ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, December 6, 2014

මීලඟ ජනපති කවුද?

2015 ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පූර්වගාමීව පැවැත්වෙන විද්‍යුත් මත විමසුම.

"කිරිපැණි" අපි මතවාදී ලෙස කුමන පාර්ශවයක සිටියත් සෑම විටම ඔබේ නිදහස් මතයට ඉඩදුන් බව ඔබ දන්නවා.ඒ අනුව යමින් එළැබෙන ජනපතිවරණයේදී ජය කාට හිමිවේදැයි මත විමසුමකින් සොයාබලන්න අපි හිතුවා.

මුලින්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙපල පිලිබඳ පුංචි ප්‍රත්‍යාවලෝකනයක් කරන්න අපි කල්පනා කලේ ‍ඔබේ මනසේ යටගියාව මඳක් ඔපමට්ටම් කරන්න ඕන නිසයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කල මෙහෙවර කොහොම අමතක කරන්න ද? මේ ඒ පිලිබඳ අබින්දක්!
  • 30 අවුරුදු ශාපලත් යුද්ධය නිමාකරන්නට නොසැලෙන රාජ්‍ය නායක්ත්වය ලබාදීම.
  • සිඝ්‍ර සංවර්ධන වැඩපිලිවෙල ඔස්සේ අධිවෙිගී මාර්ග,නව වරාය හා ගුවන්තොටුපොල,දුම්රිය මාර්ග වැනි ඉදිකිරීම් සඳහා කැපවීම.
  • මහින්දෝදය විද්‍යාගාර,පරිගණක විද්‍යාගාර ඇති කිරීම.
  • නවීන තාක්ෂණය ව්‍යාප්ත කිරීම.
දැන් අපි මෛත්‍රීපාල සිරිසේන හිටපු ගරු ඇමති තුමා ගැන අවධානය යොමු කරමු.
  • යුධ ජයග්‍රහණය සඳහා ජනපති වෙහෙසෙද්දී එතුමාට සවියක් වෙමින් එම රජයේ රැඳීසිටීම
  • තම අමාත්‍ය සමයේ දී ඔෟෂධ පනත පර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ දැරීම.
  • දුම්වැටි පැකට් සදහා 80% ක රූපමය අවවාද යෙදීමට උත්සාහ දැරීම.
  • රජරට සංවර්ධන වැඩ සඳහා රාජ්‍ය අවදානය යොමුකරවීම.
ප්‍රත්‍යාවලොකනය අසමබර බව පේන්න පුළුවන්.ඒ විධායක ජනපතිවරයෙක් හා ඔහු යටතේ සිටි ඇමතිවරයෙක් සැසඳීමට සිදුවූ නිසා බව ඔබට ඒ සමඟම වැටහෙන්න ඇති.

ඒ කුමක් වුවත් වත්මන් ප්‍රවනතා සහ අනාගත ප්‍රතිපත්ති පිලිබඳ අවබෝධයක් ඇති ඔබ ඔබේ නිදහස් මතය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!

4 comments:

  1. Replies
    1. ෆෝන් එකෙන් බැලුවෙ එදා. අදයි මැසිමෙන් නෙට් ආවෙ.
      කොටිම්ම මෙච්චරයි. ජනාධිපතිගෙ යුද්ධය වෙනුවෙන් කලගුණ සැලකුව 2010දි. ඒ ගණුදෙනුව එතනිං අහවරයි. සංවර්ධන කටයුතු වලට දෙන ලකුණු ප්‍රමාණයෙන් වංචා දූෂණ වලට දෙන සෘණ ලකුණු ප්‍රමාණය කැපුවම එන්නෙත් සෘන අගයක්. ඒ නිසා අපි මෛත්‍රීට

      Delete
  2. මහින්ද සීතල කාමරේ ඉද්දි,යුද්දෙ වෙනුවෙන් ජීවිතයම කැපකරපු,සරත් ෆොන්සේකට සලකපු විදියෙන්ම, මිනිහව එපවුනා.

    ReplyDelete