ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, April 10, 2012

සිතුවිලි පවුර: මල් කැකුළකට ජීවය...

මෙය "සිතුවිලි පවුර" බ්ලොග් අඩවියෙන් උපුටා ගැනීමකි-සංවේදී ඔබ වෙනුවෙන් අප මෙය පළකරන්නේ මුල් ලිපිය මගහැරුනි නම් නැවත කියවා තීරණයක් ගැනීම සදහාය.සම්පූර්ණ ලිපිය සිතිවිලි පවු‍ර අඩවියේ ඇත.එයට පිවිසෙන්න....(http://sithuwili-pawra.blogspot.com/     දිනය:10/04/2012)

"මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර.
ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.

එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ ‍යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Relaමහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. හැබැයි ඒ සති 3කට විතරයි. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව."
උපුටනයේ අයිතිය පිලිබද "සිතුවිලි පවුර" අඩවියේ සහෘදයන්ට අදහස් ඇත්නම් කරුණාකර"kiripenimw@gmail.com " ලිපිනයට යොමු කරන්න.

2 comments:

  1. ඉතින් මචන් අපි මේකට මොකද කරන්නේ?

    ReplyDelete
  2. ඔබට හැකිනම් සිතුවිලි පවුර අඩවියේ ලිපිය කියවන්න.එහි දුරකථන අංකයට කථාකර විස්තර දැනගන්න.ඔවුන්ට මූල්‍යමය ශක්තියක් දෙන්න හැකිනම් වටිනා බවයි පේන්නෙ.දුරකථන අංක පලකරන්න අපිට අවසර නෑ කියලා හිතපු නිසා ඒ කොටස මෙහි පලකළේ නෑ.

    ReplyDelete