ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, March 6, 2012

සිරිස දම්සර

හෙට මැදින් පුන් පෝය දිනය නේ.හෙට බොහොමයක් රූපවාහිනි නාලිකා සිල් ගන්නවා.ඒ ව‍ගේම එක්තරා සිංහල නාලිකාවක් හැර අනෙක් ගුවන්විදුලි නාලිකාත් එහෙමයි.(කාටත් ඉහලින්ම පායනවා කියන්නේ).ඉතින් හෙට නිවාඩු තියන නිසා ගෙදර ඉන්නවා නම් (පන්සල් ගිහින් සිල් සමාදන් නොවෙන අය)ගෙදර සිට මේ නාලිකාවල විකාශය කරන වටිනා දහම් වැඩසටහන් නරඹා ඒ තුලින් පහන් සිත් ඇතිකරගන්න පුලුවන්.


අද අපි විශේෂ කොට දක්වන්න උත්සාහ කරන්නේ සිරස TV නාලිකාව සෑම පොහෝ දිනකම විකාශය කරන සිරිස දම්සර වැඩසටහනයි.අපි දන්නවා බොහෝ දෙනෙක් මේ වැඩසටහන නරඹන බව.ඒත් ‍මෙතෙක් නොබලපු අය ඉන්නවා නම් බලන්න කියලා ආරාධනා කරන්නයි මේ පෝස්ට් එක ලිව්වේ.

පූජ්‍ය මාවරලේ භද්දිය ස්වමින්වහන්සේ මෙම වැඩසටහනේ දි ධර්ම කරුනු ඉතා මනරම් ලෙස විග්‍රහ කරලා දෙනවා.පසුගිය වැඩසටහන් වල සාකච්ජා කලේ දානය හා සීලය ගැන. හෙට අපි සිතන පරිදි නෙක්ඛම්ම පාරමිතාව ඔස්සේ වටිනා දම්දෙසුමක් පවත්වාවි.උදෑසන 8.30ට තමයි ආරම්භ කරන්නේ.

ඉතින් මිතුරු මිතුරියනි,රූපවාහිනී නාලිකා සිය වානිජ පරමාර්ථ යම් ලෙසකින් යටපත් කර මසකට එක් දිනක් හෝ මෙසේ ලබාදෙන වටිනා වැඩසටහන් අපි අගය කල යුතුයි.විශේෂයෙන්ම සියලු පුද්ගලික රූපවාහිනී නාලිකා මෙසේ වටිනා ධර්ම දේශනා , ධර්ම සාකච්ජා වැඩසටහන් ගෙන එනවා.රාජ්‍ය නාලිකාත් එහෙමම තමයි(හෙටත් ජිනීවා ගැන කියවයි ද මන්දා?).

එහෙනම් හෙට දම්සර බලන්න.දම්රස විදින්න... ඔබේ ජීවිතයට යම් වටිනාකමක් එක් වේවි. එය කැමතිනම් අපත් සමග බෙදාගන්න. මෙවන් ශාසනික සේවාවන් ඉදිරියටත් කරගෙනයාමට පූජ්‍ය භද්දිය ස්වාමින්වහන්සේටත් සිරස TV ආයතනයටත් ශක්තිය ධෛර්ය ලැබේවා!!

6 comments:

  1. අපි කළ දැනුම් දීම නිසා එක් අයෙක් හෝ මෙම වටිනා වැඩසටහන නරඹා ජීවිතයට යමක් එක් කර ගත්තානම් එය අපට මහත් සතුටකි.දිගටම නරඹන්න සිතා ගත්තානම් එය පිනකි.
    "ධර්මය රකින්නා ධර්මය විසින්ම රැකේ"

    ReplyDelete
  2. ඉහලින්ම පායන නාලිකාවේ දේශපාලනය අන්තිම චාටර් වුනත් උන් ආගම විකුණගෙන කන්නේ නම් නෑ , උදේ 3න් පස්සේ අහන්න තියන එකම චැනල් එක . අනික බොහොම සරලව පිරිත් දේශනයක් තියල උදැසන ආගමික වතාවත් වලින් වැඩ අරබනවා . රජයේ ගුවන් විදුලිය ඇරුණාම පැය භාගෙන් ආගම අදහන එකම නාලිකාව තමයි ඔය ඉහලින් පායන එක (වයි එෆ් එම් එකත් එකමයි මම හිතන්නේ ) , අනික්වා නම් පිරිත් විකුනනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත බුවා, ගොඩක් නාලිකාවල පිරිත් නම් විකුනං කනවා. සිර‍ස FM සවස පිරිත් ටිකත් එහෙමයි. මැදදි ප්‍රවෘත්තිත් කියනවාද කොහෙද? ඒත් දම්සර හොදයි. අනික සිරසFM ඉරිදා උදේ කවි බණ,විරිදු සිරිත එහෙම අනික් නාලිකාවලට වඩා පිලිවෙලයි. ඉහලින් පායන එකට පෝය කියල කිසි විශේෂයක් නෑ.සිංදු වල වත් කිසි වෙනසක් නෑ. වාචාල කියවීමේ ඉවරෙකුත් නෑ.දේශපාලන මතය ඇත්තටම මොකක් උනත් කමක්නෑ ඒත් පෝයදාට වත් මේ බෞද්ධරටේ ගෞරවය තියන්න එපායෑ!

      බුවා, කොකටත් ලබන පෝටවත් දම්සර බලන්න.අහිතක් වෙන්නේ නෑ.ස්තුතියි!

      Delete
  3. හොඳ දේට හොඳයි කියන්න ඕන තමා(වැඩසටහනක් වශයෙන් ඒක හොඳයි තමා),එත් ඔය චැනල් එක තමා ලංකාවේ අනික් චැනල් සේරම වල් කලේ.(කුන්නුහරප 1st)

    ReplyDelete