ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Friday, April 25, 2014

අාණ්ඩුවට කැසිනෝ... විපක්ෂයට කසනෝ... අපිට ඇඬෙනෝ!

උපායමාර්ගික සංවර්ධන පනත වශයෙන් හෝ කැසිනෝ පනත වශයෙන් හෝ හඳුන්වන පනතක් රජය නැවත ගෙන එනවා ලු.එහි අන්තර්ගතය කෙබඳු දැයි මහජනතාව සත්‍යවශයෙන්ම නොදනී. විපක්ෂය එකක් කියයි.රජය තවෙකක් කියයි.අපි කුමක් විශ්වාස කරමු ද?

දෙපැත්තේම අය කියනදේ කරන,කරනදේ කියන ස්වභාවය අතින් අපේ හදවත් එ් තරමටම දිනාගෙන ඇත.

පැකර් නම් කුප්‍රකට ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් අත්තේ එතරම් යහපත් පිලිගැනීමක් නොවන නිසා ඔහුගේ පැමීනීම සිදුවන්නේ නම් විපක්ෂයේ අදහස් පැත්ත බරවන්නේය.අනික පැකර්ට දෙන්නේත් දැනට අනිකුත් ව්‍යපාරිකයන්ට දෙන සහන නම්,රජය දහ අතේ දිව්රන පරිදි කැසිනෝ ද නැති නම් අළුත් පනතක් කුමටද?

ප්‍රධාන විපක්ෂයේ ඉතිහාසය අනුව ගත්කල ඔවුන් බලයේ සිටියදි පැකර් ආගමනය වුවානම් ඔවුන් පැකර්ට රතුපලස් එලා මල් දම් පළඳවා පිලිනොගනිතැයි සිතිය හැකි ද?

විපක්ෂයට කැසීම සෑදෙන්නේ ආණ්ඩුව කැසිනෝගසන විටදීය. මේ දෙස බලා සිටින ජහමනයාට ඇඬෙන්නේය.

No comments:

Post a Comment