Wednesday, May 10, 2017
Sunday, January 8, 2017
බුදු දහම-උද්ඝෝෂණ-හම්බයෝ-අපේ හාමුදුරුවනේ !!!
සිංහල සංස්කෘතිය සහ බුදු දහම ගසට පොත්ත මෙන් අනවරතව,අවිච්චින්නව බැදී අැති උත්කෘෂ්ඨ සංයෝගයකි.ඒදා වාරියපොළ සුමංගල,හික්කඩුවේ සුමංගල අාදී යතිවර පරපුර විසින් අභීතව නැගූ කාහල නාදය ඔස්සේ නැගී සිටි ජනයා බුදු දහමට හා සිංහල සංස්කෘතියට අගතියක් වෙද්දී නැගී සිටියෝය. ඔවුන් නොමැති නම් අද අපට බුදු දහමක් නැත. අද යතිවර පරපුර ද මතු පරපුර වෙනුවෙන් සිය සමාජ වගකීම ඉටුකරමින් සිටී.
ඒහෙත්....
අද සිදුවන්නේ ඒදා සිදුකළ සද් ක්‍රියාවම ද?
පාරවල් පාරවල් ගනනේ පරම ගම්බිර පරිත්‍රාණ ධර්මය දෙසමින්,පන්සිල් දෙමින්,නැවත වෙෙරී අදහස් පතුරවමින්,ගල් මුල් විසිකරමින් රටේ නීතියට පිටුපාමින් මේ යන ගමන කුමක් ද?
අන්‍යාගමිකයන් මේ දෙස කෙස් බලනු අැති ද? සිනාසිය හැකි හැම පැත්තකින්ම සිනාසෙනු අැත.විදේශිකයන් බෞද්ධ භික්ෂුව දෙසත් බුදු දහම පිලිබදවත් කුමක් සිතනු අැති ද?
අැතැම් නායකයින් "අපේ හාමුදුරුවෙන්" කියමින් ඔබවහන්සේලා උසිගන්වද්දී දිවයන්නට තරම් ඔබවහන්සේලා පහතට වැටුනේ අැයි? වත්මන් පාලකයින් ද සිංහල ජාතියටත් බුදු දහමටත් කිසිම තැකීමක්වත් නැතිව බූරු රැළක් සේ හැසිරෙන බව සත්‍යකි.
නමුත්....
ඔබවහන්සේලා මෙසේ පාරවල් ගානේ ඒක ඒකාගේ ඉත්තන් ලෙස ගුටිකමින්,නොසරුප් බස් අසමින් වැඩම කිරීම සැබෑ බෞද්ධයාගේ සිත කීරි ගස්වයි.ඔබ බුද්ධ පුත්‍රයන් වහන්සේ ය.බුද්ධ වංශිකයන්ය.... අර්හත් ධජය දරණ්නන්ය,අවිහින්සා වාදියෝය.ලොව ජීවමාන පූජනීයම උතුමණ් කල යුත්තේ ගිහි අපට නිසි මග පෙන්වීම පමණි. ක්‍රියාවට නැංවීම හෝ නොකිරීම ගිහියාට අයිති කාර්යයකි.
පන්සලේ වැඩ වෙසෙමින් ඔබ වහන්සේලාට මේ යුගමෙහෙවර කළ හැකිය... මුලින්ම ඔබ සිල්වතකු බව දායකයාට ක්‍රියාවෙන් පෙන්වන්න, පසුව ඔබේ දායකයා(පාක්ෂිකයා) පංචශීලයේ පිහිටුවන්නට උත්සාහ කරන්න.ඒය නොහැකි නම් අන් කිසිවක් කලත් පළක් නොවේ.(උපදෙසක් නොව,ඉල්ලීමකි).
අපිට මොන පක්ෂයක්වත් වැඩක් නැත. අපි බුද්ධ පාක්ෂිකයෝ වෙමු.කණගාටුව උච්චම ස්ථානයටම පැමිණි හෙයින් මෙසේ සටහන් තැබූවෙමු. අපි නිවැරදි යයි මොහොතකට හෝ දැනුනේ නම් තවදුරටත් සිතන්න. නැතිනම් නොසලකාහරින්න... මේ සටහන සම්බන්ධයෙන් පක්ෂ මානයෙන් ඉදිමුනු පාක්ෂිකයන් සමග සංවාද කිරීමට අපි කිසිසේත් සූදානම් නැත.
සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව දේශිත ශ්‍රී සද්ධර්මය සිය ප්‍රවර්ධකයන් මධ්‍යයේම ඒය සැබෑ කරමින් සිටී....
Saturday, November 5, 2016
සුභාවිත ගීතයේ අමරණීය සළකුණ- පණ්ඩිත් අමරදේව
කර්ණරසායන මධුර මනෝහර හඩින් රසික හදවත් සුකම්පිත කල, මහා ගාන්ධර්වයාණෝ අද දැයෙන් සමුගනිති.යුග යුග ජන සිත් වශීකෘත කල මේ මහා මිනිසා වෙනුවෙන් කම්පා නොවන සිහල හදවතක් ඇත්නම් එය ස්පන්ධනය නොවන මට්ටමක පවතින එකක් යයි අපට උපකල්පනය කල හැක. ඒ තරම් මේ හඩ අප ජන සන්තානයේ පත්ලේ තැන්පත්ව තිබේ.
අප ගුණවැයුම් කොපමන කලත් දැන් පලක් නැත....
දැන් අපි එතුමන්ට පිං දිය යුතුය!
බින්දු බින්දු රන් පද වැල් කොළොම් තොටට සීමා නොකර හන්තානේ කදුමුදුන් හරහා
රැගෙන ගොස් තණ්හා ආශා ඔලගු කරේලා සංසාර ගමන යන මිනිසුන්ට විඩා නිවන ඔසුවක්
කර පෙවු පින ඔබේ නිවන් මගට පාරමිතා බලයක් ම වේවා...!!!
Sunday, May 3, 2015
පින්බර වෙසක් දිනයක් වේවා!!!
අනන්තජින වූ තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක වූ අමාමෑණී වූ ලොකනාථ වූ ශාක්‍යසිංහ වූ අංගීරස ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි.
සිදුහත් උපත,සම්බුද්ධත්වයට පත්වීම,මහා පරිණිර්වාණය යන කාරණා සිහිකෙරෙන අද දින අප බුදුන්වහන්සේ ගිහි අපට දේශනා කල අවම සීලයවත් රැක(පන්සිල්) ඒ තුලින් ප්‍රතිපත්තිගරුක වී අන්‍යාගමිකයන්ට ද ආදර්ශයක් ලබා දී බුදු දහමේ වටිනාකම් මතුකරන්නට ඔබ සැමට සිත් පහල වේවායි අපි පතමු...!

Tuesday, April 14, 2015
Wednesday, April 8, 2015
බුද්ධ පුත්‍රයෙකු ගේ භවයක නිමාව!
අස්ගිරි පාර්ෂවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින්වහන්සේ අද(2015/04/08) අළුයම සිංගප්පූරුවේ රෝහලක දී අපවත්වූ බව සංවේගයෙන් යුතුව මෙසේ සටහන් කොට තබමු.
බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් මහත් සේවයක් කල උන්වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය 12 වන දින සිදුකෙරෙන බවත් එදින ජාතික ශෝඛ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර අති බවත් දැනගන්නට තිබේ.
අපි බුද්ධ රක්ඛිත හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!!!
(නාහිමියන්ට කරන ගෞරවයක් ලෙසින් අපගේ පිටුවෙහි පසුතල වර්ණය ලෙස 12/04/2015 තෙක් පඬු පැහැය යොදන බව කරුණාවෙන් සලකන්න.)

Friday, April 3, 2015
නරි නෑවීම
සිදුවූයේ කුමක් ද? සිදුවන්නට යන්නේ කුමක් ද? අපි ඒ ගැන සිතිය යුතු ද? ලියන්නට බොහෝ දේ ඇත... ලියා වැඩක් තිබේ ද? මේ රට මේ ඔලමොට්ටල දේශපාලකයන් සමඟ ගොඩනැගිය හැකි ද? කිසි දා නොහැකිය.
සියල්ලෝම එකය....
පසුගිය ජනවාරියේ අපි සිදුකලේ "මැක්කන් මැරීමට බල්ලාට වෙඩි තැබීම" යැයි අන්තර්ජාල සටහනක් දුටුවෙමු. ඒත් බල්ලා තවමත් මැක්කන් සොයාගොස් ඇඟේ දමාගනිමින් සිටිනු පෙනේ.... බල්ලා ද හැදෙන පාටක් නැත.
මැක්කෝ ද බල්ලන් නැත්නම් නරින්ගේ ඇඟේ හෝ එල්ලී දිවි ගැටගසා ගනිති.අපි හැමදාම එක්කෝ බල්ලෝ නාවති නැති නම් නරි නාවති. එක අතිකට බල්ලා නෑවීම වරදක් නොවේ යයි කෙනෙකුට කිව හැක.ඒ ඌ බොරුවට හෝ සොරු දුටුකල බුරන නිසාය.
ඒත් නරි නෑවීමේ පලක් තිබේ ද?
අපි ඌ නාවා අත පිස දා හැරෙන විටත් උෟ බැද්දේ පෙරළෙමින් දහ ජරාවක් කමින් සිටිනු දැකිය හැකි වන නිසා ය.
ලගදී දිනක අපිට නැවතත් වතුර,සබන්,ෂැම්පු ද ලබා දෙනු ඇත. අපි සරම් කැසපට ගන්වා පෙලට එන නරි ද බල්ලෝ ද නහවමු! ඉන්පසු කුකුල් කොටුව බලා ගැනීමට උන්ට බාර දෙමු... එවිට බල්ලන්ට හොරා නරි ද (මෙවන් වැරදි නිසගයෙන්ම නරින් පිට පැටවිය හැකි නිසා) නරින්ට හොරා බල්ලන් ද කුකුල් කොටුව බුක්ති විඳින හැටි අපිට අර සබන් ම කකා බලා සිටිය හැක.
නැවත ද බල්ලන් හා නරින් තර වු කල මැක්කන් ද ඉබේ ම බෝවී දෙපාර්ෂවයේම සාරය උරමින් යෙහෙන් කල් ගෙවනු ඇත.
ඉන් පසු බල්ලන් හා නරින් සමාන යයි ද අපි වෙනස්ම සුන්දර සතුන් කොටසක් යැයි ද පවසමින් වෘකයින් අපි හමුවට එනු ඇත. අපි උන් විමසා බලා දැනට මැක්කන් වැඩිය වසා නැති හෙයින් ඉතුරු කුකුලන් බලා ගැනීමට උන්ට පවරනු ඇත.
සෑහෙන කලක් සුදාගින්දරේ පසුවු වෘක රැළ කුමක් කරනු ඇති ද?

Sunday, February 1, 2015
දූෂිත දේශපාලකයින් ගෙන් තොර නිදහස් ශ්‍රී ලංකාවක්...
බලව් පොලොන්නරු අනුරාපුර පෙදෙස
සිතව් පැවති නිදහස මෙහි පෙර දවස
නගව් තව තවත් තිරසර තරුණ ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස
"නිදහස් මන්ත්‍රය- ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි."
සිතව් පැවති නිදහස මෙහි පෙර දවස
නගව් තව තවත් තිරසර තරුණ ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස
"නිදහස් මන්ත්‍රය- ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි."
Sunday, January 25, 2015
ඇයි අපි ඔටුවො ද?
ලබන 29වන දා(29/01/2015) ගෙන එනු ලබනවා යයි කියන අතුරු අයවැයෙන් රජයේ සේවකයන් සඳහා රු5000ක පමණ වැටුප් වැඩිකිරීමක් සිදුවන බව අසන්නට ලැබේ. එය විශිෂ්ඨ ක්‍රියාවකි. අපි එය අගයමු.
ඒ අනුව 1200000කට ආසන්න රජයේ සේවකයන් 29 දාට පසු සිට රු 5000ක හයියක් ඇතුව කඩපිලට යනු ඇත.
නව ජනපති හා නව රජය ඔය සිටිනා තැන තැබුවේ රාජ්‍ය සේවකයන් පමණ ද? 5000000කට අධික පෞද්ගලික සේවකයන් ඡන්දය දුන්නේ නැති ද? ඔවුන්ට කන්න බොන්න බඩුමුට්ටු ගැනීමට වෙනම තැනක් තිබේ ද? ඔවුන් ද ඒවා ගතයුත්තේ අනිකුත් අය ගන්නා මිලට,එම වෙළඳසැල් වලින්මය.
ඉතා අඩු වැටුප් යටතේ සිය රුධිරය දහදියට හරවමින් විටෙක රජයේ සේවකයාටත් වඩා සිය උපන් බිම වෙනුවෙන් සේවය කරනා පිරිසකි පෞද්ගලික අංශ සේවකයා. ජනපතිතුමනි,ඔවුන් ද ඔබේ රටවැසියන්ය.!
"රජයට පෞද්ගලික අංශයේ වැටුප් නියාමනයට බලපෑම් කල නොහැකිය-ඉල්ලීම් පමණක් කල හැකිය" මෙය පෙර රජයත් වත්මන් මුදල් ඇමතිත් කෙඳිරූ හා කොඳුරන අපබ්‍රංශයයි.
රටක්තුල පවතින එක්තරා ව්‍යුහයකට බලපෑම් කරන්නට ඒ රට කරවන්නට ඒ රට වැසියා බලයදුන් පිරිසටවත් නොහැකි නම් සැබෑ බලවතුන් කවුද?
මුදල් ඇමති ව්‍යාපාරිකයෙක් විය හැකිය.. ඒත් එය වෙනම කරුණකි.
අපි සියළු පෞද්ගලික අංශ සේවකයින්ට එක සමානව වැටුප් වැඩිකිරීමට නියෝග කරන්න යයි ඔබට නොකියමු.එය සුළු පරිමාණ ව්‍යාපාරවලට කල නොහැක. අපි කියන්නේ විශේෂයෙන් 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇති ආයතන පිලිබඳ අවදානය යෙමු කරන ලෙසයි.
එහි දී ද ආයතනයේ සත්‍ය පිරිවැටුම(Turnover) මත(එය අධීක්ෂණය කිරීමට මීට වඩා බලවත් නීති හා රෙගුලාසි අවැසිය)
එහි සේවක වැටුප් සේවක ශ්‍රේණි අනුව ප්‍රතිශතාත්මකව වැඩිකල යුතු ක්‍රමවේදයක් සකසන ලෙසයි.(ඉන්ධන මිල සූත්‍රය/විදුලි සූත්‍රය වැනි)එසේම පිරිවැටුම මත අවම මූලික වැටුපද තීරණය කල යුතුය.(පිරිවැටුම වාර්ෂිකව වෙනස් වේ නම් ඒ සඳහා ද පරාසයක් නියමකල හැක.)
නීති නැති නම් නීති සෑදිය යුත්තේ ඔබලාම නොවේ ද? ඒ සඳහා පරම බලය,ජනතාව ඔබට පැවරූවේ බකංනිලා සිටීමට නම් නොවේ.අපි අපේ අන්තර්ජාල වියදම් පුද්ගලිකව දරමින් දිවා රැ ස්වයං ප්‍රචාරක යාන්ත්‍රන දියත්කලේ "කසන" නිසා නොව වෙනසක් අවැසි නිසාය.
දැනට වඩා රජයේ විගණන අංශ මේ ආයතනවල වත්කම් නියාමනය කලයුතුය.
රටේ ධනය සොරාකෑ පාලකයන් සොයායන ඔබ රජය, පුද්ගලික අංශයේ සේවකයාගේ සාරය උරාගනිමින් ධන උල්පත්වල කිමිදෙන කුවේරයන් පිලිබඳ සොයන්නේ කවදා ද?
එය නම් ශ්‍රී ලාංකික අපිට දවල් හීනයක් ම වනු ඇත.
www.kiripeni.blogspot.com- MW Team

Saturday, January 10, 2015
වෙනස කලෙමු
ජනාධිපතිවරණය අවසන්,නිල ප්‍රතිඵල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගෙන තිබේ.අපේ මත විමසුමද එ් අනුව නිවැරදිය.
ඒ ගැන කතා කර වැඩක් නැත. දැන නව ජනපති දිවුරුම් දී අවසන්ය.ඔහු නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. දෙදෙනාටම සුබ පතමු.!
දැන් තමයි වැඩේ...
දින 100ක ප්‍රතිපත්ති ප්‍රකාශයක්,වැඩ පිලිවෙලක් ඔබ දෙපල ඉදිරියේ ඇත.ඔබට ඡන්දය දුන් ජනතාව එහි ඉස්පිල්ලක් පාපිල්ලක් දක්වා ඉටුකරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටී.ඉන් ස්වල්පයක් හෝ අපගමනය වනවාට ඔවුන් අකමැතිය. අපි ද අකමැතිය...
මන්දයත්?
අපි මතවාදී ලෙස ඔබට හිතවත් වූ ප්‍රචාරන ව්‍යාපාරයක නියැලී සිටි බව මේ කියවන පිරිස හොඳින් දන්නා නිසාය.අපි ඔබේ මතවාදය සුදුසුයයි විශ්වාස කරමු.
නමුත් හිටපු ජනපතිතුමන් ගේ අතිශය අගයකලයුතු ගුණාංග තිබූ බව අපි අදටත් කියමු... යුද්ධය දිනාදුන් සේනාධිනායකයා පරජය වූයේ නැත.සුළු පසු බෑමක් සිදුවුවා පමණි. මෙි රටේ මිනිසුන් ගුණමකු නැත.ඒත් ජනතාව ට වත්මනේ අවශ්‍ය දේ වටහා නොගත් බැවින් එතුමාව ටිකකට විඩානිවීමට තැබුවා වැනිය.
නව ජනපතිතුමනි,
ඔබතුමන් බලයෙන් හිස උදුම්මා නොගනු ඇතැයි ද, තම වගකීම්,ජනතා බලාපොරොත්තු ඉටුකරනු ඇතැයි ද අපි විශ්වාස කරමු.
නැතහොත් රටට මෙපමණ සේවයක් කල මහින්ද මහත්තයාට සිදුවූ දේ දසගුණයකින් ප්‍රවර්ධනය වී ඔබ ඉදිරියට එන බව ඉතා ගෞරවයෙන් සිහිපත් කර තබමු.
"ඔබ රටේ හිමිකරු නොව තවෙකාලික බාරකාරයා පමණි" නිතර සිහිකරන්න.
ඔබට දීර්ඝායු වේවා!!!

Saturday, January 3, 2015
මහින්ද නැති කලෙක අපි?
ජනපතිවරණයට තව ඇත්තේ දින
කිහිපයකි.මහින්ද රාජපක්ෂ මහතාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේවනවිට කරට කර සටනක
නිමග්නවී සිටී. මේ අතර දෙපසටම අතිශයින්ම අප්‍රසන්න අවලං පැනිලි රැසක් ද සිදුවී හා
සිදුවෙමින් තිබේ.
මහජනතාව ප්‍රධාන සාධකය
විය යුතු තැනක ඔහු විපරීතවු මනසකින් යුතුව අන්දුන් කුන්දුන් ව බලාසිටී.
මහින්ද රාජපක්ෂ මහතාට
සහය පලකරන පිරිස් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින පිරිස් විශ්වාස කල
නොහැකි බවත් රටබෙදීමට කටයුතු කරන පිරිසක් බවත් ය. විශේෂයෙන් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට
සහාය පලකරනුයේ සිය ස්වයංපාලන අයිතිය දිනාගැනීමට බවයි.
ඒත්...
මේ ඉහත කී පිරිස මහින්ද
රාජපක්ෂ මහතාට සහාය පලකල සමයේදී සහ තවදුරටත් සහාය පලකලේ නම් හෝ ඔවුන් තවදුරටත්
බෙදුම්වාදීන් නොවිය හැකිය. ඒ අනුව මෙවර නොව කවර වරෙක හෝ මහින්ද රාජපක්ෂ මහතා නමැති
පොදු සාධකය නොමැති නම් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් සිංහල ජන නියෝජිතයන් හා
එක්ව කටයුතු කල නොහැකි නොවේ ද? සහජීවනයක් කවදා ඇති වෙයි ද?කිසි කලෙක මහින්ද
රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ලංකාව නම් රාජ්‍යට පැවැත්මක් නැතිවනු ඇත.
ගැටළුව....
කිසිවකු සදාකාලික නොවීමයි.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුය.
ලාංකික ජනයා දේශපාලනිකව
අවස්තිථියට ලක්ව තිබේ. එනම් දැන් මේ චලනය වන දේශපාලන රටාව වෙනස් කිරීමට හෝ නිශ්චල
වීමට අකමැති වීම හා එයට කැමති වුවත් ඇති කර ඇති බිය නිසා එයට යොමු නොවීමයි.
කවදා කවුරුන් මෙය වෙනස්
කරයි ද? එය කලයුත්තේ පිටස්තර බලයකින් නොවන බව තේරුම්ගන්නේ කවදාද?
මෛත්‍රීපාල සිරිසේන මහතා
ඒ වෙනස කිරීමට පැමිනි ඉටු දෙවියා යයි අපි නොසිතමු,නොකියමු. වරෙක කියන දේ ඊලඟ
මොහොතේ වෙනස් කරන සුළු චරිත ස්වභාවයක් ඇති ඔහු පුද්ගලිකව විශ්වාස තැබිය හැකි අයෙකු
නොවේ.
නමුත්...
ඔහු යම්ලෙසකින්
අත්තනෝමතික ලෙස කටයුතු කරගෙන යනු ලැබුවහොත් ඔහු වටා සිටින විවිධ බලවේග විසින්
යම්තරමිකින් ඔහු බැඳතබනු ඇතැයි දැනට වඩා විශ්වාස කල හැකිය.
අපි දැන් අඳුරු
වනාන්තරයක මායිමට පැමිණ තිබේ පසුපසින් ඇත්තේ නිරුදක කතරකි. කතර පිලිබඳ අපි දනිමු.
වනාන්තරය අඳුරය,නමුත් එහි ජලය හා අහර තිබිය හැක.වගවලසුන්,මරුවැල්,අමනුෂ්‍යන් ද
සිටිය හැකිය. කලයුත්තේ ඉදිරියට පියවරක් තබා බැලීම ද? ආපසු හැරීම ද?
තීරණය ඔබ සතුය...
Saturday, December 27, 2014
ඡන්දෙ දැම්මෙ නැද්ද?
2015 ජනාධිපතිවරණය පාදක කරගනිමින් අපි ආරම්භ කල මත විමසුම අවසන් දින කීපයට පැමින තිබේ. කිසිදු ආකාරයක පක්ෂග්‍රාහීබවක් නොමැතිව 100%ක් ඔබේ නිදහස් මතයම ප්‍රදර්ශනය වන මෙි සඳහා දායක නොවු ඔබේ ගෞරවනීය ප්‍රතිචාරය අපි තවදුරටත් බලාපොරොත්තුවන්නෙමු.
එන්න ජනවාරි 08 වන දාට පෙර සැබෑ ජනමතය කුමක් ද යන්න තක්සේරු කරගන්න ඔබත් දායක වන්න...
www.kiripeni.blogspot.com
එන්න ජනවාරි 08 වන දාට පෙර සැබෑ ජනමතය කුමක් ද යන්න තක්සේරු කරගන්න ඔබත් දායක වන්න...
www.kiripeni.blogspot.com
Saturday, December 6, 2014
මීලඟ ජනපති කවුද?
2015 ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පූර්වගාමීව පැවැත්වෙන විද්‍යුත් මත විමසුම.
"කිරිපැණි" අපි මතවාදී ලෙස කුමන පාර්ශවයක සිටියත් සෑම විටම ඔබේ නිදහස් මතයට ඉඩදුන් බව ඔබ දන්නවා.ඒ අනුව යමින් එළැබෙන ජනපතිවරණයේදී ජය කාට හිමිවේදැයි මත විමසුමකින් සොයාබලන්න අපි හිතුවා.
මුලින්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙපල පිලිබඳ පුංචි ප්‍රත්‍යාවලෝකනයක් කරන්න අපි කල්පනා කලේ ඔබේ මනසේ යටගියාව මඳක් ඔපමට්ටම් කරන්න ඕන නිසයි.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කල මෙහෙවර කොහොම අමතක කරන්න ද? මේ ඒ පිලිබඳ අබින්දක්!
ඒ කුමක් වුවත් වත්මන් ප්‍රවනතා සහ අනාගත ප්‍රතිපත්ති පිලිබඳ අවබෝධයක් ඇති ඔබ ඔබේ නිදහස් මතය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!

- 30 අවුරුදු ශාපලත් යුද්ධය නිමාකරන්නට නොසැලෙන රාජ්‍ය නායක්ත්වය ලබාදීම.
- සිඝ්‍ර සංවර්ධන වැඩපිලිවෙල ඔස්සේ අධිවෙිගී මාර්ග,නව වරාය හා ගුවන්තොටුපොල,දුම්රිය මාර්ග වැනි ඉදිකිරීම් සඳහා කැපවීම.
- මහින්දෝදය විද්‍යාගාර,පරිගණක විද්‍යාගාර ඇති කිරීම.
- නවීන තාක්ෂණය ව්‍යාප්ත කිරීම.
- යුධ ජයග්‍රහණය සඳහා ජනපති වෙහෙසෙද්දී එතුමාට සවියක් වෙමින් එම රජයේ රැඳීසිටීම
- තම අමාත්‍ය සමයේ දී ඔෟෂධ පනත පර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ දැරීම.
- දුම්වැටි පැකට් සදහා 80% ක රූපමය අවවාද යෙදීමට උත්සාහ දැරීම.
- රජරට සංවර්ධන වැඩ සඳහා රාජ්‍ය අවදානය යොමුකරවීම.
ඒ කුමක් වුවත් වත්මන් ප්‍රවනතා සහ අනාගත ප්‍රතිපත්ති පිලිබඳ අවබෝධයක් ඇති ඔබ ඔබේ නිදහස් මතය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!
Saturday, November 22, 2014
අනේ අපේ කලාකරුවෝ
කලාව යනු මිනිසා නම් වු
ජීවියාගේ මනසතුල පමණක් උපදින මනස්කාන්ත මනෝභාවයක් ලෙස සරළව හැඳින්විය හැකිය.එය
මිනිසාට දැනෙන දෙයකි. ඒ දැනිම,සංවේදනය සන්නිවේදනයකරන්නා කලාකරුවා ලෙස අපි
හඳුන්වමු. ඒ මිනිසා අනික් මිනිසුන් අතර උත්තුංග පෞර්ෂයකි.
කවදත් අපේ කලාව,කලාකරුවා
ගැන වන්දනීය මනසකින් කථාකල අපි අද අපේ කලාකරුවන්ගැන කතාකරන්න යන්නේ අතිමහත්
කලකිරීමකිනි.
දේශපාලනය...
වෙන රටක නම් තවත් උත්තම
ප්‍රස්තුතයකි. නමුත් අපේ රටේ ඒ තරම් ගඳගහන මාතෘකාවක් තවත් තිබේ ද?
කලාවත් දේශපාලනයත් අතර
අතීතයේ සිටම සබඳතා තිබුනු බව අපි දනිමු. ඒත් වත්මන තරම් කලාව නම්වු ශුද්ධ අයිතිය
පාවාදුන් යුගයක් අපිට මෙනෙහි කිරීමට අපහසු විය.(අපේ දොසක් විය හැක)
කලාකරුවාට දේශපාලනය
කිරීමට අයිතියක් ඇත.නමුත් එය පෞද්ගලික විය යුතුය.කලාකාර පෞර්ෂය, ප්‍රතිරූපය තුලින්
දේශපාලනය කිරීමට යාම නිර්ලජ්ජිත වැඩකි. දේශපාලනය කිරීම සඳහා ජනතාමනාපය ඉල්ලා එය
කුමන අයුරකට හෝ ලැබී පක්ෂයකට පූරිණ කාලීනව දේශපාලනය කරන කලාකාර දේශපාලකයන්ට අපි
මෙහිදී දොස් නොකියමු. මන්ද ඒ සඳහා කැමැත්තක් සමාජ බහුතරයකින් ලබාගෙන ඇති බැවිනි.
ඒත්..
නිකරුනේ මුදල් කුට්ටියකට
හෝ තනතුරකට,වරදානයකට ගිජුවී තම ආත්මයත් ප්‍රේක්ෂක සමුහයත් තම වෘත්තියත් අමු අමුවේ
පාවාදී මලබෙරිහන් දෙන අජූත කලාකරුවන් ගැන අපි සාතිශයලෙස දුක් වෙමු.!
යුක්තිය,සාධාරණත්වය,යහපාලනය
යන කාරනා ඇස්පනාපිට කඩකරන්නන් වෙනුවෙන් අතට හසුවන ඔනෑම පඩංගුවක් ගෙන කඩේ දුවන එවන්
පුද්ගලයන් ගැන ප්‍රෙක්ෂකයා අවබෝධයෙන් යුතුව බලා සිටිය යුතුය.මන්ද ඔබේ මසැස තුලින්
මනසට එබී යම් යම් විෂබීජ ඒතුල තැන්පත් කිරීමට ඔවුන්ට සහජ කුසලතාවක් ලැබී ඇති
නිසාය.
කලාව නම්වු දේවතාවිය
ජරාජීර්ණ,සල්ලාල දේශපාලක නම්වු රකුසා ඉදිරියේ නිරුවත් කරන මෙවන් අය කලාකරුවන් නොව
කලා දෙවොලේ පඬුරු පෙට්ටිය දෙස ඇසගසා සිටින දෙවොල්කපුවන් වන්නේය.
(සංවාදයට විවෘතයි) www.kiripeni.blogspot.com
Sunday, November 2, 2014
පොඩි ගාණක් හදමු ද?
සෑහෙන කාලයකින් බුද්ධි කලම්භනයක් කරන්න බැරිවුන නිසා ඔන්න අපි පුංචි ගණිත ගැටළුවක් අරන් ආවා.
පහුගිය ඒවට වඩා නං හුඟක් ලේසි වෙයි.
ඕං එහෙනම් බලන්න පුළුවන් ද කියලා.... මේක පොල් ප්‍රශ්නයක්!
පොල් මිල ගැන නෙවි හරි ද?
පහුගිය ඒවට වඩා නං හුඟක් ලේසි වෙයි.
ඕං එහෙනම් බලන්න පුළුවන් ද කියලා.... මේක පොල් ප්‍රශ්නයක්!
පොල් මිල ගැන නෙවි හරි ද?
Wednesday, October 22, 2014
කර්තෘ හිමිකම?
www.kiripeni.blogspot.com
අපගේ මෙම බ්ලොග් අඩවියේ ප්‍රචාරයවන ලිපි ආරම්භයේ සිටම "සිංහල බ්ලොග් කියවනය" නම් වන සින්ඩිකේටරයේ ප්‍රදර්ශනය වූ අතර එමගින් විශාල රසවතුන් පිරිසක් අප වෙත යොමු විය. නමුත් මෑතක සිට එම සින්ඩිකේටරයේ ලිපි පලවුන ද යොමුවක් හෝ අවම වශයෙන් ලිපියේ හිමිකම හෝ ප්‍රදර්ශනය නොවේ.
මේ පිලිබඳව එය පවත්වාගෙනයනුලබන අය(Admin) දැනුවත් කල ද ප්‍රතිචාරයක් නැත!
එහි ප්‍රදර්ශනය වන සියළු ලිපි(අනෙක් අඩවි වල ලිපි ද) හිමිකම් අයිතිය අහිමිකරමින් ප්‍රදර්ශනය වෙමින් තිබේ.
ඉතා ඉහළ වටිනාකමක් ඇති සේවාවක් ඉටුකල මේ සින්ඩියට සිදුවූයේ කුමක් ද? තතු දන්නෝ පැහැදිලි කරත්වා.!

Tuesday, October 7, 2014
එහෙම පුළුවන් ද?
(04/10/2014 සෙනසුරාදා ප්‍රචාරය කල ලිපියේ යාවත්කාලීන කිරීමකි)
අද නිවාඩු නිසා දවල්ට බඩ පිරෙන්න කාලා පොඩි ඇලට් එකක් දැම්මා. ඒක තමයි ඇලට් එක!!!
අද නිවාඩු නිසා දවල්ට බඩ පිරෙන්න කාලා පොඩි ඇලට් එකක් දැම්මා. ඒක තමයි ඇලට් එක!!!
ඔන්න කාලෙකට පස්සෙ ආතගේ
භූත ලෝකෙන් මැසේජ් එකක් ආපි!
මාර වැඩේ... ආතා හිරේ
ලු.
මාත් ඉතින් ඥාති සංගිරහය
දන්න මිනිහා වෙච්චි. අහක බලං ඉන්න ඇහිකියැ.දැම්ම විසිට් එකක් ඒ ලෝකෙට.
වැඩේ කියන්නෙ මං ඒ ලෝකෙට
යද්දි මෙන්න ලෝයර් කෙනෙක් වෙලා. සන්තෝසයි නේ?
මම කෙලිංම කේස් එක
බාරගත්ත..
වැඩේ සීරියස්.
Friday, September 26, 2014
වචනේ "පට්ට"
භාෂා ව්‍යවහාරයේ දි ද්විත්ව
තේරුම් දෙන වචන අප කොතෙකුත් අසා ඇත. ඒත් මේ වචනය තරම් ජනප්‍රිය වචනයක් තවත් නැතැයි
හැඟුන නිසා “පට්ට” ගැන ලින්නට සිතුවෙමු.
“නියමයි” , “මාරයි” යන
වචන දෙකේ උපරිමය දැක්වීමට මෙන්ම එහි සම්පූර්ණ අනික්පස වන “වැඩක් නෑ” , “ෂික්” යන
වචන වල තේරුමද අවස්ථානුකූලව විදහා දැක්වීමට මේ වචනය යොදනු පෙනේ.තවත් බොහෝ
අතිශයෝක්ති අවස්ථා දැක්වීමට කට වහරේ බොහෝ
යෙදේ.
බලමු අවස්ථා ටිකක්...
Sunday, September 21, 2014
අහා!!! බදුල්ල...
2014 ඌව පළාත් සභා මැතිවරණයේ දී දකුණේ සහ බස්නාහිර පළාත්වල බුද්ධිමත් මිනිසුන්ට සමානව හෝ ඊටත් වඩා ඉදිරියට යමින් බල තුලනයට දායකවු විශේෂයෙන් බදුල්ලේ මෙන්ම අනෙක් දිස්ත්‍රික්කය වන මොණරාගල ජනතාවට අපේ උත්තමාචාරය!
සුවිශේෂි ලෙස අති බහුතරයක් ජනතාව ඡන්දය ප්‍රකාශකර තිබීම විශිෂ්ඨ ප්‍රජාතාන්ත්‍රවාදී ලක්ෂණයකි.
විපක්ෂයට ආකර්ෂණීය අපේක්ෂකයන් පැමිණිකල ඡන්දය ප්‍රකාශ නොකීරීමට සිටි පිරිස් පවා ඡන්ද පොලට ගිය බවත් ආණ්ඩුවේ ආකර්ෂණය ක්‍රමයෙන් අවරෝහණය වන බවත් මේ ඡන්දයේදී වඩාත් පැහැදිලිවී ඇත.
ඉහත දැක්වූයේ ඌව ඡන්දයේ සරළම සත්‍ය විග්‍රහය බව මැදහත්ව බලන සබුද්ධික පිරිසට පෙනීයනු ඇත.
නැවතත්, ඌවේ ජනතාවට ස්තූතියි!!!

Sunday, September 14, 2014
MG ට වෙච්චි දෙයක් !!
මව්බිම පුවත්පතේ
07/09/2014 “හදගැස්ම”අතිරේකයේ පළවූ ලිපියක් ඇසුරෙන් සම්පාදිතයි.
මුලින්ම කියන්න ඕන මව්බිම පුවත්පතේ මාධ්‍ය බාවිතාව ගැන
පාඨකයින් ලෙස අපි(මාධ්‍ය ගැන ලොකු දැනුමක් නැතත්) එතරම් තෘප්තිමත් නොවන බව. ඒ අනුව
මෙහි ඉහත දැක්වූ ලිපියේ සඳහන් ප්‍රකාශයන් MG ධනුෂ්ක විසින් ප්‍රකාශ
කලා ද නැති ද යන්න අපි නොදනිමු. ප්‍රකාශකලා යැයි සිතා මේ ලිපිය ලියන්නෙමු.
Subscribe to:
Posts (Atom)