ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, April 30, 2013

ඉටුවේ ද කවදා රතු පැතුම්


මිනිසකු ලෙස ඉපදුනු ඔබත් මාත් ජීවත්වීම උදෙසා තවත් මිනිසකුගේ යටතේ සේවය කරමු.ඉතින් එහෙව් සේවක පංතිය වෙනුවෙන් එක් දිනයක් වෙන්කර දි ඇත.ඒ දිනය හෙටයි. මැයි පළවෙනිදා!! ඔව් ඒ ඔබේත් අපේත් දිනයයි.එදිනට අපි කුමක් කරමුද? ඊට පෙර මේ දිනය වෙන් වු හැටි මදක් විමසමු.

REPEAT


දහ නව වන සියවස මුල් භාගයේ ඇමරිකානු කම්කරුවන් හිරු උදාවේ සිට හිරු බැස යනතුරු ද රැකියාවල නිරතවිය යුතුව තිබුනි.එය පැය වලින් නම් පැය 14 , පැය 18 ආදි ලෙස දිගුවිය. 1834 දි ඇමරිකානු බේකරි සේවකයින් සිය සේවා කාලය පැය 10 කට සීමා කරනලෙස ඉල්ලා වැඩ වැරූහ. පසුව එම ඉල්ලීම ඉටුවිය.මෙය පූර්වාදර්ශ කරගත් අනෙක් කම්කරුවෝ ද ඒකරාෂිවිය.කන්ඩායම් ගත වි තම පොදු අරමුණ වෙනුවෙන් සූදානම් විය. එය පැය 08ක සේවා මුරයක් වෙනුවෙනි.

ජාතික කම්කරු සංගමය විසින් සැකසු පැය 08 සේවා යෝජනාව 1866 දි ජිනිවා කොංග්‍රසය හමුවේ ද ඉදිරිපත්කෙරිනි. එය පිලිගැනුනද ක්‍රියාත්මකවුයේ නැත.

කම්කරුසටනේ කූටප්‍රාප්තිය 1886 වසරේ සිදුවිය. ලොවපුරා කම්කරු සටන් ඇවිලෙද්දි එහි රන්දිය දහර චිකාගෝ නුවරට ඇදෙන්නට විය. ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ(වැඩ කරන ජනතාව) චිකාගෝ නුවර “හේමාර්කට් චතුරස්‍රය”(Haymarket) අවට රැස්විය.මෙම සටන් වැලැක්විමට පැමිනි පොලිස් නිළධාරින් වෙත සැගවසිටි අයෙකු ඩයිනමයිට් යෙදු බෝම්බයක් එල්ල කල අතර එහිදි භටයින් සිව් දෙනෙක් හා උද්ඝෝෂකයින් කීපදෙනෙක් ද මියගියහ.පොලිසිය පෙරළා වෙඩි තැබු අතර චතුරස්‍රය කම්කරු‍ ලෙයින් තෙත් විය.

පසුව පරික්ෂණ අරඹා කම්කරු නායකින් පිරිසක් එල්ලා මැරු අතර තවත් පිරිසක් ජිවිතාන්තය තෙක් සිරගත කළහ.මෙසේ ඇරඹි සටන් අඩුවි ගියද පසුව නැවත මෙවැන්නක් නොවිම සදහා සියල්ලෝ රැස්වි සාකජ්ජා කළහ. එහිදි පැය 08 සේවාව නීතිගත වු අතර මැයි 01 දින ජාත්‍යන්තර කම්කරු දිනය බවට පත්විය. ලොව පුරා රටවල් 80ක පමන නිවාඩු දිනයක් විය.

ලංකාව 1927 දි පළමුවරට කම්කරු  දිනය සැමරු අතර එහි නායකත්වය ලංකා කම්කරු සංගම් හී පුරෝගාමියා වු ඇලෙක්සැන්ඩර් ඒකනායක  මහතාවිසින් දරනලදි.

දැන් අපි වත්මනට එමු. මේ සා දුක්විද ලබාගත් ඒ අයිතිය අද ඔබට තිබේ ද? බොහෝ ආයතන(විශේෂයෙන් කම්හල්) සේවකයා උක් දඩුමෙන් මිරිකා වැඩ නොගනිත් ද? අතිකාල යැයි කියමින් සොච්චමක් දී පැය 08 , පැය 10-12 ලෙස දිගුකර නැතිද? ඒ අති කාල කැමතිනම් නොව අනිවාර්ය්‍ය ඒවා නොවේද? 

අනිත් අතට එදා මෙන්ම අදත් කම්කරු සටන් ඇරඹුනුවිට එය මර්ධනය කරන්නට එන්නේද ඒ පිඩිත පන්තියේම පුරුකක් වන ආරක්ෂක අංශ ම වීම සෝචනීය තත්වයකි.අපරටේනම් බොහෝවිට පවතින්නේ ඊනියා සටන්ම පමනක් නිසා ඒවාට ගැහුවාට කමකුත් නැතැයි සිතේ. පාවා දෙන්නට හපනුන් සිටින ‍‍‍‍ඓතිහාසික ජාතියකි මේ ලාංකික ජාතිය.

කම්කරුවන් දේශපාලන පක්ෂවල අතකොළුවි සිටිනතුරු ඔවුන්ට විමුක්තියක් නම් නැත.අඩුම ගනනේ නිවාඩුව වත් කැමති ලෙස භුක්ති විදින්නට බැරිය.  එදාටද තම ඉහල පාලකයන්ගෙන් යැපෙන දේශපාලන පක්ෂයක රැලියකට ගොස් දවසේම සිටගෙන සිට කැ ගසා රැට නිවසට පැමිණ පිගාන ලෙවකා නිදාගනු ඇත. ඉතින් ඊට නරකද එදාත් වැඩ කරානම්. ඔබ නොදැනිම කඹුරා ඇත්තේ ඔබ පාගාගෙන සිටි උන්ටම නොවේද?

චිකාගෝවේ තම රුහිරු වගුරවා දිනාගත් දේ රැක ගන්නටවත් ඔබට මට නොහැකි නම් අපි මේ කම්කරු දිනය සැමරීමේ පළක් තිබේද? ඔවුන් පැතු රතු පැතුම සදා පැතුමක්ම වනු ඇත.නමුත් ඔවුන් සදා අනුස්මරණිය වේ!!!


                                                 MW Team

2 comments: