ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, March 15, 2012

අභියෝගය???

අපි 2012/03/13 දින දක්වා ක්‍රියාත්මක කල අභියෝගය බාර ගන්න කිසිම ජෝතිෂ්‍යවේදියෙක් ඉදිරිපත් උනේ නෑ.තමන් හම්බකරන් කන දේට අභියෝගයක් එල්ල උනාම ඒ වෙනුවෙන් පෙනීසිටින්නවත් මේ අයට කො ... දක් නැද්ද? සමහර විට අභියෝගයට සූදානම් වෙන්නත් හොද නැකතක් බැලුවද දන්නේ නෑ. එතකොට කල් පැනලා.හිහ්!!


හැබැයි මේ අන්ධ විජ්ජාව නැමති හණමිටිය කරේ තියාගෙන යන 21 සියවසේ කීපදෙනෙක්ට අපේ පුංචි අභියෝගයට ද්වේෂයක් හටගෙන අපිට පස්පඩංගුවේ බනින්න සුදානම් වෙලා තිබුනා.අපි මේ අඩවිය ජනප්‍රිය කරගන්න මේ වගේ මාතෘකා යොදා ගන්නවා කියලයි ඒ අය සිතන්නේ.අපි ඒ අයට කිව්වේ දන්න කෙනෙක් හරි ඉදිරිපත් කරන්න කියලා.ඒ අයට පුරුදු කෙනෙක් අත දිගු කර සද පෙන්නූවිට සද දෙස බැලීමට නොව අතදෙස බලා එහි හැඩරුව දැකීමට බවයි පේන්නේ.

ද්වේෂය පසෙකලා දැන්වත් සත්‍ය දකින්න යයි අපි ඔවුන්ට නැවතත් ආරාධනාකර සිටිමු.මේක ජීවනෝපාය කරගත් අයට අපි කියන්නේ මිනිස්සු ගොනාට ඇන්දීමට වඩා මාතර පාලම මත ලේන්සුවක් එළාගෙන සිගාකෑම ඊට නම්බුයි කියායි.මෙම අන්ධ විජ්ජාව නිසා අර්තයට වඩා අනර්තය සිදුවන බව තවමත් ඇතමුන්ට නොතේරීම පුදුමයකි.! මිනිසුනි ඇස් ඇර ලෝකය දෙස බලන්න."අප පමණද එකතැන කැරකෙන්නේ... අප පසුකර ලෝකය දිවයන්නේ.."

තවත් විශේෂයෙන් අගයකල හැකි විදියේ ද්වේෂයෙන්තොර අදහස් දැක්වීම් ද කරුනු ගෙනහැර පෑම්ද ඇතැම් පාඨකයින් කර තිබිනි.අපිටනම් ජෝතිෂ්‍ය නිසා ලැබුනු එකම සෙ‍තේ තමයි අවුරුද්දට නිවාඩු දෙකක් ලැබීම.ඒකට නම් ස්තූතියි! හිහ්.. හිහ්..(එක අතකට ඒකත් දියුණුවට බාධාවක්,අපි කියන්නේ නිවාඩු වැඩිවීම.)

සියලු අදහස් දැක්වීමවලට ස්තූතිවෙමින් අපි මේ මාතෘකාව මෙතකින් අවසන් කරමු.තවත් වැදගත් කාලීන මාතෘකාවකින් හමුවෙමු.  "මෝහාන්ධකාර දුරුවී සත්‍යම ඉස්මතු වේවා!!!

1 comment: