ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, March 1, 2012

බූරු ප්‍රශ්නයක්?

අලුත් මාසයක් ආරම්භ උනා නේද? ඉතින් මා‍සෙ මුලම බුරු මාතෘකාවක් දැම්මා කියලා හිතන්න එපා.මේ මාතෘකාව බූරු උනාට මේක පොඩි ගණිත ගැටලුවක්. අපි කල්පනා කරා බ්ලොග් එකකින් රසවින්දනය වගේම මොළ වින්දනයටත් යමක් දෙන්න ඕන කියලා.රටේ ප්‍රශ්න,කවි,නවකතා,මැජික් ආදි අපි කලින් කතා කල දේවල් ටිකක් එහා මෙහා කරලා මේ ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා ඔයාට අපි ආරාධනා කරනවා!

මේක මේ නස්රුදීන් ගේ කාලේ අවුලක්.
ඒ කාලේ අද වගේ නෙවි බූරුවා කියන්නේ වටිනා ස‍තෙක්.මිනිසුන් ගේ බරපොදි වලට කරගැහුවේ ඌ තමා(දැන් නම් අපි මෙහේ ඉන්න ඔක්කොම බූරුවෝ ජලවන්නාව පැත්තට දක්කලා උන්ගේ බර අපි කරගහනවා නේ..).

හරි මේකයි වැඩේ. දවසක් එක ගොවියෙක් මරණාසන්න වෙලා තම දේපල දරුවො අතර බෙදුවාලු.ඉතින් එයාට බූරුවො 17ක් හිටියලු.ගොවියා උන්ව බෙදන්න කියලා තියන්නේ මෙහෙමයි:

ලොකුපුතාට බූරුවන් ගනනින් 1/2 යි.
මද්දුම පුතාට බූරුවන් ගනනින් 1/3 යි.
බාල පුතාට බූරුවන් ගනනින් 1/9 යි.

ඔන්න නස්රුදීන් තම බූරුව පිටේ නැගලා සුපුරුදු විදියට කඩපලට එන්න පිටත් උනා.එතකොට මගදි අර ළමයි තුන්දෙනා බූරුවො බෙදාගන්න බැරුව හරක් වගේ ගහමරාගන්නවා දැක්කා.නස්රුදීන් ඇවිත් වලිය නවත්තලා කේස් එකට එන්ටර් උනා. ලාස්සනට බූරුවො බෙදලා දීලා ආපු විදියටම කඩේට ගියා.

දන්න අය කියන්න බලන්න කොහොමද ‍බෙදුවේ කියලා.එකෙක්වත් මැරුවේ නැ.! හැබැයි තෑගි නම් දෙන්න විදියක් නැ හොදෙයි.

5 comments:

  1. හරි.. නස් රුදීන්ගේ බූරුවත් දුන්නා කොල්ලන්ට.. එතකොට බූරූවෝ 18 යි.. උන් ව ලේසියෙන් බෙදා ගන්න පුලුවන් නේ .. පුතාලාට... එකෙක් ඉතුරු වෙනවා.. නස් රුදීන් උව අරගෙන අපහු ඒනවා...

    ReplyDelete
  2. Ane manda? kohomada kale kiynawako

    ReplyDelete
  3. ලොකුපුතාට 9
    මද්දුම පුතාට 6
    බාල පුතාට 2
    නස්රුදීන් බූරුව පිටේ නැගලා සුපුරුදු විදියට කඩපලට ගියා.
    Aiyo salli

    ReplyDelete
  4. ස්තුතියි! පිළිතුරු නිවැරදියි,පැහැදිලියි.

    ReplyDelete
  5. වෙලාවට මට ඉස්සෙල්ල ඇනෝ කෙනෙක් උත්තරේ දීල.....:))))

    ReplyDelete