම මත අවම මූලික වැටුපද තීරණය කල යුතුය.(පිරිවැටුම වාර්ෂිකව වෙනස් වේ නම් ඒ සඳහා ද පරාසයක් නියමකල හැක.)

නීති නැති නම් නීති සෑදිය යුත්තේ ඔබලාම නොවේ ද? ඒ සඳහා පරම බලය,ජනතාව ඔබට පැවරූවේ බකංනිලා සිටීමට නම් නොවේ.අපි අපේ අන්තර්ජාල වියදම් පුද්ගලිකව දරමින් දිවා රැ ස්වයං ප්‍රචාරක යාන්ත්‍රන දියත්කලේ "කසන" නිසා නොව වෙනසක් අවැසි නිසාය.

දැනට වඩා රජයේ විගණන අංශ මේ ආයතනවල වත්කම් නියාමනය කලයුතුය.

රටේ ධනය සොරාකෑ පාලකයන් සොයායන ඔබ රජය, පුද්ගලික අංශයේ සේවකයාගේ සාරය උරාගනිමින් ධන උල්පත්වල කිමිදෙන කුවේරයන් පිලිබඳ සොයන්නේ කවදා ද?

එය නම් ශ්‍රී ලාංකික අපිට දවල් හීනයක් ම වනු ඇත.
www.kiripeni.blogspot.com- MW Team

No comments:

Post a Comment