ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, November 10, 2013

නියම පොලිෂ්!!!! (Repeat)

(අළුත් ලිපි පෙළක් ලගදීම....)
ඔන්න එක්තරා විශේෂ පුහුණුවක් සදහා ආසියා රටවල් කීපයක පොලිස් රාළහාමිලා 02 බැගින් ඇමරිකන් පුහුණු කදවුරකට කැදෙව්වා ලු. ඉතින් අපේ රට ඇතුලුව ඉන්දියාව, පාකිස්ථානය,බංග්ලාදේශය යන රටවලින් දෙන්නා බැගින් ගියාලු. මාස 03 පුහුණුවකට තමා කැදවලා තිබුනේ.

ඔන්න ඉතින් පණ යන පුහුණුවක් දීලා ෆයිනල් ‍අසයින්මන්ට් එක විදියට කට්ටියම හිම කන්දක් ලගට අරන් ගියාලු.අළුයම පට්ට සීතලේ සෙට් එකම සීරුවෙන් තියපු ලොක්කා කිව්වලු:


"දැන් ඔබ ඉදිරියෙන් තියන කන්දේ මහා දරුණු සිංහයෙක් ඉන්නවා,අද හවස 05ට කලින් ඒකව අල්ලලා කුදලන් වරෙව්" කියලා.

මොනවා කරන්නද? කෝස් එක කම්ප්ලීට් වෙන්න නම් ඒක කරන්නම වෙනවා.දැන් ඉතින් අපේ ඩබලයි අනිත් උනුයි දිව්වලු කන්ද පැත්තට.

දැන් ලොක්කො සෙට් එක කන්ද පාමුල බලා ඉන්නවා.

හවස දෙක විතර වෙද්දි ඔන්න බංගලියෝ දෙන්නා අවා. හිස් අතින්... ලොක්කා අහපි:
"මොකද උනේ?"
අර ඩබල හති දම දම කියපි:
"උතුමානනි මෙලෝ සිංහයෙක් ඒ කන්දේ නැත උතුමාණනි! හැග් හැග්.."
"තමුන් දෙන්නාම ෆේල්. යනවා ආයෙත් කදවුරට."

ඔන්න තව පැයකින් විතර ඉන්දියන් ඩබලත් ආවා. ඒත් අර සෙතේමයි.

හතරයි තිහට විතර පාකිස්ථාන් ඩබලත් හිස් අතින්ම ආවා.මේ හිම කදුවල මොන සිංහයොද? ඒ ඩබලත් ෆේල්.

අපේ ඩබල තාම නෑ.4.50ට විතර ලොක්කා දෙවනියට කියනවා මෙහෙම:
"අර ඩබල පැන්නාවත්ද?"
"එහෙම උනොත් මළකෙළියයි සර්"

ඔන්න ඒ කියනකොටම අපේ ඩබල කන්දෙන් මතුඋනා.ලොකු පොදියකුත් කරේ!
"සර් අන්න අරුන් එනවා... බොලේ මුන් අප්‍රිකාවටවත් ගියාද? අර සිංහයෙක්ද මන්දා කරතියන් එන්නේ!!"

අපේ ඩබල කරතියන් ආපු මල්ල බිම තියලා කට ඇරියා.
බොලේ!! ඒකේ තඩි හිම වළහෙක්!!(හැබැයි රතු පාට වෙලා,හැම තැනම ලේ)
"මේ මොකෙක්ද? අපි කිව්වේ සිංහයෙක් ගේන්න. මේ හිමවළහෙක්නේ!"
ඔන්න එතකොටම අර හිමවළහා කථාකරන්න පටන්ගත්තා...

"අනේ බුදු සර් මම හිමවළහෙක් නෙවි, සිංහයෙක්.මම ඕන තැනක දිව්රන්නං.මට යන්නදෙන්න. මේ සර්ලා දෙන්නා කියන්නේ සහතික ඇත්ත."

"ෂාහ්!! නියමයි මරු මරු... තමුසෙලා දෙන්න පාස්. නියම පොලිස්... හෙටම යනවා තමුන්ගේ රටට."ලොක්කා කිව්වා.

No comments:

Post a Comment