ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, September 13, 2014

ආලයවන් සිතුමිණක් තව ඇත් ද?(නව ගී සංකල්පනා)

පෙම්බර බිරිඳක්... සුපෙම්වත් සැමියෙක්... ඔවුන්ගේ යුග දිවිය කෙබඳු වී ද? ඇය ඔහු ධනවතෙකු නොවන බව දනී... ඒත් ඇය ඔහු වෙත බැඳි පෙම අත් නොහැර ඔහුගේ සෙවනැල්ල යටට ආවාය.

ඔහු ඇයට සිය පණ මෙන් ආදරය කරයි... නමුත් සැප පහසුව සලසන්න වත්කම් නැත. සිත තැවෙයි..

ඇය ඒ සැප පහසුවට වඩා ඔහු හා විසීම සුවයක් සේ දැක තවත් ඔහුට සමීපවෙන්නීය. ඔහුගේ සිත තවත් ආදරයෙන් පිරෙයි. ඇය සුදු වැලි පාරක ඔහු සමඟ ඇවිද යයි. ඔහු මෙ‍ාහොතක් නවතී, ඇයට පිටුපසින් සිට ඇය පියවර තබන දෙස බලා සිටී...



පිණිකැට වැටිලා - සුදු වැලි කැටමත 
ඔබෙ නිරුවත් පා - සිඹියි සිඹියි
ආදරියේ... මං ආ..දරෙයි //
රන් මිරිවැඩි‍ ගෙන - ඔබෙ පා ලන්නට
මටත් හිතයි

ආදරියේ... මං ආ..දරෙයි // 
මාත් එක්ක - දුක් විඳිනා
කිසිදින මා - හැර නොයනා

ආදරියේ... මං ආ..දරෙයි //


පිණිකැට වැටිලා - සුදු වැලි කැටමත
නිරුවත් පා - සිඹියි සිඹියි
ආදරියේ... මං ආ..දරෙයි //

මුලින් දුටුව දා - බැඳි සෙනහේ
නැත මා සිත - අඩු වූයේ
ආදරියේ... මං ආ..දරෙයි //
දිනෙන් දිනේ - හද මාගේ
ඔබට තමයි - ලං වුයේ

ආදරියේ... මං ආ..දරෙයි //

පිණිකැට වැටිලා - සුදු වැලි කැටමත
ඔබෙ නිරුවත් පා - සිඹියි සිඹියි 
ආදරියේ... මං ආ..දරෙයි //

(udan.sampath@gmail.com)

No comments:

Post a Comment