ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Friday, March 9, 2012

උදාන වාක්‍යත් සුරේට දාන්න ලු

අපිට පත්තර කොළ කෑල්ලක් හමුඋනා. හැබැයි ඒක ටිකක් පරණයි. 2010 සැප්.17 එකක්. දිවයින පත්තරේට එන අතිරේකයක්. නම නැකත.ජ්‍යෝතිෂ්‍ය පත්තරයක්.(අපි ගෙවල්වලට වැද්දගන්නේ නැති අතිරේකයක්.කඩේක බඩු ඔතලා දිපු එකක්.) ඒකේ එක ජ්‍යෝතිෂ්‍යකරුවෙක් අමුතු වැඩක් දාලා තිබුනා.
ඔයාල දන්නවා නේ සිදුහත් කුමරු උපන් වෙලාවේ උදාන වාක්‍ය කීවා කියලා." අග්ගෝ හමස්මි ලෝකස්ස..." ආදී වශයෙන්. මෙන්න මේ මනුස්සයා කියනවා මේ වැකි තෙල් වලට දහස් වාරයක් ජීවම් කරලා සුරේක දාලා පලදින්නලු. හැම දේම හරියනවලු. බුදු පහනටත් දාන්නලු. අනේ අපි දන්නේ නෑ මේ විකාර වැඩ මොනවද කියලා!!!


 සූත්‍ර දේශනා,ගාථා ධර්ම, සුරවල ඔබ්බවලා ඔබ්බවලා මදිවෙලා ඒපාර බෝසත් ප්‍රකාශත් අල්ලාගන්න හදන්නේ.සිංහල, දෙමළ අය තමයි මේ ජ්‍යෝතිෂ්‍ය කරේ තියන් යන්නේ. ඒකමයි මේ දෙගොල්ලන්ටම දියුනුවක් නැත්තේ.බලන්න සුභ මොහොත එනකන් බලං ඉදලා තියන මුල්ගල් උනත් පැලවෙන ලස්සන. අනිත් අය සල්ලි ආ ගමන් වැඩ.පුදුමේ කියන්නේ පන්සල් වලනේ මේව වැඩිපුරම තියන්නේ. තරහ අවසර හාමුදුරුවනේ නොදන්න කමට අහන්නේ,බුදු හාමුදුරුවෝ කොතනද මේවා අනුමත කළේ? ඔබවහන්සේලාට ඔවා කරන්න කැපද?(කැප අකැප මොටද? බොට කියලා නිකං ඉන්ට එපා)

අපේ මතය:
ජ්‍යෝතිෂ්‍ය කියන්නේ මිනිස් සිතේ භය,තණ්හාව තියනකල් රැකිලා තියන විජ්ජාවක්.ඉස්සර හිටය ලු ‍හරි නිමිති කියන අය. අදනම් නෑ වගේ.සේරම කරන්නේ බුද්ධ දේශනාව තම වාසියට පාවච්චි කරන එක.කෛරාටිකයෝ. මාධ්‍ය වලින් පුම්බපු බැලුං.

පුංචි අභියෝගයක්!

ලෝක විනාශය වගේ බැරැරුම් මාතෘකා පට්ටගහන අපේ ජ්‍යෝතිෂ්‍යවේදීන්ට මේ අභියෝගේ මාතර පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ වෙයි. කමක් නෑ ඔන්න එහෙනම්:

පුලුවන්නනම් පහත ප්‍රශ්න 04න් 03කට හරියට උත්තර දෙන්න බලන්න.එතකොට කාටත් දැනෙයි ඔබ තුමන්ලයි අගේ!

 01. 2012 මාර්තු 12 පටන්ගන්න ආසියා ශූරතා ක්‍රිකට් තරගේ ලංකාව මුලින්ම සහභාගීවෙන මැච් එකේ    කාසියේ වාසිය දිනනවා ද නැද්ද?

02 ලංකාව කීයක් ගහනවා ද?(හරියටම නැතත් 10ක පරාසයක් වත්... උදා 250-260)

03 ලංකාවේ නායකයා කීයක් ගහනවා ද?(100-110)

04 ලංකාව දිනයි ද නැද්ද? (සෘජු පිලිතුරක් ඕන.)

 ලංකාව සහබාගීවන පලමු තරගය තියන්නේ මාර්තු මස 13 දින.ඉන්දියාව සමග, බංග්ලාදේශයේ දකා නුවර. දිවා/රාත්‍රී(2012ක්වු මැදින් මස 13 කුජ දින අපර භාගයේ.) කල් මදි නෑ නේ? අපේ දස්ස අයට ඕක මොකක් ද? 12 දින වත් කියන්ට!



              

8 comments:

  1. අද ජෝතිෂ්‍ය ගැනමද කොහෙද. මමත් එකක් දැම්ම. ඔව්ව බොරු වැඩ.

    ReplyDelete
  2. "ඉස්සර හිටය ලු ‍හරි නිමිති කියන අය. අදනම් නෑ වගේ."

    ඔබ පරාදයි මිත්‍රයා. තර්කනය ගැලපෙන්නෙ නෑ. හිතේ කැමැත්ත තියාගෙන බොරු රැඩිකල්වාදියෙක් වෙන්න එපා. පුළුවන්නම් ටිකක් ඉගෙනගෙන බලන්න. ඒත් සමහර ජෝතිෂ්‍යකරුවන් (සල්ලි බලාගෙන කරන අය) කරන දේවල් වලින් ඔබලාට වෙවැනි ප්‍රකාශ කරන්න ඉඩ ලැබී ඇති බව නම් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා ඔයා මේ දේවල් විශ්වාස කරන කෙනෙක් වගේ පේනවා. හරි ඒ ඔබේ අයිතිය.රැඩිකල් වීමක් නම් මෙතන නෑ.ඔබ දන්න ‍දක්ෂයෙක් ඉන්නවා නම් ඉහත ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න කියන්න.ඉස්සර හිටිය "ලු" කිව්වේ ඒකත් පිලිගන්න බැරි නිසයි.ජෝතිෂ්‍ය අනුව හිතනවා නම් බටහිර රටවල් අභ්‍යවකාශ තරණය කරන්නේ නෑ.ග්‍රහතුමන්ලාට බයේ!

      අදහසට ස්තුතියි!

      Delete
  3. Hariyata deyak danne nathnam kata wahagena inna. Budu haamuduruwo deshana nokala hama dema boruda ethakota?? Jyothishaya boru kiyana aya piliganna physics ethakota budu haamuduruwo deshana kalaada? mama kiyanne jyothishaya salli balan karana minissu gana neme. mae loke apita notherena dewal wadi kiyalawath therum ganna tharam nihathamaani wenna ona... siddartha kumaraya mathu budu wana bawa kiwweth nimiththa paatakayek thamai...

    ReplyDelete
    Replies
    1. බුද්ධ දේශනාවේ නැති දේවල් අසත්‍යයි කියලා අපි කියන්නේ නෑ.නමුත් මේ අන්ධ විජ්ජාවෙන් මේ රටට වෙච්ච සෙතක් තියද? සිදුහත් කුමරු බුදු වෙනබව ඔය කියපු කෙනා කීවේ නැත්නම් එතුමා බුදුවෙන්නේ නැද්ද?තව ඩිංගෙන් ඒක වලකින එකයි වෙන්නේ!අඩුම ගානේ සුනාමි සිද්ධියවත් කලින් කිව්වාද?අපේ පැත්තේ නම් මිනිස්සු දහස් ගානක් මැරුණා ඒ සිද්ධියෙන්. ඒ වේදනාව තාම ඒ පවුල් වල අය විදිනවා.කලින් කිව්වානම් බේරෙනවා නේ.භෞතික විද්‍යාව ගැන කිව්වොත් ඒක යම් යම් දේ ඔප්පුකර පෙන්වනවා. ඒත් මේක එහෙමද?අපි පිලිගන්නවා අපි නොදන්න කප්පරක් දේ තියන බව.ඒත් ජෝතිෂ්‍යකරුවෝ නං එහෙම නෑ. බලමු කවුරු හරි අපි නොදන්නා කමට කල පුංච් අභියෝගෙවත් බාරගනීද කියලා...හරියට කීවොත් අපි අපේ අදහස වෙනස්කරලා ඒ කෙනාට හිස නමා ප්‍රසංසා කරනවා.

      ඔබේ අදහසට ස්තූතියි.දැන් අවශ්‍ය වැඩ.

      Delete
  4. මමනම් ඔව්වා විශ්වාස කරන්නෙම නැහැ

    ReplyDelete
    Replies
    1. වර්ණාට තරහ ගිහින් ද? කූල් ඩවුන්!! අපි බලමු කෙරුමෙක් ඉන්නවා ද කියලා.

      Delete
  5. අරමුණ කරා ලඟා වීමට අවශ්‍ය ශක්තිය ඔබසතුනම් අස්විදාදී නැකත් තාරකාවෝ කුමක් කරද්ද ?

    ReplyDelete