ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, March 17, 2012

කෝ ඒ රුපියල.(බස් හුටපටයක් නෙවි)

හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියලු.ඒත් අපිට හමුඋනා උත්තරයක් නැති ප්‍රශ්නයක්??? මේක ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. දන්නා අය ඇති.ඒත් හරි උත්තරයක් දන්න අය ඉන්නවාද දන්නෙ නෑ.අපි උත්තරේ දන්නෙත් නෑ හරිය!
මෙන්න මේකයි පුරස්නෙ.

ඔන්න යාලුවෝ 03ක් ගියාලු කඩේකට කෑම කන්න. කෑම කාලා ඉවරඋනාම වේටර් කොළුවා බිල ගෙනත් දුන්නලු. බිල: රු 25.00යි(එළ බිල නේ. ඒ කාලේ එහෙමයි) යාළුවෝ 10 බැගින් දාලා 30ක් දුන්නාලු. ටිකකින් වේටර් ළමයා ඉතුරු ගෙනාවාලු. රුපියලේ 03යි, දෙකේ කාසි 1යි. යාළුවෝ දෙකේ කාසිය වේටර්ට දීලා අනික්වා බෙදාගත්තාලු.(අද නම් වේටර් දෙක් කාසිය අරන් යාළුවන්ට මොනවා කරයිද මන්දා!)

නවාතැනට ආපු යාළුවෝ ආයෙත් තමන්ට ගිය වියදම බැළුවාලු.10 ක් දීලා 01ක් ආවා.වියදම 09යි.
9 ගුණකිරිම 3 =27 නේ? අර වේටර්ට දීපු ගානත් එක්ක 29. ඉතුරු රුපියල කෝ.ඇයි 30ක් දුන්නා නේ.ප්‍රයිවට් බස්වල වගේ අතුරුදන් උනාද? කොච්චර බාල්දු උනත් අපේ රුපියල අපිට හොදා.ඇමරිකන් බඩු වර්ජනය කරන රටේ ඩොලර් මොටද?

9*3   =27
27+2 =29

30-29=01

කාටහරි කියන්න ප්‍රළුවන් ද? ඇත්ටම අපි දන්නේ නෑ. ප්‍රශ්නේ අපැහැදිලි නම් කියන්න.

16 comments:

  1. එක්කෙනෙකුට රුපියල් 9ක් වියදම් උනා කියන එක වැරදියි...ඒ අයට වේටර්ට දුන්න ටිප් එකේ ගානත් දරන්න වෙනවනේ...ඒ නිසා එක් කෙනෙක් දරපු වියදම 9.666667 වගේ මුදලක් වෙන්න ඕන...

    ReplyDelete
  2. ඒත් එහෙමනෙ 9.666*3 කියද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කැම සඳහා රු 8.3335
      ටිප් එකට රු 0.6665
      එතකොට වියදම 8.3335 +0.6665 = 9

      වියදම + ඉතිරිය = මුලු මුදල
      27+3=30

      නමුත් මෙතන 27+2 =29 ලෙස කරලා තියන වැඩේ වැරදි

      මෙතන කරලා තියන්නේ
      වියදම + වියදම = මුලු මුදල

      එක නම් නියමයි අපිව පටලවනවා..

      Delete
  3. මේක වෙන්නේ මෙහෙ‍මයි.

    කෑම වල ගාන 3 දෙනා අතර බෙදුනාම = 25/3 = 8.333
    එකකොට වේටර් ගේ ටිප් එක බෙදුනාම = 2/3 = 0.666
    එක් කෙනෙකුට වියදම් වුනු ගාන = 8.333 + 0.6666 = 9
    එක් එක් කෙනාට රුපියල ගානේ හම්බුණානේ එතකොට = (9 * 3)+3 = 30

    මේ ප්‍රශ්නේ වැරදියි . 9*3 = 27 කියලා ගන්නකොටම ඒකේ ටිප් එකත් තියෙනවා.අහපහු ඒක එකතු කරන එක වැරදියි. ඉතුරු රුපියල් තුන කට්ටිය බෙදා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, ඔයා කියන දේ අපැහැදිලියි. 9*3=27 දි ඒකේ ටිප් එක නෑනේ?

      Delete
    2. VBmaster ගෙ පිළිතුර නිවැරදියි... රුපියල් 9 ඇතුලෙ ටිප් එකත් ඇතුලත්... :D

      Delete
    3. නිසුපා, හොදට කියවලා බලන්න. 09 ඇතුලේ ටිප් එක නෑ. 09 වෙන්නේ ටිප් එක අතහැරලා ගත් රුපියලේ කාසි 03න් නේද? අනිත් රු 02 නේ වේටර්ට දෙන්නේ?

      Delete
    4. කෑම වලට සම්පුර්ණ මුදල 25 ක් නේ. එතකොට ඉතිරි දෙන්නේ රුපියලේ කාසි 3 ක් හා දෙකේ කාසියක් නේද. වේටර්ට දෙන්නේ ඒ රුපියල් දෙකේ කාසිය නේද

      (ටිකකින් වේටර් ළමයා ඉතුරු ගෙනාවාලු. රුපියලේ 03යි, දෙකේ කාසි 1යි. යාළුවෝ දෙකේ කාසිය වේටර්ට දීලා අනික්වා බෙදාගත්තාලු.)

      එත්කොට 25+2 = 27 , ඒ කියන්නේ ටිප් එක මුලු ගානට ඇතුළත් වෙනවා.

      ප්‍රශ්නේ මේ කොටස වැරදියි

      (නවාතැනට ආපු යාළුවෝ ආයෙත් තමන්ට ගිය වියදම බැළුවාලු.10 ක් දීලා 01ක් ආවා.වියදම 09යි.
      9 ගුණකිරිම 3 =27 නේ? අර වේටර්ට දීපු ගානත් එක්ක 29. ඉතුරු රුපියල කෝ.ඇයි 30ක් දුන්නා නේ.ප්‍රයිවට් බස්වල වගේ අතුරුදන් උනාද? කොච්චර බාල්දු උනත් අපේ රුපියල අපිට හොදා.ඇමරිකන් බඩු වර්ජනය කරන රටේ ඩොලර් මොටද?)

      මේක වෙන්න ඕනි මෙහෙම
      ((නවාතැනට ආපු යාළුවෝ ආයෙත් තමන්ට ගිය වියදම බැළුවාලු.10 ක් දීලා 01ක් ආවා.වියදම 09යි.
      9 ගුණකිරිම 3 =27 නේ.ඒගොල්ලො ගාව තියෙන රුපියලේ කාසි තුනත් එක්ක 27+3 = 30 ))


      මේ ටික හොඳට අහපහු කියවන්න. වියදම 27 කියල ඒ ගොල්ලො ගාව තියෙන රුපියල් 3 ගැන කතා කරලා නැහැ නේද.30 වෙන්නේ වියදම් වුනු 9 ගුණකිරිම 3 =27 එකතු කිරිම ඒ ගොල්ලෝ ගාව තිබේන රුපියල් 3 නේද.

      Delete
    5. අනේ යාළුවේ,9*3=27 කිවාම 09 ආවේ එයාලා ලග තියන රුපියල වියදම් ගොඩට දාලා නේද? ඒකියන්නේ 10න් ඒක අඩු කරලා නේ. ආයේ එකතුකරලා හරියන්නේ නෑ නේද?

      ඔයා බලලා තියන්නේ අපි පෙන්නපු කෝණෙන් නෙවි වගේ. එයා නිකම්ම
      25+2+3=30 කරලා නේ.
      අපි කියන්නේ ගනුදෙනුව ආපිට බැලීමක් ගැන. හිතන්න මේ සිද්ධිය ඔයාටයි යාළුවෝ 02ටයි උනා කියලා. පසුව අපි කී විදියට තමන්ගේ වියදම(අත ඉතිරි මුදල හා සසදන්න)හා යාළුවන්ගේ වියදම් එකතුකර බලන්න. එතකොට ඔබ යාළුවන්ට කියාවි "මචං අපි වේටර්ට දිපු රු 02ත් එකතු කරාම ඔක්කොම 29 නේ" කියලා.

      ඇත්තටම ඔයා අපිත් එක්ක එකතුවෙලා මේකට උත්තරයක් හොයන්න ගන්නා මේ උත්සාහයට ගොඩාක් ස්තූතියි. අපිටත් හරියට උත්තරයක් නෑ දැනගත් වහාම කියන්නම්. ආයේ පුළුවන් වෙලාවක එන්න.

      Delete
  4. මාර සීන් එක නේ ..කෝ රුපියල.......

    ReplyDelete
  5. මිතුරනේ, ඔයාලා වගේම අපිත් තාම උත්සාහ කරනවා මේ රුපියල හොයන්න.ඇත්ටම ගණිතමය ලෙස දෂම වලින් හිතුවත් රුපියල කියන භෞතික කාසිය මෙතනදි අස්ථානගතබවයි පේන්නේ.ටිප් එකට දීපු රුපියල් 02 වියදම් ගොඩට ආයේ අපි දාලා තියනවා නේ?! ඒත් අඩුයි නේ. මුදලාලි කාසි ටික හරියට දීලා ඒවා බෙදාගෙන ආපිට බලනකොට එකක් අඩුවෙන්නෙ කොහොමද?

    අනේ මන්ද? අපිට පිස්සු වගේ!!!!

    වෙන ප්‍රශ්න නැත්තං හොදයි මේවා හිත හිත ඉන්න නේද?

    ReplyDelete
  6. මුලු වියදම = 25 + 2 =27
    එක්කෙනෙකුට වියදම = 27/3 = 9
    එක්කෙනෙක් 10 ගානෙ 3 න් දෙනා = 30
    එක්කෙනෙකුට රුපියල් 1 බගින් ඉතිරි ලැබේ.

    ප්‍රශ්නේ අපැහැදිලියි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට ප්‍රශ්නේ අපැහැදිලි වෙලා තියන්නේ ඒක ඔයා පටලවාගෙන නිසයි.

      Delete
  7. ඔන් ද සපෝට් පැටලුනා,මේක අර කොච්චි පෙට්ටි ගාන වගේ

    ReplyDelete
  8. ටිප් එකට දුන්න රුපියල් දෙක එකතු නෙමෙයි අඩු කරන්නයි ඕනෙ... :)

    ReplyDelete