ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, March 21, 2012

මීලගට..... සංගණන මැජික්!!

දැනට විකාශය වන "බේරගනියෝ ජිනීවා ආවෝ" නාට්‍ය අවසන්වු පසු "සංගණන මැජික්" වැඩසටහන විකාශය වීමට තිබේ. ඔබේ නිවසටත් සංගණන නිළධාරීන් පැමිණ අඩුමකුඩුම අරං ගියා නේද? මෙහෙත් ආවා. දැං හරි. ඊලග සංදර්ශනයට සියල්ල සූදානම්.


කවුරුත් සූදානමින් සිටින්න...  ලංකාව දැන් දියුනු රටකි. පරිගණක හැම ගෙදරකම ව‍ගේ තිබේ.එක් අයෙකුට පරිගණක 03ක් 04ක් තිබෙන බවද පැවසීමට ඉඩ ඇත.ජංගම දුරකතන අහුමුලුවල තිබී අතුගා එලියට ගත් බව ද කිව හැක. ඒවා ද ඒ තරමට තිබේ. දර ලිප් ඇත්තේ අතේ ඇගිලි ගානටය.අනිත් සේරම ගෑස්ය. ගෘහණියෝ ෆුල් හැපී ය. අන්තර්ජාල භාවිතය ගැන කියා වැඩක් නැත. ගෙදර බල්ලාද සිය ෂැම්පු ඔඩර් කරන්නේ තනිවම අන්තර්ජාලයෙනි. ඇමරිකාවේද එහෙම බල්ලෝ නැත. අපි ගොඩය!

ඒ කිවේ සංදර්ශනයේ තිබිය හැකි අංග කීපයකි. ඉදිරියේ රාජ්‍යමාධ්‍ය ඔස්සේ කොටස් ලෙස පලවෙනු ඇත.
මේ සිදුකළ සංගනනයේ අරමුණ පේන විදියටනම් ඔවැන්නකි. ඇසු ප්‍රශ්න ඔස්සේ ලැබෙන නිගමන ඔවා තමයි ය.

හරිනම් අහන්න තිබුනේ මේවාය.
      01. ගෙදර සිටින නිවැසියන් ගාන කීයද?
      02. කීදෙනෙක් රැකියා කරනවාද?
      03. තුන් වේලෙන් කීවේලක් කනවාද?(පාවිච්චි කරන ලිප ඇසුවාට පත්තුකරන වාරගාන ඇසුවේ නැත.)
      04.‍ෆෝන් තිබුනාට ඒවායේ සල්ලි තියද? කතාකළ හැකි ද?
      05 ආදායමට වියදම බැලන්ස් ද?

අඩුම ගානේ මෙයින් එකක්වත් ඇහුවානම් දුක නැත. චික් ය.

යාළුවනේ අපේ අර රුපියලත් තාම කාටවත් අහුවෙලා නෑ නේ!!(කෝ ඒ රුපියල පොස්ට් එක)

6 comments:

  1. අනේද කියන්නෙ.

    ReplyDelete
  2. හප්ප එහෙමත් සීන් එකක් ද...

    ReplyDelete
  3. එහෙනම් සංගනනයෙන් පස්සේ අපිත් (කීපදෙනෙක්) දියුණු රටක්....

    ReplyDelete
  4. අපේ රට ලෝකෙන්ම දියුණු රටනේ...... මිනිස්සුන්ගෙ අතේ සල්ලි උතුරනවා

    ReplyDelete