ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, April 6, 2013

කුණු බිත්තර.

හා... යාළුවනේ! ගොඩාාාක් කාලෙකින් මේ පැත්තෙ ආවේ. කොහොමද ඉතින් කට්ටියම හොදින් ඉන්නවා නේ?
මේ දවස්වල ලියන්න නං අනන්තවත් දේවල් දකින්න අහන්න ලැබුනා.ඒත් ඉතින් මේ රටේ අයට කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා හිතුනු නිසා ඒ ආපු අදහස් එහෙම්මම ගිල ගත්තා.

ඒත්...
එහෙම ඉදලත් බෑ නොවැ.
මේ රට අපේ රට නොවැ.


දැං ඒ පාර ඉන්දියාවේ ඉන්න ජයලලිතා ගෑණි පිස්සු වැටිලා වගේ බෙරිහන් දෙනවා මේ ලෝකෙ නැති ඊළමක් ගැන කියවා කියවා.ඔච්චරටම අමාරු නං තමිල්නාඩුවෙම ඒක හදාගන්න බැරියැ.ඔය ඕන තරං ඉඩ කඩ තියන්නේ. නේද?

ආහ්... මේවා ඔයාලට කියලා වැඩක් නෑ නේ... අනික අර ගෑණි මේක බලන්නෙත් නෑ නේ. බැළුවත් තේරෙන්නෙත් නෑ නේ.සොරි සොරි...

මම මේ අපේ අයට කියන්න ගියේ ඔය ගෑණිගේ ගැට වලට අහුවෙන්න එපා කියලා.දැං ඔය හදනවා ඇත්තේ ආයෙත් මෙහේ පරණ ප්‍රශ්නෙම ඇති කරන්න.මෙහෙත් ඉන්නවනේ කට්ටියක් මොකක් හරි පොඩි සද්දයක් ඇහුනම කුලප්පුවෙලා ඇණගෙන ඇණගෙන යන.

අපේ IPL ගිය කොල්ලන්ටත් කුණුබිත්තර ගහන්න ලේස්තිවෙලා ලු නේ ඉන්නේ.අනේ සාදු!  වාසනාවන්!!.
ඔය වැඩේට වඩා කලින් කරන්න ඕන වැඩක් තියනවා පුළුවන්නං කරන්නකෝ...
ඒක තමයි,IPL මෙහේ පෙන්නන එක(විකාශය) නවත්තවන්න එක. අපි ඒකත් වර්ජනය කරමුකෝ.

ඔට්ටුයි බෑ...!






No comments:

Post a Comment