ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, December 6, 2012

කිරි ආතා‍ ගේ කතා

ඕන්න ගොඩකාලෙකට පස්සේ කිරි ආතා ඊයේ රැ මට හීනෙන් පෙනුනා.ඉතිං එයායි මායි පුංචි චැට් එකක් දැම්මා.මේ පෝස්ට් එකේ තියන්නේ මට උදේ අවදිවෙද්දි මතක තිබුනු කොටස විතරයි.ඕං කියවලා බලන්නකෝ....

ආතා: හහ් හහ් හා.........!!!
මං: ග්හෑ.... මේ මොකෙක් ද?

ආතා: ඈ ‍‍බොල! තොට මාව අදුනන්න බැරි උනාද? මං තොගේ ආතා!

මං: හප්පා!! ඇත්ත නේන්නං මේ ආතා නෙව!කොහොම අදුනගන්නද ඇදිලා ගිහිල්ලා නේ?

ආතා: ඇදෙන්න මම රබර් වලිං හැදිල කියල හිතුවද? මම මෙ දවස්වල ඇග ටිකක් ෂේප් කරගන්න ට්‍රයි කරනවා.ඒකයි.බලපං දැං ටිකක් V ෂේප් නේද?

මං: V නං මම දන්නේ නෑ, හැබැයි දැං I වගේ නම් පේනවා.
ආතා: පල පල.බොට ඉරිසියාව!

මං:හරි හරි දැං මේ කඩාපාත්වුනේ ඔය බොඩිය පෙන්නලා යන්නද? දැං ඉවරනං යන්න මට වැඩ තියනවා.මම මේ ලාස්සන ලව් ස්ටොරියක් බලබලනේ හිටියේ!

ආතා:නොදකින්! උඹ ඔවා බල බල හිටපන්,මට මෙහේ හෙන ප්‍රශ්න... තනි ඇහැට ඇඩෙනවා බං!

මං: හපෝ,මළ කරදරේ... හැම දාම ප්‍රශ්න.. අපි වගේ ආතල් එකේ ඉන්නවකෝ
ආතා: ආතල් නැතුවයැ...බොලාට ආස්චරියමත් රටක් තියනවනේ...අපිට එහෙමද?

මං: හ්ම්.. දැන් මොකක්ද කේස් එක!

ආතා: මම බං මෙහේ මු.භූ.සා.වි නේ.

මං: මොකක්?

ආතා: මැට්ට ඒකවත් දන්නැද්ද? මුළු භූත ලොකයටම සාම විනිසුරු.

මං: අප්පද බොල එහෙමත් එකක් ද? කවුද දුන්නේ!

ආතා: ඔව් එහෙම එකක් තමයි.මොකද උඹ නිකං නොන්ඩියට එන්නේ.අපේ ලොක්ක දුන්නේ.
මං: හරි ඉතිං ඉතිං...

ආතා: ඉතිං බං මම වැරදීමකින් අපේ ලොක්කගේ භූත පුතෙක්ගේ චරිත සහතිකයක ලියලා තියනවා,මේ භූතයා කිසිම දවසක බොරුවක්‍ නොකියන අයෙකි කියලා.ඒකට මහ එකාට තදවෙලා.දැං මට ද්වේෂාභියොගයක් ගෙනල්ලා.

මං: ඉතිං බොරු නොකියනව නං හොදයි නේ!

ආතා: ඒ බොගේ ලෝකෙ නේ.මෙහේ ඒකෙ අනිත් පැත්ත.දැං සේරම එකතුවෙලා මාව පට්ට ගහන්න හදනවා.භූත ටී.වී එක දාන්න බෑ.. ඒකෙ මම බොගේ ලොකෙ ඉද්දි කරපු හොද වැඩ හිටං පෙන්නනවා.විලි ලැජ්ජයි සංතෝසය.ඒ අස්සේ මෙහේ ඉන්න සුද්දවන්තම භූතයත් මට කියනවා ඉල්ලා අස්වෙන්නලු.

මං: ඉතිං... අස්වෙනවද?

ආතා:පිස්සුද බං අපේ හත්මුතු පරම්පරාවේ එකෙක් එහෙම බාල වැඩක් කරනවද? අනික මේ ලෝකේ මට වඩා පජාත භූතයෙක් වත් එහෙම කරලා තියනවද? මං යනවා බං උඹ අර ස්ටෝරිය බලපං,මම භුත කාරක සභාවට ගිහින් ටෝකක් දාලා එන්නං.

ඔන්න ඕකයි කතාව.පේනවා නේ ද භූත ලෝකෙ හැටි.හරි අසික්කිතයි නේ? ඒ නිසා කීයටවත් එහාට යන්න වැඩ හදාගන්න එපා හොදෙයි! බලන්න අපේ ලෝකේ කොච්චර සුන්දරද? කවුරුත් එකාවගේ එකට බැදීලා ඉන්නවා නේහ්!!!


1 comment:

  1. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete