ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, July 21, 2012

මහ නාහිමිවරුනි, කාලෝ අයන්තේ...

පසුගිය සති කීපය තුළ මහත් කථාබහට ලක්වු මාතෘකාවක් වූයේ පූජ්‍ය පක්ෂයට මැතිවරණ සදහා තරග කිරිම වැළැක්වීමට විපක්ෂ මන්ත්‍රීවරයකු ගෙනා පෞද්ගලික යෝජනාවකි.සැබවින්ම එය කාළෝචිතයයි අපි ද සිතමු.(එය අපේ මතය පමණි.රටේ මතය නොවිය හැක.)එහෙත් ධර්මරාජ්‍යයක් සැදීමට පෙරට ආ පිරිසක් එම යෝජනාව නිසා විය යුතු ලෙසටම කුළප්පු විය.මේ ගැන රූපවාහිනි නාලිකා හරහා සාකජ්ජා ද පැවැත් වීය. එහිදී ධර්මරාජ්‍යවාදීන් ගෙනා තර්කයක් වුයේ භික්ෂුණ්ට නීති පැනවීමට ගිහියන්ට අයිතියක් නැති බවත්,මහනාහිමිවරුන් හරහා යෝජනාව ආවානම් පිලිගැනීමට තිබූ බවත් ය. 


පුදුමය නම් මොවුන් මීට ඉහත මහනාහිමිවරුන්ට ද එරෙහිව කටයුතු කර තිබු පිරිසක් විමයි.

තමන්ට පාඩු සිදුවන යමක් යමෙකු සිදුකරයි නම් ඒ පුද්ගලයාගේ තරාතිරම නොබලා පහරදෙන සුළු උද්දච්ච පිරිසක් කියන කාරණා නිසා මෙවන් පනත් කාලයේ වැලිතලාවට යටවී නොයා යුතුය.

ග්‍රාම වාසි භික්ෂුවකට සමාජීය වශයෙන් වැදගත් කමක්,පිළිගැනීමක් මෙන්ම සාතිශය ගෞරවයක් තිබේ. ඒ ඔස්සේ උන්වහන්සේට යම් යම් කාරණාවලදි උත්තුංග වගකීම් සමුදායක් ද ඇති බව අපි පිළිගනිමු. එම වගකීම් සාර්ථක හා සාධාරණව ඉටුකරණා බවද අපි දනිමු.යුධ සමයේ භික්ෂුන් වහන්සේ  ආයුධ ගෙන යුද්ධයට සහබාගී නොවුනා පමණි,අනිත් සෑම අයුරකටම සමාජය ඒ වෙත යොමුකර මානසිකව සෘජුව තැබීමට ඉමහත් කාර්යයක් විශේෂයෙන්ම මායිම් ගම්වල භික්ෂුන් විසින් සිදුකළ බව ගෞරවයෙන් සිහිපත් කරමු.අතීතයේ ද එසේ වූහ. අනාගතයේ ද එසේම සෘජු ව සිටිනු ඇත. එය සිංහලයාගේ ශක්තියයි.
එහෙත්, භික්ෂු චරිතය දේශපාලන මඩ ගොහොරුවට කෙ‍සේ නම් ගැලපේ ද? ජන්දයෙන් අගතියටයාම කෙසේ අනුමත කරමු ද?

“මැතිවරණං වේරමණි සික්ඛා පදං සමාධියාමි” ලෙස සික්ෂා පදයක් නැතැයි එක්තරා උගත් මැට්ටෙකු කියනු අසන්නට ලැබිනි. අහෝ දුකකි ඉරකි . කි....

තව ඉස්සරහට ගණිකා මඩම් වේරමණි සික්ඛා පදං සමාධියාමි,කාර් රේස් වේරමණි සික්ඛා පදං සමාධියාමි ආදී ලෙස තවත් නැති සික්ෂා පද කැප කරගනු ඇත. මුන්ට ගහන්නට අහසේ හෙණ නැති වීම ද පුදුමයකි.බුදුන්වහන්සේ සික්ෂා පද පැනවුයේ යම් යම් සිදුවීම් අරභයා බව ඕනෑම පොඩි එකෙකු දනී. එදා ද මැතිවරණ තිබි මෙසේ ජන්ද සටනට භික්ෂුව යොමුවන්නට ගියා නම් බුදුන්වහන්සේ සික්ෂාපදයක් ඒ වෙනුවෙන් ද නොපනවයි යැයි හෘද සාක්ෂියක් ඇත් නම් විමසා බලනු වටි.

තම වාසිය ලාභය වෙනුවෙන් ඕනෑම දෙයක් විනාශකිරිමට පැකිළෙන්නේ නැති පිරිසක් අද භික්ෂු සමාජයේ ද සිටි.ඒ අයගෙන් ධර්ම රාජ්‍යක් බලාපොරොත්තු වන්නේ නම් ඒ රට වැසියාට අනෙක් අය විසින් අං කූට්ටමක් පරිත්‍යාග කිරීම වටී.

අති ගෞරවනීය මහ නායක හිමිවරුනි, නිකාය ලෙස කුමන බෙදීම් තිබුනත් දැන් ඔබවහන්සේලා එක්ව තීරණයක් ගතයුතු කාලය පැමිණ ඇත.මේ පනතේ අඩුපාඩු සොයා සකසා ඉක්මනින් රටවෙත ඉදිරිපත් කරනු මැනවි. එසේම යන්ත්‍ර මණ්ත්‍ර, හදි හුණියම් වැඩ මෙන්ම අද භික්ෂුව විසින් කරනුලබන අනේක විධ අවැඩ, අකැප දේ ලෙස ප්‍රසිද්ධ ලේඛනයක් ප්‍රකාශයට පත්කරණු මැනවි.!

ශ්‍රී සම්බුද්ධ සාසනය දිගුකල් බැබලේවා!!!

8 comments:

  1. අපිට තේරෙන දේ එයාලට තේරෙන්නේ නැ යාලුවා

    ReplyDelete
    Replies
    1. කවුරුත් එක්වෙලා මේ අවස්තාව යට යන්න නොදි ඉදිරියට ගතයුතුයි නේද?

      Delete
  2. :( හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. බස්සෙක් ද? :) ඕනම අදහසක් කියන්න... බයවෙන්න එපා. මේක නිදහස් අඩවියක් හොදද! දිගටම මේ පැත්තෙ එන්න.

      Delete
  3. දේශපාලනය කියන්නේ මඩ ගොඩක්
    වංචාව තක්කඩිකම මැරකම කියන්නේ දේශපාලනේ අද යන වාහන .කවුරු හරි ඒවගෙන් යන්නැතුව දේශපාලනේ කරනවා කියන්නේ විහිළුවක් .එතනයි ස්වාමීන් වහන්සේලාට ඔතන නොගැලපෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකම නිසයි අපිත් මේ කියන්නෙ.තමන්ගේ ගෞරවය රැකගන්න කියලා. සියල්ලට පෙර භික්ෂුණ්වහන්සේලා එක මතයකට ආ යුතුයි.තම උත්තරීතරභාවය වෙනුවෙන්වත් රජයකට බලපෑම් කළහැකි ලෙස එක මතයක සිටිය යුතුයි. තනිතනිවම වාසි බලාපොරොත්තුවන තෙක් ඒ උතුම් ශක්තිය නැවත ලැබෙන්නේ නැ!

      Delete
  4. මේකත් බලන්න

    පූජකයා, භික්ෂුව සහ දේශපාලනය
    http://anacondavit.blogspot.com/2012/07/blog-post_13.html

    ReplyDelete