ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Friday, September 26, 2014

වචනේ "පට්ට"



භාෂා ව්‍යවහාරයේ දි ද්විත්ව තේරුම් දෙන වචන අප කොතෙකුත් අසා ඇත. ඒත් මේ වචනය තරම් ජනප්‍රිය වචනයක් තවත් නැතැයි හැඟුන නිසා “පට්ට” ගැන ලින්නට සිතුවෙමු.

“නියමයි” , “මාරයි” යන වචන දෙකේ උපරිමය දැක්වීමට මෙන්ම එහි සම්පූර්ණ අනික්පස වන “වැඩක් නෑ” , “ෂික්” යන වචන වල තේරුමද අවස්ථානුකූලව විදහා දැක්වීමට මේ වචනය යොදනු පෙනේ.තවත් බොහෝ අතිශයෝක්ති අවස්ථා දැක්වීමට  කට වහරේ බොහෝ යෙදේ.

බලමු අවස්ථා ටිකක්...


“නියමයි”  -

“ඒ ෆිල්ම් එක නම් පට්ටයි බං”
“පට්ට කෑල්ල බං”

විශාලත්වය දැක්වීම -

“ඒ ගෙදර පට්ට සයිස්නේ !”

කුසලතා දැක්වීම  -
 
“ඌ පට්ට මීටරේ”

නීරස බව දැක්වීම 
-
“ඒ බීම එක නම් කටේ තියන්න බෑ, පට්ට ලුණු රසයි”

පරිබව කිරීම -

“ඌ නං මහ පට්ට බල්..ක්”

අපහාස කිරීම -

“ඒකා නං පට්ට මෝඩයෙක් බං”

මේ අපිට මතක් වුනු කීපයක් විතරයි.තව ගොඩක් තියනවා.ඔයාලටත් මතක් වුනොත් කමෙන්ට් කරන්න. කොහොම වුනත් මේ වචනේ භාෂාවට එකතු කරපු කෙනාට “වල්ල පට්ට” කිලෝවක් තෑගි දෙනව ද නැත්නං අල්ලලා පට්ට ගහනව ද කියලා දෙකින් එකක් තීරණය කරන්න වෙන තරමටම දැන් මේ වචනය පාවිච්චි වෙනවා.

7 comments:

  1. පට්ට එකෙත් හොදම එක පට්ට පට පට

    ReplyDelete
  2. කමෙන්ට්වලට "පට්ට" ස්තූතියි!!!

    ReplyDelete
  3. ඇතැම් නන්නාදුනන්නන්(Anonymous) අප ලබාදී ඇති අදහස් දැක්වීමේ නිදහස් අවකාශය අවභාවිතා කරනු ලබන නිසා ඉදිරියේ දී එවන් අයට ලබා දෙන ඉඩ අවහිර කිරීමට සිදුවන බව කණගාටුවෙන් දැනුම් දෙමු. අසැබි අදහස් මෙම අවකාශයට කිසිසේත් අවශ්‍ය නොවන බව අපි ඔවුන්ට දන්වා සිටීමට කැමැත්තෙමු.තම මුග්දකම ලොවට පෙන්වීමට අවශ්‍යනම් ඊට සුදුසු ස්ථානයක් තෝරාගන්නා ලෙස එවන් පිරිස් සඳහා යෝජනාකර සිටිමු. "කිරිපැණි" රසට මිස වසට නොවේ!

    ReplyDelete
  4. පට්ට නැත්තන් වෙන මොකද්ද බං කියන්නෙ ඉඳගෙන, පට්ටයි ඈ,

    http://bsetup.blogspot.com

    ReplyDelete