ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, September 14, 2014

MG ට වෙච්චි දෙයක් !!

මව්බිම පුවත්පතේ 07/09/2014 “හදගැස්ම”අතිරේකයේ පළවූ ලිපියක් ඇසුරෙන් සම්පාදිතයි.

මුලින්ම කියන්න ඕන මව්බිම පුවත්පතේ මාධ්‍ය බාවිතාව ගැන පාඨකයින් ලෙස අපි(මාධ්‍ය ගැන ලොකු දැනුමක් නැතත්) එතරම් තෘප්තිමත් නොවන බව. ඒ අනුව මෙහි ඉහත දැක්වූ ලිපියේ සඳහන් ප්‍රකාශයන් MG ධනුෂ්ක විසින් ප්‍රකාශ කලා ද නැති ද යන්න අපි නොදනිමු. ප්‍රකාශකලා යැයි සිතා මේ ලිපිය ලියන්නෙමු.


MG ධනුෂ්ක ගේ අතිමහත් ජයග්‍රහණයේ දී ඔහුට සුබ පැතූ පිරිසක් ලෙස මෙසේ අපි ඔහු ගැන තව දුරටත් කථාකරමු.(රටේ වෙන මාතෘකා  ඇතත්)

MG ධනුෂ්ක පසුගිය දා එප්පාවල සංගීත සංදර්ශනයකට සහබාගී වන බව පවසා පසුව ඊට සහබාගී නොවීමෙන් කුපිතවූ ප්‍රේක්ෂකයන් වේදිකාව කඩාබිඳ දමා තිබේ. MG පවසන්නේ තමා පැමිණි රථයේ දෝෂයක් නිසා එයට යාමට නොහැකි වූ බවයි.තව ද සිය රියදුරාගේ මෙන්ම තමාගේ ද දුරකථන ක්‍රියා විරහිතවු බවයි. ඉතා සුළු සම්බාවිතාවක් ඇති සිද්දි පෙලක් වුවත් සිදුවූයේ එය නම් පිලිගත යුතුය.

එකිනෙකට බෙහෝ දුරින් වු ප්‍රදේශවල එකම දින ප්‍රසංග බාර ගැනීම ගැන ඔහු සිතිය යුතුය.(රසික ඉල්ලිම කුමක් වුවත් යන්නේ තමා බැවින්) පසුව ඔහු අලාභයෙන් කොටසක් ගෙවීමට එකඟ වී ඇත. එය අගය කල යුතුය.

ඔහු පවසන පරිදි නැවත නිට්ටඹුවේ දී ද එවැනි අතපසු වීමක් සිදු වී ඇත. එහි දී පසුව එම ස්ථානයට ගිය විට ප්‍රෙක්ෂකයින් ඔහුගේ කමීසයෙන් ඇද පහර දීමට උත්සාහ ගෙන ඇත. තමන් MG sms මනාප ලබාදුන් බවත් දැන් තමන්ට මෙසේ සැලකීම නිවැරදි දැයි “බජාර් බාසාවෙන්” විමසූ බවත් MG ධනුෂ්ක කියයි. තමන් දැන් ඇතමුන්ගේ කටගැස්ම බවට පත්ව ඇති බවත් ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ ආදරයේ තරම තමන් වටහාගෙන ඇති බවත් MG  පවසන්නේ කණගාටුවෙන් බව පෙනී යයි.

ඔබ අපි තේරුම් ගත යුත්තක් ඇති බව මෙහි දි අපි කිව යුතුය. ඒ MG ධනුෂ්ක යනු මනුෂ්‍යයෙකු බවයි.එකවර ඇතීවු අසාමාන්‍ය කාර්ය්‍යබහුල බව දරාගැනීමට ඔහුට දැන් නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ.තවද අපි ඔබ sms ලබා දී ඔහු ඔසවා තැබූ පලියට ඔහුව වහලකු කරගැනීමට අයිතියක් නැත. ඔහු කියන පරිදි සිය දිවිගමන මෙන්ම, අප දුටු පරිදි ආරම්භයේ සිටම ඔහුගේ සංගීත දිවිය ද බොහෝ කෙණහිලි කම් මැද ගෙනයාමට MG ට සිදුව තිබේ.ඔහු ඉන් පන්නරය ලබන බව ද පෙනේ. අපි ඔහුට කාලය ලබාදිය යුතුය.

ලංකාව වැනි කුඩා රටකට මේ ජාතියේ කලාකරුවන් බිහිවන්නේ කලාතුරකිනි. ඔවුන් දිරි දී රැකගැනුම ප්‍රේක්ෂක අපේත් වගකීමකි.  

 MG ද දැන් කලයුත්තක් ඇත. ඒ සිය පීඩනය අඩුකරගැනීමට සියළු ප්‍රසංග අතහැර සතියක් පමණ (සිය දරුපවුල සමග )විවේක ගැනීමයි. නැතිනම් ව්‍යකූලවු මනසින් ලබාදෙන වචන පෑන් තුඩුවලින් ඔපවැටී ප්‍රේක්ෂක හදවත් පසා කරනු ලැබිය හැකිය. ඒවා නැවත සැකසීම උගහටය.

(MG ගේ හිතවතෙක් හො මේ ලිපිය දුටුවොත් මෙහි කරුණු ඔහුට වටහා දෙන්න)

1 comment: