ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, July 26, 2014

M.G සහෝදරයාටත් චන්දිමා සහෝදරියටත් උණුසුම් සභ පැතුම්!

පසුගිය දා නිමාවුනු දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ සිහින තරුව බවට කිරුළු පැලැන්දේ අඹිළිපිටියේ සිට පැමිණි එම්.ජී. ධනුෂ්ක බව මුළු රටම නොව ලෙවම දන්නා කරුණකි. එසේ නම් මේ දැන් පමා වී සුබ පතන්නේ  කුමණ කරුණක් නිසා ද? අපිට සිහින තරු,සුපිරි තරු ගැන අපූරු ඉතිහාසයක් තිබෙන නිසාය.බොහෝ සුපිරි තරු බිහිවු පසු මුලින් කළ කී දේ උඩුයටිකුරු කරණ ඉතිහාසයක් අපිට තිබේ.එසේ හෙයින් ධනුෂ්ක සම්බන්ධයෙන් ද අපිට සාධාරණ සැකයක් ස්වල්ප ලෙස හෝ තිබීම සුබ පැතුම් තැබීමට පමා කීරීමට අපිට සිත් ඇති කලේය.

නමුත් දැන් යම් කාලයක් ගතවී ඇත. ධනුෂ්ක සම්බන්ධ තොරතුරු සහ ඔහුගේ අදහස් තරඟයට පෙර සහ පසු අතර විශාල විචලනයක් නොවී තිබීම ඔහුට අපගේ හද පිරි සුභාශිංෂන පිරිණමන්නට හේතු කාරණා සපයයි. තම අගහිඟකම් පලිහක් නොකර ආශිර්වාදයක් කොටගත් මේ සුන්දර තරුණයා ගේ සුවිශිෂ්ඨ ජයග්‍රහණය සැබෑලෙසම සියළු ශ්‍රී ලාංකික සංගීත රසිකයන්ගේ අමන්දානන්දයට හේතු විය. හදවත රත්තරන් ජෝති,එම්.එස්,රූකාන්ත වැනි ජනාදර චරිත අතරට එක්වු එකම රියැලටි තරුව බවට එම්.ජි පත්ව තිබේ.

ඉතින් සහෝදරයා ඔබේ ගායනයට,රංගනයට සේම ‍ඔබේ සුපසන් අදහස් හා අවංක පෙනුමට ආකර්ෂණය වු ප්‍රේක්ෂක සමුහයා මුලා නොකොට,ඔවුන් ගේ නොමද ආදරයත් රැකගෙන ඉදිරිට යන්නැයි අපි සුභ පතමු.

තවත් යමක් නොකියාම බැරිය, බොහේ කලාකරුවන් කලා සේ පවුල් සංස්ථාව අවුල් නොකරගන්නටත්,දේශපාලන පක්ෂ වල ඉත්තකු නොවන්නටත් ඔබට හැකි විය යුතුය. මන්ද අද ප්‍රේක්ෂකයා වඩා සංවේදී හා බුද්ධිමත් පිරිසක් වන බැවිනි.

*******************************
දැන් බලමු මේ චන්දිමා කවුද කියලා. ඊයේ(25/07/2014) සිරස ලක්ෂපති බලපු අය නම් ඇය කවුදැයි දන්නවා ඇති.

ඇය උත්සාහවන්ත තිදරු මවක්. මේ වන විට රු.මිලියනයක් දිනා මිලියන දෙක අබිමුව සිටින්නියක්. තමන් උසස්පෙළ ලියන්නට සිටි අවදියේ වැලඳුන අසාමාන්‍ය රෝගයක් නිසා සාර්ථකව එය කරගත නොහැකි වීම ගැන පසු තැවෙමින් අනාගත දිනක තම දියනිය සමග ඒ කඩ ඉමට මුහුණ දෙන්නට වෙර දරන්නියක්

නමුත් ඇය දැන් බුද්ධිය, දැනුම තිබෙන්නේ සහතික පත්‍රයක නොව තම සිත තුල බවත් අධ්‍යාපනය යනු හුදෙක් උපාධියක් පමණක් නොවන බවත් ලොවටම හෙලිකොට ඇත.

ලබන සිකුරාදා (01/08/2014) ඇය සජීව ලෙසින් තරඟයේ අවසන් පැනයට මුහුණ දෙනු ඇති. අපි ඇයට සුභ පතමු.!

*****************************
මෙවන් තරඟ සංවිධානය කරමින් සැඟවුනු දක්ෂයින් කළඑළි බස්සන දෙරණ මාධ්‍ය ජාලයටත් සිරස මාධ්‍ය ජාලයටත් අපි ස්තූතිවන්ත වෙමු.

Saturday, July 5, 2014

වතුසුදු

ටිකකාලෙකින් මොකුත් ලියන්න බැරිවුනා.ලියන්න බොහෝ දේ රටේ නම් සිදුවුනා.ඒත් ඒ දේවල් පිළිබඳ කතාකිරීමත් බොහොම අප්‍රසන්න නිසා අපි අපේ අත්වලට අපිම විලංගු දාගත්තා.

අපි ප්‍රසන්න ‍දෙයක් කතා කරමු!

"මල්"

මල් කිව්වහම ඉතින් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මූණු මල් වගේ පිරිලා ඉහේ මලක් පිපිච්ච ගානට එනව නේ.
ඒත් අපි කියන්නෙ ෆෝන් එකෙන් කඩන ඒ මල් ගැන නෙවෙයි.ගස්වල හැදෙන සුවඳ හමන සැබෑ මල් ගැන.

ඇත්තටම මල් හැදෙන්නෙ මොකටද?

5 වසරෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි නේ?!

මල් තමයි සපුෂ්ප ශාඛවල අනාගත පැවැත්ම තීරණය කරන්නෙ,නේද? ඒකියන්නෙ මල්පරාගණය වෙලා හැදෙන ඵල තමයි ඒ ඒ ශාඛවල මීලඟ පරම්පරාව බිහි කරන්නෙ. ඒක තමයි සරළව ගත්තොත් මලකින් ගසකට ඇති ප්‍රයෝජනය.

ඒත්...

එම ප්‍රයෝජනය නොදෙන මල් ද ගස් විසින් ලොවට තිළිණ කරනවා. කවුරුත් දන්න "වතුසුදු" මල් කිසිම දිනක ඵල දරණව ද? එසේනම් ගසට ඉන් ඇති ප්‍රයෝජනය කුමක් ද? සුවඳක් ද නැති මේ මල කුමණ කරුණක් උදෙසා පිපෙන්නේ ද? බෞද්ධයා බුදු පුදට ගැනීම වෙනුවෙන් යොදා නොගන්නට මේ මලින් ගසේ ප්‍රචාරණයට සෙතක් වේ ද? බෞද්ධයින් නැති ලොවක ගසේ පැවැත්ම තහවුරු කරන්නෝ කවුරුන් ද?

නමුත් වතුසුදු ගස ලොවට එක් ආදර්ශයක් දෙයි, එනම් තමාට පලක් නොවුන ද මිනිස් පිරිසකට විපුල ඵල ද කෘමි සතුන්ට අහර ද සපයන දෙයක් තව දුරටත් සිය ශක්තිය වැය කරමින් දරා සිටීමයි. වතුසුදු ඇත්තටම පින්වත් ශාඛයකි.

ඔබේ අදහස කුමක් ද?