ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, January 3, 2015

මහින්ද නැති කලෙක අපි?



ජනපතිවරණයට තව ඇත්තේ දින කිහිපයකි.මහින්ද රාජපක්ෂ මහතාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේවනවිට කරට කර සටනක නිමග්නවී සිටී. මේ අතර දෙපසටම අතිශයින්ම අප්‍රසන්න අවලං පැනිලි රැසක් ද සිදුවී හා සිදුවෙමින් තිබේ. 

මහජනතාව ප්‍රධාන සාධකය විය යුතු තැනක ඔහු විපරීතවු මනසකින් යුතුව අන්දුන් කුන්දුන් ව බලාසිටී.
මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකරන පිරිස් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින පිරිස් විශ්වාස කල නොහැකි බවත් රටබෙදීමට කටයුතු කරන පිරිසක් බවත් ය. විශේෂයෙන් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකරනුයේ සිය ස්වයංපාලන අයිතිය දිනාගැනීමට බවයි.

ඒත්...

මේ ඉහත කී පිරිස මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකල සමයේදී සහ තවදුරටත් සහාය පලකලේ නම් හෝ ඔවුන් තවදුරටත් බෙදුම්වාදීන් නොවිය හැකිය. ඒ අනුව මෙවර නොව කවර වරෙක හෝ මහින්ද රාජපක්ෂ මහතා නමැති පොදු සාධකය නොමැති නම් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් සිංහල ජන නියෝජිතයන් හා එක්ව කටයුතු කල නොහැකි නොවේ ද? සහජීවනයක් කවදා ඇති වෙයි ද?කිසි කලෙක මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ලංකාව නම් රාජ්‍යට පැවැත්මක් නැතිවනු ඇත.

ගැටළුව....

කිසිවකු සදාකාලික නොවීමයි. සියළු සංස්කාරයෝ නැසෙන සුළුය.

ලාංකික ජනයා දේශපාලනිකව අවස්තිථියට ලක්ව තිබේ. එනම් දැන් මේ චලනය වන දේශපාලන රටාව වෙනස් කිරීමට හෝ නිශ්චල වීමට අකමැති වීම හා එයට කැමති වුවත් ඇති කර ඇති බිය නිසා එයට යොමු නොවීමයි.

කවදා කවුරුන් මෙය වෙනස් කරයි ද? එය කලයුත්තේ පිටස්තර බලයකින් නොවන බව තේරුම්ගන්නේ කවදාද?

මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වෙනස කිරීමට පැමිනි ඉටු දෙවියා යයි අපි නොසිතමු,නොකියමු. වරෙක කියන දේ ඊලඟ මොහොතේ වෙනස් කරන සුළු චරිත ස්වභාවයක් ඇති ඔහු පුද්ගලිකව විශ්වාස තැබිය හැකි අයෙකු නොවේ.

නමුත්...

ඔහු යම්ලෙසකින් අත්තනෝමතික ලෙස කටයුතු කරගෙන යනු ලැබුවහොත් ඔහු වටා සිටින විවිධ බලවේග විසින් යම්තරමිකින් ඔහු බැඳතබනු ඇතැයි දැනට වඩා විශ්වාස කල හැකිය.

අපි දැන් අඳුරු වනාන්තරයක මායිමට පැමිණ තිබේ පසුපසින් ඇත්තේ නිරුදක කතරකි. කතර පිලිබඳ අපි දනිමු. වනාන්තරය අඳුරය,නමුත් එහි ජලය හා අහර තිබිය හැක.වගවලසුන්,මරුවැල්,අමනුෂ්‍යන් ද සිටිය හැකිය. කලයුත්තේ ඉදිරියට පියවරක් තබා බැලීම ද? ආපසු හැරීම ද?


තීරණය ඔබ සතුය...

No comments:

Post a Comment