ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, October 22, 2014

කර්තෘ හිමිකම?

www.kiripeni.blogspot.com
අපගේ මෙම බ්ලොග් අඩවියේ ප්‍රචාරයවන ලිපි ආරම්භයේ සිටම "සිංහල බ්ලොග් කියවනය" නම් වන සින්ඩිකේටරයේ ප්‍රදර්ශනය වූ අතර එමගින් විශාල රසවතුන් පිරිසක් අප වෙත යොමු විය. නමුත් මෑතක සිට එම සින්ඩිකේටරයේ ලිපි පලවුන ද  යොමුවක් හෝ අවම වශයෙන් ලිපියේ හිමිකම හෝ ප්‍රදර්ශනය නොවේ.

මේ පිලිබඳව එය පවත්වාගෙනයනුලබන අය(Admin) දැනුවත් කල ද ප්‍රතිචාරයක් නැත!

එහි ප්‍රදර්ශනය වන සියළු ලිපි(අනෙක් අඩවි වල ලිපි ද) හිමිකම් අයිතිය අහිමිකරමින් ප්‍රදර්ශනය වෙමින් තිබේ.

ඉතා ඉහළ වටිනාකමක් ඇති සේවාවක් ඉටුකල මේ සින්ඩියට සිදුවූයේ කුමක් ද? තතු දන්නෝ පැහැදිලි කරත්වා.!

4 comments:

  1. ටික දවසක ඉදන් මොකක්හරි අවුලක් තියනව

    ReplyDelete
    Replies
    1. වැඩේ අසාධාරණයි වගේ නේ?

      Delete
  2. මමත් නිතරම බලන එකක් තමයි. මේ blog එක. නව ලිපි ලේසියෙන් සොයා ගැනීමට ඒක ඇත්තෙන්ම ප්‍රයෝජනයි. නමුත් ටික දවසක ඉඳල ඇතිවෙලා තියෙන මේ අවුල නිසා අප අසරණ වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා, අපි හිතන්නේ මේක තාක්ෂණික දෝෂයක් කියලයි.මොකද මේ වෙද්දි සින්ඩිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙල‍ා!

      Delete