ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, November 14, 2012

කැවුම් කීයද?

කලකට පසුව ඔයාලා හමු‍‍‍වෙන්න ආ‍වෙ රසම රස ගණිත ගැටළුවකුත් අර‍‍ගෙනයි.රසයි කීවෙ ‍කැවුම් ගැන තියන නිසා.
‍‍මේකයි සිද්ධිය:

ඔන්න යාළු‍‍වො ති‍‍‍දෙ‍නෙක් ගමනක් යන්න පිටත්වුනා ලු. A,B,C කියලා හිතමු‍කෝ. හැබැයි ගි‍‍යේ හිස් අතින් ‍නෙ‍වෙයි, කැවුම් මල්ලකුත් අර‍‍ගෙනයි.


ඉතින් මගදි මහන්සි නිසා ‍මේ අය ‍‍පොඩි නින්දකට වැටුනා. ටිකකින් A අවදි වුනා.එයා කැවුම් මල්ල ලිහලා බැළුවා. තිබුනු කැවුම් ගාන තුනට ‍‍බෙදලා බැළුවා.එකකුත්(කැවුමක්) ඉතුරුවුනා. එයා එයින් එක ‍‍ගොඩකුයි අර වැඩිපුර එකයි කෑවා. ආ‍‍යේ නිදාගත්තා.

ටිකකින් B ඇහැරුනා.එයත් ඉතුරු කැවුම් තුනට ‍‍බෙදලා එයා‍‍‍ගෙ ගොඩයි වැඩිපුර ඉතුරු වුනු කැවුමයි කාලා නිදාගත්තා.

Cත් නැගිටලා ‍‍තුනට ‍‍බෙදලා වැඩිපුර ඉතුරුවුනු කැවුමත් එක්ක එයා‍ගෙ ‍‍‍කොටස කාලා නිදාගත්තා. පසුව ‍‍මේ අය කවුරුත් ඇහැරිලා ඉතුරු කැවුම් ටිකත් අරං ගමන ගියා.

කාටද පුළුවන් ‍‍මෙයාලා මුලින් ‍‍ගෙනා කැවුම් ගාන කියන්න.(A,B,C කාපු ප්‍රමාණත් කී‍වොත් වඩා ‍හොදයි!)

පිලිතුර ‍‍හොයාගන්න දවස් ‍‍දෙකක් ඇති ‍නේ?

6 comments:

  1. මොලේ කොලොප්පන් වෙනවා මම පස්සේ එන්නම් උත්තරේ බලන්න.

    ReplyDelete
  2. මේකට ගොඩක් උත්තර තියෙන්න පුළුවන්. 1ක්,

    මුළු කැවුම් -25
    A - 8 + 1
    ඉතිරි - 16
    B - 5 + 1
    ඉතිරි - 10
    C - 3 + 1
    ඉතිරි - 6

    ReplyDelete
  3. මල්ලෙ තිබූ කැවුම් ගණන 25යි..
    A පළමුවෙන්ම ‍කැවුම් 08 බැගින් ගොඩවල් 3ක් වෙන් කළා එවිට 01ක් ඉතුරු උනා, ඔහු තම ගොඩට අයිති කැවුම් 08යි ඉතුරු 01යි ඔක්කොම 09ක් කෑවා...

    B බලද්දි කැවුම් ඉතිරි 16යි. ඔහු ‍කැවුම් 05 බැගින් ගොඩවල් 3ක් වෙන් කළා එවිට 01ක් ඉතුරු උනා, ඔහු තම ගොඩට අයිති කැවුම් 05යි ඉතුරු 01යි ඔක්කොම 06ක් කෑවා...

    C බලද්දි කැවුම් ඉතිරි 10 යි. ඔහු ‍කැවුම් 03 බැගින් ගොඩවල් 3ක් වෙන් කළා එවිට 01ක් ඉතුරු උනා, ඔහු තම ගොඩට අයිති කැවුම් 03යි ඉතුරු 01යි ඔක්කොම 04ක් කෑවා...

    අන්තිමට ඉතිරි කැවුම් 06යි...

    ReplyDelete
  4. ගෙනාපු කැවුම් ගාන - 25යි

    A- 09, B-06, C - 04 කෑවා ඉතුරු 06යි

    ReplyDelete
  5. මාර දස්සයෝ නේ!! රා.සේ.පි පිළිතුර පැහැදිලිකරලම දීලා තියනවා.හරියටම හරි.කාටත් ස්තූතියි!!

    ReplyDelete