ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, September 8, 2012

මෙන්න තව එකක්...!

ඔයාලා ගණිත ගැටළුවලට ගොඩක් කැමතියි වගේ දැනුනු නිසා අපි තවත් පුංචි ගැටළුවක් දෙන්න කල්පනා කළා.මේක මල් ප්‍රශ්නයක්!

ඕං එක ලග පන්සල් 03ක් තිබුනළු. ඒ පන්සල් තුනේම පොකුණු 03ක් තිබුනළු. හරිය?

ඉතින් මේ පොකුණුවල මැජික් වතුරළු තිබුනෙ.(පිස්සු කථා නේ) දවසක් මිනිහෙක් ආව ලු මල් දෝතක් අරගෙන පන්සලට.පොකුණෙන් මල් දෝවනය කළා ලු.බොලේ!! මල් ටික ඩබල් වුනාලු.

Thursday, September 6, 2012

පුංචි ගණිත ගැටළුවක්... ලිහලා බලමුද?

මේක අපේ යාළුවෙක් තමා කිව්වේ.ඔයාලත් මේවගේ වැඩවලට කැමති නිසා කියන්න හිතුවා.මේකයි සීන් එක:

ඔන්න එක ගහක අතු දෙකක් තිබුනළු,(ගහටම තිබුනේ අතු දෙක ද කියලා අහන්න එපා.) එයින් උඩ අත්තේ කුරුල්ලො යම් ප්‍රමාණයක් සිටියළු.පහළ අත්තෙත් යම් ප්‍රමාණයක් කුරුල්ලෝ සිටියළු.ඉතින් උඩ අත්තෙන් කුරුල්ලකේ ඇවිත් යට අත්තේ වැහුවොත් අතු දෙකේ සිටින කුරුල්ලන් ගණන සම සම වෙනවාළු, යට එකෙන් කුරුල්ලෙක් උඩ අත්තට ගියොත් යට අත්තේ සිටින කුරුල්ලන් ගණන වගේ දෙගුණයක් උඩ අත්තෙ ඉන්නවා ළු.(මේ අවස්ථාවන් වෙන වෙනම සිදුවේ යයි සිතන්න.)

හරි නේ...

එහෙනම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න අතු වල සිටි කුරුල්ලන් ගණන වෙන වෙනම?

අපැහැදිලි නම් ඒකත් කියන්න ‍හරි ද?

ආ තව දෙයක් කියන්න ඕන අපේ නව කථාව කොහොම හරි ලබන ඉරිදා යාවත්කාලීන කරනවා.අපි ඒ කතාව කියවන අයව අපහසුතාවයට පත්කරනවා නෙවි.කාර්ය්‍ය බහුලතාව නිසා නරවුල් මනසින් ඒක ලියන්න වෙන්නෙ නෑ. ඒ නිසා අනන්මනන් ලියලා සහෘදයින් අමාරුවේ දාන්නත් බෑ නේ...අපි කෙසේවත් කථාව අතර මග නවත්වන්නෙ නම් නෑ.අනිවා!!! දිගටම අපිත් සමග රැදීසිටින්න... ස්තූතියි.

Monday, July 30, 2012

ඕං ඒ පුරස්නෙත් විසදුවා...

සී ලංකාවේ පුරස්න විසදන පහසු ක්‍රම. කිරි පැණි කාටූනය...


Saturday, July 21, 2012

මහ නාහිමිවරුනි, කාලෝ අයන්තේ...

පසුගිය සති කීපය තුළ මහත් කථාබහට ලක්වු මාතෘකාවක් වූයේ පූජ්‍ය පක්ෂයට මැතිවරණ සදහා තරග කිරිම වැළැක්වීමට විපක්ෂ මන්ත්‍රීවරයකු ගෙනා පෞද්ගලික යෝජනාවකි.සැබවින්ම එය කාළෝචිතයයි අපි ද සිතමු.(එය අපේ මතය පමණි.රටේ මතය නොවිය හැක.)එහෙත් ධර්මරාජ්‍යයක් සැදීමට පෙරට ආ පිරිසක් එම යෝජනාව නිසා විය යුතු ලෙසටම කුළප්පු විය.මේ ගැන රූපවාහිනි නාලිකා හරහා සාකජ්ජා ද පැවැත් වීය. එහිදී ධර්මරාජ්‍යවාදීන් ගෙනා තර්කයක් වුයේ භික්ෂුණ්ට නීති පැනවීමට ගිහියන්ට අයිතියක් නැති බවත්,මහනාහිමිවරුන් හරහා යෝජනාව ආවානම් පිලිගැනීමට තිබූ බවත් ය. 

Saturday, June 9, 2012

නිහඩ බව බිදිමු...!

මේ පෝස්ට් එක දාන්නේ අපි අපේ මිතුරුමිතුරියන් වෙත ඉක්මනින්ම නැවත එනවා කියන්නයි. ඔබේ සුහදකම තවදුරටත් අප සමග තබාගන්න...

කියන්න, ලියන්න බොහෝ දේ තියනවා. ඉතින්, තව ටික දිනක් ඉවසන්න... සියල්ල සූදානම්