ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Friday, September 26, 2014

වචනේ "පට්ට"



භාෂා ව්‍යවහාරයේ දි ද්විත්ව තේරුම් දෙන වචන අප කොතෙකුත් අසා ඇත. ඒත් මේ වචනය තරම් ජනප්‍රිය වචනයක් තවත් නැතැයි හැඟුන නිසා “පට්ට” ගැන ලින්නට සිතුවෙමු.

“නියමයි” , “මාරයි” යන වචන දෙකේ උපරිමය දැක්වීමට මෙන්ම එහි සම්පූර්ණ අනික්පස වන “වැඩක් නෑ” , “ෂික්” යන වචන වල තේරුමද අවස්ථානුකූලව විදහා දැක්වීමට මේ වචනය යොදනු පෙනේ.තවත් බොහෝ අතිශයෝක්ති අවස්ථා දැක්වීමට  කට වහරේ බොහෝ යෙදේ.

බලමු අවස්ථා ටිකක්...

Sunday, September 21, 2014

අහා!!! බදුල්ල...

2014 ඌව පළාත් සභා මැතිවරණයේ දී දකුණේ සහ බස්නාහිර පළාත්වල බුද්ධිමත් මිනිසුන්ට සමානව හෝ ඊටත් වඩා ඉදිරියට යමින් බල තුලනයට දායකවු විශේෂයෙන් බදුල්ලේ මෙන්ම අනෙක් දිස්ත්‍රික්කය වන මොණරාගල ජනතාවට අපේ උත්තමාචාරය!

සුවිශේෂි ලෙස අති බහුතරයක් ජනතාව ඡන්දය ප්‍රකාශකර තිබීම විශිෂ්ඨ ප්‍රජාතාන්ත්‍රවාදී ලක්ෂණයකි.

විපක්ෂයට ආකර්ෂණීය අපේක්ෂකයන් පැමිණිකල ඡන්දය ප්‍රකාශ නොකීරීමට සිටි පිරිස් පවා ඡන්ද පොලට ගිය බවත් ආණ්ඩුවේ ආකර්ෂණය ක්‍රමයෙන් අවරෝහණය වන බවත් මේ ඡන්දයේදී වඩාත් පැහැදිලිවී ඇත.

ඉහත දැක්වූයේ ඌව ඡන්දයේ සරළම සත්‍ය විග්‍රහය බව මැදහත්ව බලන සබුද්ධික පිරිසට පෙනීයනු ඇත.

නැවතත්, ඌවේ ජනතාවට ස්තූතියි!!!

Sunday, September 14, 2014

MG ට වෙච්චි දෙයක් !!

මව්බිම පුවත්පතේ 07/09/2014 “හදගැස්ම”අතිරේකයේ පළවූ ලිපියක් ඇසුරෙන් සම්පාදිතයි.

මුලින්ම කියන්න ඕන මව්බිම පුවත්පතේ මාධ්‍ය බාවිතාව ගැන පාඨකයින් ලෙස අපි(මාධ්‍ය ගැන ලොකු දැනුමක් නැතත්) එතරම් තෘප්තිමත් නොවන බව. ඒ අනුව මෙහි ඉහත දැක්වූ ලිපියේ සඳහන් ප්‍රකාශයන් MG ධනුෂ්ක විසින් ප්‍රකාශ කලා ද නැති ද යන්න අපි නොදනිමු. ප්‍රකාශකලා යැයි සිතා මේ ලිපිය ලියන්නෙමු.

Saturday, September 13, 2014

ආලයවන් සිතුමිණක් තව ඇත් ද?(නව ගී සංකල්පනා)

පෙම්බර බිරිඳක්... සුපෙම්වත් සැමියෙක්... ඔවුන්ගේ යුග දිවිය කෙබඳු වී ද? ඇය ඔහු ධනවතෙකු නොවන බව දනී... ඒත් ඇය ඔහු වෙත බැඳි පෙම අත් නොහැර ඔහුගේ සෙවනැල්ල යටට ආවාය.

ඔහු ඇයට සිය පණ මෙන් ආදරය කරයි... නමුත් සැප පහසුව සලසන්න වත්කම් නැත. සිත තැවෙයි..

ඇය ඒ සැප පහසුවට වඩා ඔහු හා විසීම සුවයක් සේ දැක තවත් ඔහුට සමීපවෙන්නීය. ඔහුගේ සිත තවත් ආදරයෙන් පිරෙයි. ඇය සුදු වැලි පාරක ඔහු සමඟ ඇවිද යයි. ඔහු මෙ‍ාහොතක් නවතී, ඇයට පිටුපසින් සිට ඇය පියවර තබන දෙස බලා සිටී...



පිණිකැට වැටිලා - සුදු වැලි කැටමත 
ඔබෙ නිරුවත් පා - සිඹියි සිඹියි

Monday, September 8, 2014

මෙන්න අනාවැකි....

අද (08/09/2014) දින හිරු අභිවන්දනා වැඩසටහන නැරඹු පිරිසට අපූරු අනාවැකි කීපයක් අසන්නට දකින්නට ලැබිනි. ඒවා සැබවින්ම අපූරුය!

නොදන්න අයට දැනගන්න ලියන්න හිතුවා.
බලන්න මේ අනාවැකි කොපමණ ප්‍රමාණයක් සත්‍ය වෙයි ද කියලා.
 
අපි නම් කියන්නේ මේ එකක්වත් සැබෑවෙන්න එපා කියලා(ජ්‍යෝතිෂකරු අමාරුවෙ දාන්න නෙවි)මොකද මේ සියල්ල ව්‍යසනයන් ගැන නිසා.හැබැයි වැඩසටහනට ආපු විද්‍යකුලපති මහතා නම් කියන්නේ මේවා අනාවැකි නෙවෙයි කියලා.

Sunday, September 7, 2014

මුරණ්ඩු හිත...(නව ගී සංකල්පනා)

ඇය ඔහු දෙසම බලාසිටියාය... ඔහු සමීපයේම පසුවිය. ඔහු ඇය දුටුවාද? ඇය දුටුව ද නොදුටු සේ සිටින්නට ඔහුගේ සිත ඔහු පොලඹවාලීය....

‍ඇය ඔහු සෙවූ ඈ ම නොවූ නිසා ද?

ඇය නොයෙක් ඉංගත පෑවාය. නමුත් ඔහු දැඩිව අන් යමක් සෙව්වේය... එය හමු වුණි ද? නැත....

ඇය ද සෙමෙන් ඔහුගෙන් දුරස්විය.

දැන් ඔහු නෙත් පිස දා තම නේත්‍රමානයේ සොයාබලයි. ඇය නැත!

මුරණ්ඩු සිත දැන් කියන්නේ කුමක් ද? සොයන්නේ කුමක් ද?


නෙතු අද්දර සිටිය කිරිල්ලී
දුටුවේ නෑ ගියා ඉගිල්ලි
නෙත් සෙව්වේ රන් මී මැස්සී
දැන් නං සිත ලෝබ දැනෙයි පුංචි කිරිල්ලී



නිතර නිතර දුටුව නිසා ඔබෙ රුව අරුමයක් නොවුනදෝ
නිතර නිතර ඇසුන නිසා ඔබෙ හඬ මිහිරක් නොවුනාදෝ
හතර වටින් සිටි මිතුරන් හින්දා ඔබ මගහැරුනා දෝ
වටින්ගොඩින් පාළු දැනෙන හින්දා දැන් ඔබ සිහිවී දෝ


නෙතු අද්දර...


අතර පතර සැරින් සැරේ ඔබ මා හට ඉඟි පැවාදෝ
අසුර ර‍ජෙක් විලසින් මා ඔබහට පිටු පෑවාදෝ
විසිර ගිහින් සියළු පැතුම් මා හද හිරි වැටිලා දෝ
ආදර සිත දොතට ගෙන කිරිල්ලියේ ආයෙත් ඔබ එනවා දෝ


නෙතු අද්දර...

ගී සංකල්පනාව: සම්පත් වීරතුංග ආරච්චි
විමසීම්:udan.sampath@gmail.com