ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Monday, September 8, 2014

මෙන්න අනාවැකි....

අද (08/09/2014) දින හිරු අභිවන්දනා වැඩසටහන නැරඹු පිරිසට අපූරු අනාවැකි කීපයක් අසන්නට දකින්නට ලැබිනි. ඒවා සැබවින්ම අපූරුය!

නොදන්න අයට දැනගන්න ලියන්න හිතුවා.
බලන්න මේ අනාවැකි කොපමණ ප්‍රමාණයක් සත්‍ය වෙයි ද කියලා.
 
අපි නම් කියන්නේ මේ එකක්වත් සැබෑවෙන්න එපා කියලා(ජ්‍යෝතිෂකරු අමාරුවෙ දාන්න නෙවි)මොකද මේ සියල්ල ව්‍යසනයන් ගැන නිසා.හැබැයි වැඩසටහනට ආපු විද්‍යකුලපති මහතා නම් කියන්නේ මේවා අනාවැකි නෙවෙයි කියලා.

01- අද සිට නොවැම්බර් 15 අතර කාලයේ ඕස්ට්‍රේලියානු භූ තැටියේ සිදුවන ප්‍රභල වෙනසක් නිසා දැවැන්ත භූ කම්පනයක් සිදුවී විශාල  ජීවිත හා දේපල හානියක් අග්නිදිග ආසියාවේ සිදුවේ.

02- අද සිට නොවැම්බර් 15 අතර කාලයේ ඇමරිකාවේ(උතුරු) දරුණු සුළි සුලං තත්ත්වයක් ඇති වී ප්‍රාන්ත රැසක් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වේ.

03- අද සිට මාස එකහමාරකට ආසන්න කාලයක දී ලංකාවේ දරුණු රිය අනතුරකින් 50ත්100ත් අතර පිරිසක් මිය යයි.

04- එළබෙන මාස කීපය තුල ඉන්දියන් සාගරයේ සිදුවන ව්‍යසනයකින් ධීවර බෝට්ටු රැසක් මුහුදුබත් වේ.

මෙම අනාවැකි පැවසුවේ එක්තරා ජ්‍යෝතිෂ්‍යවේදී මහතෙකි.(නම නිවැරදිව මතක නෑ) මේ වැඩසටහන හිරු ටී.වී වෙබ් අඩවියේ ඇතුලත්වීමට ඉඩතිබේ.විස්තර අවැසි අය සොයා බලන්න.

මේ අනුව යමින් විද්‍යකුලපති මහතා ද අනාවැකි පළකලා.

1තව මාසෙකින් ලංකාවේ නියඟය අවසන් වේ.

2ලබන වසරේ ජුලි සිට ඔක්තෝබර් දක්වා ලංකාවට නැවත නියඟයක් එයි.

3 ලබන වසරේ ජුලි මසින් පසු ලංකාවට ගංවතුරක් ඇතිවීමට ද ඉඩ ඇත.

බලමු නේද මොකද වෙන්නෙ කියලා!


No comments:

Post a Comment