ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, January 10, 2015

වෙනස කලෙමු

ජනාධිපතිවරණය අවසන්,නිල ප්‍රතිඵල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගෙන තිබේ.අපේ මත විමසුමද එ් අනුව නිවැරදිය.
ඒ ගැන කතා කර වැඩක් නැත. දැන නව ජනපති දිවුරුම් දී අවසන්ය.ඔහු නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. දෙදෙනාටම සුබ පතමු.!



දැන් තමයි වැඩේ...

දින 100ක ප්‍රතිපත්ති ප්‍රකාශයක්,වැඩ පිලිවෙලක් ඔබ දෙපල ඉදිරියේ ඇත.ඔබට ඡන්දය දුන් ජනතාව එහි ඉස්පිල්ලක් පාපිල්ලක් දක්වා ඉටුකරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටී.ඉන් ස්වල්පයක් හෝ අපගමනය වනවාට ඔවුන් අකමැතිය. අපි ද අකමැතිය...

මන්දයත්?

අපි මතවාදී ලෙස ඔබට හිතවත් වූ ප්‍රචාරන ව්‍යාපාරයක නියැලී සිටි බව මේ කියවන පිරිස හොඳින් දන්නා නිසාය.අපි ඔබේ මතවාදය සුදුසුයයි විශ්වාස කරමු.

නමුත් හිටපු ජනපතිතුමන් ගේ අතිශය අගයකලයුතු ගුණාංග තිබූ බව අපි අදටත් කියමු... යුද්ධය දිනාදුන් සේනාධිනායකයා පරජය වූයේ නැත.සුළු පසු බෑමක් සිදුවුවා පමණි. මෙි රටේ මිනිසුන් ගුණමකු නැත.ඒත් ජනතාව ට වත්මනේ අවශ්‍ය දේ වටහා නොගත් බැවින් එතුමාව ටිකකට විඩානිවීමට තැබුවා වැනිය.

නව ජනපතිතුමනි,

ඔබතුමන් බලයෙන් හිස උදුම්මා නොගනු ඇතැයි ද, තම වගකීම්,ජනතා බලාපොරොත්තු ඉටුකරනු ඇතැයි ද අපි විශ්වාස කරමු.

නැතහොත් රටට මෙපමණ සේවයක් කල මහින්ද මහත්තයාට සිදුවූ දේ දසගුණයකින් ප්‍රවර්ධනය වී ඔබ ඉදිරියට එන බව ඉතා ගෞරවයෙන් සිහිපත් කර තබමු.

"ඔබ රටේ හිමිකරු නොව තවෙකාලික බාරකාරයා පමණි" නිතර සිහිකරන්න.

ඔබට දීර්ඝායු වේවා!!!

1 comment:

  1. දින 100කින් ඇත්තටම මටනං හිතෙන විදියට අඩිතාලමක් දාන එක තමයි කරන්න පුලුවන්. මහ මැතිවරණෙන් පස්සෙ තනතුරු භාර ගත්තට පස්සෙ තමයි රටට දැනෙන වෙනස වෙන්නෙ මේගොල්ලොන්ගෙ ප්‍රතිපත්ති වල සඳහන් කරපු විදියට.

    කොහොම උනත් මම දකින විදියට විය යුතු ප්‍රධාන දේවල් හැටියට....

    1. ජාතික ආරක්ෂාව ස්ථාපිත වීම.
    2. නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීම. (කලින් ආණ්ඩුවෙ ඉතාමත් විවේඡනයට බඳුන්වූ සාධකය )
    3. දූෂණ වංචා අවම කිරීම. (නැති කිරීමට බැරිය )
    4. මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති විය යුතුය.

    ඉහත කරුණු 4ම (මම දකින විදියට ) ඉටු විය යුතුය. 4වන කරුණද ඉතා වැදගත්... කොතරම් අදායම ඉහල නැගුවද, කොතරම් නිවාස ලබා දුන්නද, වෙනත් සේවා ලබා දුන්නද මිනිසුන්ගේ ආකල්ප යහපත් මාර්ගයේ ගමන් නොකරන තාක් ක්‍රියාවලිය පලක් නැත. (ඉකුත් ජනාධිපතිවරණය, ජනතාවගෙ සිතුවිලි රටාව/ ආකල්ප ගැන යම් අදහසක් ලබ ගැනීමට හොඳ අවස්ථාවක් හැටියට තමයි මම දැක්කෙ..)

    ReplyDelete