ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08
Showing posts with label බුද්ධි ප්‍රබෝධය. Show all posts
Showing posts with label බුද්ධි ප්‍රබෝධය. Show all posts

Sunday, November 2, 2014

පොඩි ගාණක් හදමු ද?

සෑහෙන කාලයකින් බුද්ධි කලම්භනයක් කරන්න බැරිවුන නිසා ඔන්න අපි පුංචි ගණිත ගැටළුවක් අරන් ආවා.
‍පහුගිය ඒවට වඩා නං හුඟක් ලේසි වෙයි.

ඕං එහෙනම් බලන්න පුළුවන් ද කියලා.... මේක පොල් ප්‍රශ්නයක්!

පොල් මිල ගැන නෙවි හරි ද?

Sunday, January 13, 2013

කුක්කු කූ..කූ..........

ඔන්න යාළුවනේ මේ අවුරුද්දේ හාහා පුරා කියලා ගණිත ගැටළුවක් දෙන්නයි මේ හදන්නේ.බොහෝ දෙනෙක් මේ වැඩේට උනන්දු නිසා අපි ඒ උනන්දුව අඩුවෙන්න කලින් ඔයාලට මේක දෙන්න හිතුවා.මේ ගැටළුව නම් කලින් ඒවාට වඩා ගොඩක් පහසු වේවි.

ඔන්න ඉතින් එක ගෙදරක කුකුල්ලු තුන් දෙනනෙක්(03) හිටිය ලු.

Wednesday, November 14, 2012

කැවුම් කීයද?

කලකට පසුව ඔයාලා හමු‍‍‍වෙන්න ආ‍වෙ රසම රස ගණිත ගැටළුවකුත් අර‍‍ගෙනයි.රසයි කීවෙ ‍කැවුම් ගැන තියන නිසා.
‍‍මේකයි සිද්ධිය:

ඔන්න යාළු‍‍වො ති‍‍‍දෙ‍නෙක් ගමනක් යන්න පිටත්වුනා ලු. A,B,C කියලා හිතමු‍කෝ. හැබැයි ගි‍‍යේ හිස් අතින් ‍නෙ‍වෙයි, කැවුම් මල්ලකුත් අර‍‍ගෙනයි.

Friday, September 28, 2012

වතුර ලීටර් හතරක් මැනලා දෙන්න පුළුවන් ද?

අපිට තවත් ගණිත ගැටළුවක් ලැබුනා.මේක දුන්නෙත් නිමේෂ් කියලා අපේ හිතවතෙක්. බොහෝ දෙනා මේවගේ සීන්වලට එන්ටර් වෙන්න කැමති නිසා අපි හිතුවා ඔයාලත් එක්ක මේ ගැටළුව විසදන්න... එහෙම හොදයි නේ?(අනික ‍හෙට පෝය නිසා ලංකාවෙ අයට නිවාඩුනේ.)මේකයි සීන් එක:

ඔන්න දිය උල්පතක් තිබුනළු, එතන ලීටර් පහේ (05) භාජනයකුයි

Saturday, September 8, 2012

මෙන්න තව එකක්...!

ඔයාලා ගණිත ගැටළුවලට ගොඩක් කැමතියි වගේ දැනුනු නිසා අපි තවත් පුංචි ගැටළුවක් දෙන්න කල්පනා කළා.මේක මල් ප්‍රශ්නයක්!

ඕං එක ලග පන්සල් 03ක් තිබුනළු. ඒ පන්සල් තුනේම පොකුණු 03ක් තිබුනළු. හරිය?

ඉතින් මේ පොකුණුවල මැජික් වතුරළු තිබුනෙ.(පිස්සු කථා නේ) දවසක් මිනිහෙක් ආව ලු මල් දෝතක් අරගෙන පන්සලට.පොකුණෙන් මල් දෝවනය කළා ලු.බොලේ!! මල් ටික ඩබල් වුනාලු.

Thursday, September 6, 2012

පුංචි ගණිත ගැටළුවක්... ලිහලා බලමුද?

මේක අපේ යාළුවෙක් තමා කිව්වේ.ඔයාලත් මේවගේ වැඩවලට කැමති නිසා කියන්න හිතුවා.මේකයි සීන් එක:

ඔන්න එක ගහක අතු දෙකක් තිබුනළු,(ගහටම තිබුනේ අතු දෙක ද කියලා අහන්න එපා.) එයින් උඩ අත්තේ කුරුල්ලො යම් ප්‍රමාණයක් සිටියළු.පහළ අත්තෙත් යම් ප්‍රමාණයක් කුරුල්ලෝ සිටියළු.ඉතින් උඩ අත්තෙන් කුරුල්ලකේ ඇවිත් යට අත්තේ වැහුවොත් අතු දෙකේ සිටින කුරුල්ලන් ගණන සම සම වෙනවාළු, යට එකෙන් කුරුල්ලෙක් උඩ අත්තට ගියොත් යට අත්තේ සිටින කුරුල්ලන් ගණන වගේ දෙගුණයක් උඩ අත්තෙ ඉන්නවා ළු.(මේ අවස්ථාවන් වෙන වෙනම සිදුවේ යයි සිතන්න.)

හරි නේ...

එහෙනම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න අතු වල සිටි කුරුල්ලන් ගණන වෙන වෙනම?

අපැහැදිලි නම් ඒකත් කියන්න ‍හරි ද?

ආ තව දෙයක් කියන්න ඕන අපේ නව කථාව කොහොම හරි ලබන ඉරිදා යාවත්කාලීන කරනවා.අපි ඒ කතාව කියවන අයව අපහසුතාවයට පත්කරනවා නෙවි.කාර්ය්‍ය බහුලතාව නිසා නරවුල් මනසින් ඒක ලියන්න වෙන්නෙ නෑ. ඒ නිසා අනන්මනන් ලියලා සහෘදයින් අමාරුවේ දාන්නත් බෑ නේ...අපි කෙසේවත් කථාව අතර මග නවත්වන්නෙ නම් නෑ.අනිවා!!! දිගටම අපිත් සමග රැදීසිටින්න... ස්තූතියි.

Saturday, March 17, 2012

කෝ ඒ රුපියල.(බස් හුටපටයක් නෙවි)

හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියලු.ඒත් අපිට හමුඋනා උත්තරයක් නැති ප්‍රශ්නයක්??? මේක ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. දන්නා අය ඇති.ඒත් හරි උත්තරයක් දන්න අය ඉන්නවාද දන්නෙ නෑ.අපි උත්තරේ දන්නෙත් නෑ හරිය!
මෙන්න මේකයි පුරස්නෙ.

Thursday, March 1, 2012

බූරු ප්‍රශ්නයක්?

අලුත් මාසයක් ආරම්භ උනා නේද? ඉතින් මා‍සෙ මුලම බුරු මාතෘකාවක් දැම්මා කියලා හිතන්න එපා.මේ මාතෘකාව බූරු උනාට මේක පොඩි ගණිත ගැටලුවක්. අපි කල්පනා කරා බ්ලොග් එකකින් රසවින්දනය වගේම මොළ වින්දනයටත් යමක් දෙන්න ඕන කියලා.රටේ ප්‍රශ්න,කවි,නවකතා,මැජික් ආදි අපි කලින් කතා කල දේවල් ටිකක් එහා මෙහා කරලා මේ ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා ඔයාට අපි ආරාධනා කරනවා!

මේක මේ නස්රුදීන් ගේ කාලේ අවුලක්.