ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, June 12, 2014

පබිලිස් ගේ අබිලික් වැඩ.

අද පොසොන් පුන් පොහොය දිනයයි. අනුබුදු මිහිඳු හිමියන් ලක් දිවට වැඩමවා ලංකාව සියළු සතුන්ට අභය භූමියක් මෙන්ම බුද්ධිමතුන්ට නිවන් මග පෙන්වන ක්ෂේම භූමියක් කළ බව ඔබ අප සැවොම දනී. ඉතින් එදා සිට අද දක්වා සැදැහැවත් බොදු ජනයා පොහෝ දිනයට බොහෝ පිං කම් කරති. ඒ පිං කම් විවිධ ස්වරූප ගත්තත් කෙසේ හෝ හොඳ දේ කෙරෙන නිසා අපි මැදහත් සිතින් ඒ දෙස බලා තුටු වෙමු.

ඒත්...

අද අපි මහත් කණගාටු දායක පිං(හෝ පව්)කමක් දුටිමු. ඒ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අතරතුරයි. රටේ නමක් දිනා සිටින සූපවේදි පබිලිස් සිල්වා ප්‍රමුඛ පිරිසක් සෝමාවතී සෑරදුන් වෙත බුද්ධ පූජාව ලෙස "තිරුවානා ගල්" හොද්දක් පූජා කිරීමයි.

ඔහු දක්ස සූපවේදියකු (ගමේ බසින් "වැඩ්ඩෙක්") විය හැකිය. ඔහුට ඕනෑම දහ ජරාවක් ආහාරයක් බවට පෙරලා නමක් යොදා මේ රටේ සිටින තෘණ භක්ෂක මනුසතුන්ට පිලිගැන්විය හැකිය.ඒ ඔහු මාධ්‍ය මගින් ඒ තරමටම පුම්බා ඇති බැවිනි.

නමුත්...

අනන්තජින වූ තුන්ලොකාග්‍ර වු ‍ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රී දළදා වහන්සේ වැඩ වෙසෙන සෝමාවතී සෑ රදුන්ට ගල් හොදි පූජා කරන්න ඔහුට හයියක් ආවේ කෙසේ ද? අප බුද්ධ පූජා තබන්නේ හිස් ගඩොල් ගොඩවල් වලටවත් මැටි ගොඩවල් හෝ ලෝහ ගොඩවල් වලට නොව සම්මා සම්බුදු රජාණන්වහන්සේට ය,උන්වහන්සේගේ අනන්ත ගුණ මහිමයටය.

ඉතින් අද බුදු හිමි වැඩ සිටියානම් ඔය පබිලිස් උන්වහන්සේට ගල්හොදි පුදයි ද? පිදුවත් මේ මුග්ධයා කෙරේ ද පතල මහා කරුණාවෙන් උන්වහන්සේ එය පිලිගනු ඇත. ඒත් පුහුදුන් අපට මෙය මහත් වේදනාවකි, මේ බූ...ට බුදුන් පුදන්නට වෙන දෙයක් මේ රටේ නැති ද? අඩුම ගනනේ දළදා මාලිගාවේ මෙවන් පූජාවක් තබන්නට එම ස්ථානයෙන් මොහුට අවසර ලැබෙයි ද? නැත! එසේ නම් ඇයි සෝමාවති පුද බිමේ මෙම අඩු සැලකිල්ල!

හිරු මාධ්‍ය ජාලයේ පාලකයින් ගේ තරම ද අද ලොවට හෙලි වුනා යයි අපට හැඟේ.අමුලිකා ශ්‍රද්ධාවේ තරම...!

අපේ අදහස නම් හිරු ආයතනයත්,මැටි මෝල් පබිලියාත් සියළු ලෝකවාසි බෞද්ධයන්ගෙන් සමාව ගතයුතු බවයි.

ප.ලි.(13/06/2014 - 20:44)
මේ පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න... එහි 4වන විනාඩියට පසු හොඳින් බලන්න.
http://www.youtube.com/watch?feature=player_embedded&v=U63ktcPj6eY&list=PLN-MLMEqduVnW-Usb_vz9wuA3wpvU2Mwk
                                                                             

7 comments:

  1. ඇත්තටම මේ හොද්දේ නම විතරද එහෙම නැතුව සැබෑ ගල් ද තිබ්බේ

    ReplyDelete
    Replies
    1. අපි දැකපු විදියට නම් ගල් තිබුනා
      මේ ලින්ක් එකේ මිනිත්තු 4කට පස්සෙ ඉඳන් බලන්න.
      http://www.youtube.com/watch?feature=player_embedded&v=U63ktcPj6eY&list=PLN-MLMEqduVnW-Usb_vz9wuA3wpvU2Mwk

      Delete
  2. රජ කාලෙත් දුන්න කියන්නේ... අනේ මන් දන්නේ නෑ... මැදහත් සිතින් ඒක දිහා බලල ඒ පිනට අපිත් එකතු උනා නම් හරි..
    එක වෙලාවකට හිතෙනවා මමත් ඒ කාලේ ඕවා පුජා කරන්න ඇති, ඒ නිසා තමයි ගල් වැලි වලට සල්ලි නොගෙවත් ගන්න බත් වල ගල් තියෙන්නේ,,,,, LOL...

    ReplyDelete
  3. මෙහි සත්‍ය කතාව නම්, ආහාරයේ විෂ උරාගැනීමේ හැකියාව තිරිවාන ගල් සතු වීම යි. රාජකීය සූපවේදයේ දී තිරිවාන ගල් යොදා සකස් කරන වරා දළු පිළිබදව සදහන් වෙයි. ඒ න්‍යය අනුව ය මෙම ආහාරය සකස් වන්නේ. මෙහි සිදුවන්නේ රත් කරන ලද තිරිවාන ගල් හොද්දට දැමීම මගින් එය පිසීම පමණි.

    ReplyDelete
  4. හොදිලිස් සිල්වා

    ReplyDelete
  5. ගල්කිස්සේ ගල් හොද්දා

    ReplyDelete
  6. මමත් ඔක දැක්ක ටිවි එකෙ දැක්ක.අනෙ මන්ද මෙව

    ReplyDelete