ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, September 8, 2012

මෙන්න තව එකක්...!

ඔයාලා ගණිත ගැටළුවලට ගොඩක් කැමතියි වගේ දැනුනු නිසා අපි තවත් පුංචි ගැටළුවක් දෙන්න කල්පනා කළා.මේක මල් ප්‍රශ්නයක්!

ඕං එක ලග පන්සල් 03ක් තිබුනළු. ඒ පන්සල් තුනේම පොකුණු 03ක් තිබුනළු. හරිය?

ඉතින් මේ පොකුණුවල මැජික් වතුරළු තිබුනෙ.(පිස්සු කථා නේ) දවසක් මිනිහෙක් ආව ලු මල් දෝතක් අරගෙන පන්සලට.පොකුණෙන් මල් දෝවනය කළා ලු.බොලේ!! මල් ටික ඩබල් වුනාලු.


මෑන් මල් කොටසක් පූජා කරලා අනිත් පන්සලට ගිහින්ඒ පොකුණෙනුත් ඉතිරි මල් ටික දෝවනය කලා ලු මාර වැඩේ කියන්නේ ඒ පාරත් මල් ගාන ඩබල් වුනා ලු.(මිනිහා පඩුරුත් දෝවනය කලා ද දන්නෙ නෑ) කලින් පූජා කරපු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මේ පන්සලටත් පූජා කලා ලු.

පොර නැවතුනේ නැ... අනිත් පන්සලටත් ගියා. මල් දෝවනය කලා, ඩබල් වුනා.මිනිහා ඒ මල් ටික සේරම මේ පන්සලට පූජා කලා. හැබැයි ඒත් අර ප්‍රමාණයම තමයි. පස්සේ මිනිහා ගෙදර ගියා.

කාට හරි කියන්න පුළුවන්ද අපේ මෑන් ගෙනාපු මල් ප්‍රමාණය සහ ඒ ඒ පන්සල් වලට පිළිවෙලින් පූජා කරපු මල් ප්‍රමාණ? පන්සල් ටික A,B,C කියලා ඕන නම් නම් කරගන්න.

පිලිතුරු හෙට (09/09) සවස දාන්නම්.

8 comments:

  1. sorry I haven't any answer

    ReplyDelete
  2. ගෙනාවේ 1 මලයි.
    A :- 1
    B :- 1
    C :- 2

    දූපත් වැසියා

    ReplyDelete
  3. මේ හිතනවා හිතනවා......මොකද්ද අප්පා උත්තරේ........._තවමත් සිතමින්_

    ReplyDelete
  4. විසඳුම ගෙනියන මල් ප්‍රමාණය = 7t

    පූජා කරන මල් ප්‍රමාණය = 8t

    t යනු ධන නිඛිලයකි.

    t = 1 වූවිට ආරම්භයේදී මල් 7 ක් රැගෙන යන අතර මල් 8 ක් පූජා කරයි.

    ReplyDelete
    Replies
    1. ආගන්තුක ඔබ නිවැරදියි.

      Delete
  5. උත්සාහ කළ සියළුම දෙනාටත් නිවැරදි පිළිතුර දුන් ආගන්තුක මිතුරාටත් ස්තූතියි. තව ඕන නම් කියන්න.

    ReplyDelete
  6. මම හිතන්නෙ එක දවසක් මදි වගේ මේ වගේ ප්‍රශ්නෙකට... මම ප්‍රශ්නෙ දකිනකොට උත්තරේ පිටවෙලත් ඉවරයිනෙ...

    ReplyDelete
  7. තව දාන්නකෝ

    ReplyDelete